ආමි එකේ හිටියොත් කොයි වෙලාවක හරි මැරුම් කන්න වෙනවා
දූනගහ සුජී සහ බඩල්ගම සමන් කුඩා කල සිටම ගජ මිතුරන්
බණ්ඩාරය දගලනවා වැඩියි. ඌව අයින් කරලා දාන්න ඕනෙ.
මීට වසර 22 කට උඩදී එනම් 1998 වර්ෂය වන විට උතුරේ යුද්ධය ඉතාම දරුණු තත්ත්වයක පැවතුණේය. යුද්ධයෙන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් මෙන්ම යුද හමුදාවේ සෙබළුන්ද ඒ වන විට දහස් ගණනක් මියගොස් සිටියහ.
නගර්කෝවිල් ප‍්‍රදේශයේ එක්තරා හමුදා කදවුරක රාජකාරි කරමින් සිටි බාලසිංහ පේඩිගේ සමන් ඒ වන විට සිටියේ දැඩි වික්ෂිප්ත භාවයකින්ය. හමුදා සේවය ගැන දැඩි කලකිරීමට පත්ව සිටි සමන් ඉන් පලායෑමට සැලසුම් සකස් කරගෙන සිටියේය.
‘ආමි එකේ හිටියොත් කොයි වෙලාවක හරි මැරුම් කන්න වෙනවා ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට පැන ගන්න ඕනෙ. දූනගහ සුජිත් එක්ක එකතු වෙලා මොනව හරි වැඩක් කරලා ජීවත් වෙන්න පුළුවන්.’
බාලසිංහ පේඩිගේ සමන් හමුදාවෙන් පලායෑමට සැලසුම් කරමින් සිටියේ හිස් අතින් නොවන බව කිසිවකුත් දැන සිටියේ නැත. තම රාජකාරි ගිනි අවිය හොර රහසේ රැගෙන යෑමට සමන් සියලූ සැලසුම් සකස් කරගෙන සිටියේය.
බාලසිංහ පේඩිගේ සමන් උපන්නේ දිවුලපිටිය බඩල්ගම ප‍්‍රදේශයේය. ආර්ථික දුෂ්කරතා නිසාම සමන් යුද හමුදා සේවයට එක් වුණේය. ඒ 1996 වර්ෂයේදීය. හමුදා පුහුණුව නිවැරදිව ග‍්‍රහණය කරගත් සමන් අති දක්‍ෂ වෙඩික්කරුවකු බවට පත්වුණේය.
හමුදා සේවයට එක්වී වසර දෙකක් ගතවන්නට මත්තෙන් සමන්ට එය අතිශය නීරස වෘත්තියක් බවට පත්විය.
සමන්ගේ සමීපතම මිතුරා වූයේ දූනගහ සුජීය. දූනගහ සුජී යනු නමගිය පාතාල අපරාධකාරයෙකි. දූනගහ සහ බඩල්ගම ග‍්‍රාමයන් පිහිටා තිබෙන්නේ එකිනෙකට ආසන්නයේය. දූනගහ සුජී සහ බඩල්ගම සමන් කුඩා කල සිටම ගජ මිතුරන්ය. හමුදා සේවයෙන් ඉවත් වී තම පාතාල කල්ලිය සමග එක්වන ලෙස සුජී නිතර නිතරම සමන්ට කීවේය.
‘උඹ ආමි එකේ හිටියොත් නිකම්ම මැරෙන්න වෙනවා. අපිට එකට එකතු වුණොත් හො`ද ගමනක් යන්න පුළුවන්. ඒ නිසා උඹ මගේ ළ`ගට වරෙන්. අපිට හො`ද ගේම් දෙක තුනක් දුන්නොත් කෙටි කාලෙකින් ලොකු සල්ලිකාරයෝ වෙන්න පුළුවන්.’
දූනගහ සුජී කියූ සියලූ දේ සමන්ගේ සිතේ නිතර දෝංකාර දෙන්නට විය. හමුදා සේවය අතහැර උපන් ගමට එන්නට සමන් සැලසුම් කරන්නේ ඉන් පසුවය. 1998 වර්ෂයේ එක්තරා දිනක සමන් ටී 56 ගිනි අවියද සොරාගෙන හොර රහසේම බඩල්ගමට පලා ආවේය.
එතැන් පටන් සමන් තම කල්‍යාණ මිත‍්‍රයා වූ දූනගහ සුජී සමග එක්ව පාතාල අපරාධ චාරිකාවට අත්පොත් තබන්නට පටන් ගත්තේය.
බොරලූ පස් කපා විකිණීම මිනුවන්ගොඩ, දිවුලපිටිය, බඩල්ගම, ගම්පහ ඇතුළු ප‍්‍රදේශ ගණනාවක ප‍්‍රධානම පෙළේ ජාවාරමක් බවට පත්ව තිබුණේය. මේ ව්‍යාපාරයට අතගැසූ ව්‍යාපාරිකයන් ඉතාම කෙටි කාලයකින් කෝටිපතියන් බවට පත්ව සිටියහ.
මේ ව්‍යාපාරය හරහා ගලා එන අති විශාල ධනස්කන්ධය නිසාම ඒ වෙනුවෙන් මිනීමරා ගන්නා පිරිසක්ද බිහිවී සිටියහ.
දූනගහ සුජී ද බොරලූ කපා විකිණීමේ ජාවාරම ජයටම කරගෙන ගියේ තම පාතාල බලය ද පාවිච්චි කරගෙනය. තම කල්‍යාණ මිතුරා වූ සමන් ද පාතාල කල්ලියට සම්බන්ධ කර ගැනීමට හැකිවීම දූනගහ සුජීට විශාල හයියක් විය.
බණ්ඩාර දිවුලපිටිය ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු ලෙස ප‍්‍රසිද්ධියට පත්ව සිටියේය. පස් ව්‍යාපාරය ජයටම කරගෙන ගිය බණ්ඩාර ඉතාම කෙටි කාලයකින් කෝටිපති ව්‍යාපාරිකයකු බවට පත්ව සිටියේය.
දූනගහ සුජී සහ බණ්ඩාර අතර නිතර නිතර ආරවුල් ඇති වෙමින් තිබුණේ මේ පස් ව්‍යාපාරය මුල් කරගෙනය. දූනගහ සුජී අවස්ථා කීපයකදීම බණ්ඩාරගෙන් කප්පම් මුදල් ඉල්ලා සිටියද ඔහු එය දැඩිව ප‍්‍රතික්ෂේප කළේය.
‘බණ්ඩාරය ද`ගලනවා වැඩියි. ඌව අයින් කරලා දාන්න ඕනෙ. එහෙම කළොත් උගේ බිස්නස් ටිකක් අපේ අතට ගන්න පුළුවන්. උඹ මේ වැඬේ භාරගෙන කරලා දීපං.’
දූනගහ සුජී තම කල්‍යාණ මිතුරා වූ සමන්ට කීවේය. ඒ වන විට සමන් දූනගහ සුජීගේ සමීපතම සගයා බවට පත්ව සිටියේය. කවුරුත් සමන්ට කතා කළේ ‘ආමි සමන්ත’ කියාය.
බාලසිංහ පේඩිගේ සමන් ආමි සමන්ත ලෙස පාතාල ලෝකයේ භෞතිස්ම ලබන්නේ ඉන් පසුවය.
දූනගහ සුජීගේ නියෝගය අකුරටම ක‍්‍රියාත්මක කිරීමට ආමි සමන්ත සැලසුමක් සකස් කළේය.
‘ආමි එකෙන් පැනලා එනකොට අරගෙන ආව ටී 56 වෙපන් එක තියනවා. ඒකෙන් වැඩක් ගත්තෙත් නැහැ. මං මේ වැඬේට ඒක පාවිච්චි කරන්නම්’ ආමි සමන්ත තම පාතාල සගයාට කීවේය.
බණ්ඩාර සිය මෝටර් රථයෙන් යද්දී ඒ පසුපස යතුරුපැදියකින් පන්නාගෙන ගිය ආමි සමන්ත සහ දූනගහ සුජීගේ ගෝලයකු දිවුලපිටිය ප‍්‍රදේශයේදී ඔහුට වෙඩි ප‍්‍රහාර එල්ල කළේය.
ප‍්‍රහාරයෙන් බණ්ඩාර බරපතළ තුවාල ලැබුවේය. බණ්ඩාරට වෙඩි තැබූ සිද්ධිය පිළිබ`දව විමර්ශන පැවැත්වූ දිවුලපිටිය පොලිසිය ආමි සමන්ත අත්අඩංගුවට ගත්තේය. එහෙත් මේ ප‍්‍රහාරය ස`දහා පාවිච්චි කළ යුද හමුදාවෙන් සොරාගත් ටී 56 සොයා ගැනීමට පොලිසිය සමත් වුණේ නැත.
ආමි සමන්ත බන්ධනාගාරගත කෙරිණි. ඒ වන විට වෙනත් අපරාධයක් සම්බන්ධයෙන් දූනගහ සුජීද මීගමුව බන්ධනාගාරයේ ර`දවා සිටියේය. ආමි සමන්ත ර`දවනු ලැබුවේ ද මීගමුව බන්ධනාගාරයේමය.
බන්ධනාගාරය යනු අපරාධකාරයන් එකිනෙකා මුණගස්වා ඔවුන් මිතුරන් කරන මධ්‍යස්ථානයක්ය. තවද අපරාධකාරයන් අපරාධ උපාධිය ලබා ගන්නා විශ්වවිද්‍යාලයක් වන්නේද බන්ධනාගාරයයි.
ඒ වන විට මාක`දුරේ මධුෂ්් නමැති පාතාල මැරයාද මීගමුව බන්ධනාගාරයේ ර`දවා සිටියේය. ලීසිං මධ්‍යස්ථාන කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි මධුෂ්ට මාස කීපයක් තිස්සේ මීගමුව බන්ධනාගාරයේ ලගින්නට සිදුව තිබුණේය.
මේ කාල සීමාව වන විට මාකඳුරේ මධුෂ් නමැත්තා මහා කෙළිකාරයකුව සිටියේ නැත. නිකම්ම නිකං පාතාල මැරයකු ලෙස කූප‍්‍රකටව සිටි මධුෂ් බන්ධනාගාරයෙන් පිටවී යන දින එළඹෙනතුරු ඇ`ගිලි ගනිමින් සිටියේය.
ඒ වන විට දූනගහ සුජී සහ මාකඳුරේ මධුෂ් සමීප මිතුරන් බවට පත්ව සිටියේය. දිනක් දූනගහ සුජී තම සමීපතම පාතාල සගයා වූ ආමි සමන්ත මාකඳුරේ මධුෂ්ට හඳුන්වා දුන්නේය.
‘සමන්තය තමයි මට තියෙන ලොකුම හයිය. ඌ ඕනෙම දේකට ලෑස්තියි. හිත හොඳ එකා. දිවුලපිටියේ පස්කාරයකුට ගහලා ආවෙ. ඉස්සරහට අපේ වැඩවලට සමන්තයව සම්බන්ධ කරගන්න පුළුවන්.’
දූනගහ සුජී මාකඳුරේ මධුෂ්ට ආමි සමන්තව හඳුන්වා දෙමින් කීවේය. මාකඳුරේ මධුෂ් සහ ආමි සමන්ත අතර දැඩි මිත‍්‍රත්වයක් ගොඩනැෙ`ගන්නට ඒ තරම් කාලයක් ගතවුණේ නැත.
‘අපි එකතුවෙලා වැඩ කරමු. අපිට හොඳ ගමනක් යන්න පුළුවන්. උඹගෙ ඕනෙම කරදරේකදී මම ඉන්නවා. ඒ නිසා කිසි දේකට බය වෙන්න එපා...’ මාකඳුරේ මධුෂ් ආමි සමන්තගේ දෑත් දැඩිව ග‍්‍රහණය කර ගනිමින් කීවේය.
‘මධුෂ් අයියා මට මේ හිරගෙවල්වල ලැගලා ඉඳලා පුරුද්දක් නැහැ. මම කොයි වෙලාවක හරි මේකෙන් පනිනවා. අපි එළියෙදී හම්බුවෙමු. මධුෂ් අයියා එළියට ආව ගමන් මට කතා කරන්න, මම ඕනෙම දේකට ලෑස්තියි....’
ආමි සමන්ත මාකඳුරේ මධුෂ්ට කීවේය. ඒ කී ආකාරයෙන්ම ආමි සමන්ත ක‍්‍රියාකර තිබුණේය. අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුවකට රැගෙන යද්දී ආමි සමන්ත ඉතාම සූක්‍ෂ්ම ලෙස පලාගොස් තිබුණේය. දෑතේ දමා තිබූ විලංගුව අතරට එස්ලෝන් බටයක් දමා එහි අගුල් විවෘත කර ගැනීමේ මනා හැකියාවක් ආමි සමන්ත සතුවිය.
වරක් දෙවරක් නොව මොහු තුන් වරක්ම බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස් තිබුණේ විලංගුවලට එස්ලෝන් බටයක් දමා එය විවෘත කර ගැනීමෙන් පසුවය.
හිරෙන් පලා ආ ආමි සමන්ත නැවතත් බඩල්ගම සැරිසරන්නට පටන් ගත්තේය. ඒ වන විට දූනගහ සුජී ද බන්ධනාගාරයෙන් නිදහස්වී උපන් ගමට පැමිණ සිටියේය.
දූනගහ සුජී මෙහෙයවූ පාතාල කල්ලිය සමග සම්බන්ධ වූ ආමි සමන්ත විවිධ කොල්ලකෑම්, කප්පම් ගැනීම්, හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාධවල නිරත වෙමින් මුදල් උපයන්නට පටන් ගත්තේය.
මේ අතර මාකඳුරේ මධුෂ් ද බන්ධනාගාරයෙන් නිදහස් වී දකුණු පළාතට ගොස් සිටියේය. බන්ධනාගාරයේදී ඇතිකර ගත් මිතුදම අලූත් කරමින් ආමි සමන්ත මාකඳුරේ මධුෂ් මුණගැසුණේය. ආමි සමන්ත මධුෂ් සම`ගද සමීපව කටයුතු කරන්නට පටන් ගත්තේය.
මාකඳුරේ මධුෂ් ඩුබායි රාජ්‍යයට පලා යෑමෙන් පසු ආමි සමන්ත නැවතත් උපන් ගමට පැමිණ සුපුරුදු අපරාධවල නිරතවන්නට විය.
සෙනෙවිරත්න බණ්ඩාරගේ නිලන්ත චම්පික දිවුලපිටිය ප‍්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකි. බොරලූ පස් කපා විකිණීමේ ව්‍යාපාරය ජයටම කරගෙන ගිය නිලන්ත හිතහොඳ පුද්ගලයකු ලෙස ප‍්‍රදේශයේ කා අතරත් ප‍්‍රසිද්ධව සිටියේය.
ඕනෑම පුද්ගලයකුගේ දුකේදී පිහිටවීමට ඉදිරිපත් වන නිලන්ත ගමේ අවම`ගුලක් සිදුවූවොත් එහි බර කරට ගෙන කටයුතු කළේය.
නිලන්ත දෙදදරු පියෙකි. දරුවන් වෙනුවෙන් දවසේ වැඩි කාලයක් කැප කළේ ඔවුන්ට තිබූ ආදරය, සෙනහස නිසාමය.
ක‍්‍රිෂාන්ත දිවුලපිටියේ බොරලූ පස් විකිණීමේ ව්‍යාපාරය කරගෙන ගිය තවත් ව්‍යාපාරිකයෙකි. ක‍්‍රිෂාන්ත නිලන්තගේ ද සමීප මිතුරෙකි.
ක‍්‍රිෂාන්ත තම මිතුරා වන නිලන්ත සමඟ එක්ව දිවුලපිටිය ප‍්‍රදේශයේ වැලිමංකඩක් පවත්වාගෙන යෑමට කතිකා කරගත්තේය.
ක‍්‍රිෂාන්ත පාතාලය සමග සබඳතා පවත්වගෙන යමින් පාතාලයට පෙම් බැඳි චරිතයකි. දූනගහ සුජී සමග සමීප සබඳතා පවත්වාගෙන ගිය ක‍්‍රිෂාන්ත මැර බලයෙන් ඇතැම් ව්‍යාපාර කරගෙන ගියේය.
වැලිමංකඩ පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය අනුමැතිය මෙන්ම සියලූ නීතිමය කටයුතු සම්පූර්ණ කර ගත් නිලන්ත වැඩ ආරම්භ කරන්නේ වැඩි දවසක් යන්නට මත්තෙන් විශාල ලාභයක් ඉපයීමේ පරමාර්ථයෙන්ය.
එහෙත් වැලිමංකඩ වැඩි දවසක් කරගෙන යන්නට අවස්ථාව නොලැබෙන කරුණු කාරණා උදා වන්නට පටන් ගත්තේය. ඊට හේතු වූයේ ක‍්‍රිෂාන්තගේ නොයෙකුත් යෝජනාවන්ය.
‘නිලන්ත අපි මේ වැඬේට දූනගහ සුජීවත් සම්බන්ධ කරගන්න ඕනෙ. අපේ ඕනෙම දේකට සුජී ඉන්නවනෙ. අනික අපට කාගෙන්වත් බලපෑමක් එන්නෙත් නෑ සුජීව සම්බන්ධ කරගත්තාම.
ක‍්‍රිෂාන්ත ගෙන ආ යෝජනාවට නිලන්ත එක පයින්ම විරුද්ධ වුණේය.
‘උඹට පිස්සුද මේ කොහෙවත් නැති පාතාල කාරයො මේවට ගාව ගන්න. මේ ව්‍යාපාරය පටන් ගත්තේ අපි දෙන්නා. ඒ නිසා මේක අපි කරගෙන යමු. පාතාලය මේකට ළංකර ගන්න එපා. එහෙම වෙනවනම් අපි මේක නතර කරලා දාමු....’
දැඩි ලෙස කෝපයට පත්වී සිටි නිලන්ත වැලි ව්‍යාපාරය සඳහා දූනගහ සුජී සමීප කරගැනීම ප‍්‍රතික්ෂේප කළේය.
මේ ප‍්‍රශ්නය නිලන්ත ක‍්‍රිෂාන්ත හවුල් ව්‍යාපාරයට තදින් බලපෑවේය. දෙදෙනා අතර පැවැති සමීප මිතුදමද පලූදුවන කරුණු කාරණා සිදුවන්නට පටන් ගත්තේය. ක‍්‍රිෂාන්ත තම සමීප මිතුරා වූ දූනගහ සුජී හමුවී මේ ගැන කීවේය. ඒ වන විට සුජී සිටියේ මීගමුව බන්ධනාගාරයේය.
‘නිලන්තය කොහොමටවත් කැමැති නැහැ උඹව මේ බිස්නස් එකට හවුල් කරගන්න. මං යෝජනා කළා මාසෙකට උඹට ගාණක් දෙමු කියලා. ඌ ඒකටත් කැමැති නැහැ...’
ක‍්‍රිෂාන්ත කියූ දෙයින් දූනගහ සුජී දැඩි ලෙස කෝපයට පත්වුණේය. තම නියෝගවලට විරුද්ධ වන ඕනෑම පුද්ගලයකු විනාශ කර දැමීම දූනගහ සුජීගේ සිරිතකි. මිනුවන්ගොඩ දිවුලපිටිය ගම්පහ ප‍්‍රදේශ ගණනාවක පස් ව්‍යාපාරිකයන් විශාල පිරිසක් දූනගහ සුජී අතින් මැරුම් කෑවේ මේ පස් ව්‍යාපාරය නිසා ඇතිවූ ආරවුල් මතය.
‘හොඳයි මම මගේ එකෙක්ව ඌ ළ`ගට යවලා බලන්නම් මොකද කියන්නෙ කියලා. එහෙම වුණොත් අපි ඊළ`ගට ගන්න ඕනෙ පියවර ගමු...’
දූනගහ සුජී තම සමීපතම සගයා වූ ක‍්‍රිෂාන්තට කීවේය. 2016 වර්ෂයේ මාර්තු මාසයේ එක්තරා දිනක නිලන්ත දිවුලපිටිය මඩම්පැල්ල ප‍්‍රදේශයේ තම ව්‍යාපාරික ස්ථානයේ සිටියදී යතුරුපැදියක නැ`ගුණු පුද්ගලයන් දෙදෙනකු එහි ආහ. යතුරුපැදියේ පැමිණි පුද්ගලයන් හඳුනාගන්නට නිලන්තට ඒ තරම් කාලයක් ගතවුණේ නැත.
යතුරුපැදියෙන් පැමිණ සිටියේ දූනගහ සුජීගේ පාතාල කල්ලියේ සගයන් දෙදෙනෙකි. යතුරුපැදියෙන් බැසගත් එක් තරුණයකු නිලන්ත දෙස එක එල්ලේම බලා සිටියේය. නිලන්ත මේ තරුණයන් දෙදෙනා තඹයකට මායිම් කළේ නැත.
‘අපිව එව්වේ දූනගහ සුජී අයියා. සුජී අයියා උඹට දවස් දෙක තුනක් ටෙලිෆෝන් එකෙන් කතා කරලා තියෙනවා. ඒත් උඹ කතා කළේ නැහැ කිව්වා.’
තරුණයා නිලන්තට සමීප වන ගමන් කීවෙය.
‘හරි හරි උඹ ආව කාරණේ කියපංකො, අපි ඒක ගැන බලාගමුකො.’
නිලන්ත ඇ`ගට පතට නොදැනෙන්න කීවේය.
‘උඹලා අලූතෙන් වැලිපොළක් පටන් ගත්තා. පස් බිස්නස් එකත් ජයට කරගෙන යනවා. සුජී අයියා කිව්වා එයාට මාසෙකට ලක්‍ෂ දහය ගානෙ ඕනෙ කියලා. එහෙම නොවුණොත් කරදර වෙන්න වෙයි කිව්වා.’
තරුණයා දූනගහ සුජීගේ පණිවුඩය නිලන්තට කීවේය. එය ඇසීමෙන් නිලන්තට යක්‍ෂාරූඪ වුණේය.
‘කවුද යකෝ සුජී කියන්නෙ. උඹලට ඌ ලොකු මිනිහෙක් වුණාට මට ඌ ලොකු නැහැ. අනුන්ගෙන් කකා ඉන්න කාලකණ්ණියෙක්. ඌට කියපන් මම එක ශත පහක් දෙන්නෙ නැහැ කියලා. උඹලා ගිහින් ඌට කියපන් පුළුවන්නම් මගෙන් කප්පම් ගන්න කියලා.’
නිලන්ත කෝපයෙන් කෑගසමින් බැණ වැදුනේය. ඒ කෑගැසීම ඇසුණු අසල්වාසීන් පවා එහි රැස්වූහ. නිලන්තගේ තර්ජනයට දූනගහ සුජීගේ ගෝලයන්ද කලබලයට පත්වූහ. පාතාල සගයන් හිස් අතින්ම ආපසු ගියේ අනපේක්‍ෂිතව එල්ල වූ තර්ජනයෙන් දැඩි ලෙස භීතියට පත්වය.
‘ඔය පාතාලෙ කියලා ඉන්න උන් ලොකු කරගන්නෙ අපේ වුන්මයි. මම නම් එක ශත පහක් ඕකුන්ට දෙන්නෙ නැහැ. උන් ඉල්ලන ඉල්ලන ගණන් දීලා පුරුදු වුණාම හැම එකාම එනවා සල්ලි ගන්න.’
නිලන්ත දැඩි ස්වරයෙන් කීවේය. දූනගහ සුජීගේ ගෝලයන් ඒ මොහොතේම මීගමුව බන්ධනාගාරය වෙත දුරකථන ඇමතුමක් ලබා ගත්හ.
සුජී අයියා අපි නිලන්තයව හම්බ වෙන්න ගියා. ඌ අපිව ශත පහකට ගණන් ගත්තෙ නැහැ. සුජී අයියටත් හොඳටම බැන්නා. පුළුවන්නම් කප්පම් අරගෙන පෙන්නපං කිව්වා. අහල පහල මිනිස්සුත් අහගෙන හිටියා, අපිට ඌ දැම්ම පාර්ට් එක...’
දූනගහ සුජීගේ ගෝලයන් සිදුවූ සියල්ල සවිස්තරාත්මකව කීවේය.
තම පාතාල සගයන් කියූ දෙයින් දූනගහ සුජී දැඩි ලෙස කෝපයට පත්වුණේය. කෝපයට වඩා ඔහුගේ සිතේ තිබුණේ ලැජ්ජාවකි. නිලන්තගෙන් පලිගන්නා ආකාරය පිළිබඳව දූනගහ සුජී දස අතේ කල්පනා කරන්න පටන් ගතතේය.
‘වැඩි දවසක් යන්න ඉස්සර මූව ඉවර කරලා දාන්න ඕනෙ. එතකොට අනිත් උන් පාඩමක් ඉගෙන ගන්නවා. එහෙම නොවුණොත් අපිට ජීවත් වෙන්න වෙන්නෙ නැහැ.’
දූනගහ සුජී තම ගෝලයන්ට කීවේය. එදිනම ඔහු තම සමීපතම සගයා වූ ආමි සමන්තට දුරකථනයෙන් කතා කළේය.
‘අර නිලන්ත කියන එකා ද`ගලනවා වැඩියි. ඌව අයින් කරලා දාන්න ඕනෙ. ක‍්‍රිෂාන්තත් එක්ක එකතු වෙලා ප්ලෑන් එකක් ගහපං. ඕන කරන හැම දෙයක්ම මම දෙන්නම්. දවස් හතර පහක් යන්න ඉස්සර වැඬේ වෙන ක‍්‍රමයක් ගැන මට කියපං....’
දූනගහ සුජී ආමි සමන්තට කොන්ත‍්‍රාත්තුව භාර කළේය.
ඒ වන විට නිලන්ත අලූතෙන් ආරම්භ කළ වැලිමංකඩ වසා දැමීමට කටයුතු කර තිබුණේය. වැලිමංකඩ වසා දැමීම පිළිබඳව කි‍්‍රෂාන්ත පවා දැන සිටියේ නැත.
‘උඹ කොහොමද වැලිමංකඩ නතර කළේ. ඒක අපි දෙන්න හවුලෙ පටන් ගත්ත බිස්නස් එකක්.’
ක‍්‍රිශාන්ත තම මිතුරා වූ නිලන්තගෙන් විමසුවේය.
‘මේ පාතාලෙ උන්ව ගාවගෙන බිස්නස් කරන්න බැහැ. උඹට ඕනෙනම් තනියම ඕක කරපං. මම ඕවට හවුල් වෙන්නෙ නැහැ.’
නිලන්ත තම මිතුරා වූ ක‍්‍රිෂාන්තට මේ ගැන කීවේ දැඩි ස්වරයකින්ය. වැලිමංකඩ වසා දැමීම තම ආදායමට එල්ල වූ මරු පහරක් බව තේරුම් ගන්නට ක‍්‍රිෂාන්තට එතරම් කාලයක් ගතවුණේ නැත. නිලන්තගෙන් පලිගැනීමට අවස්ථාව එළඹෙනතුරු ක‍්‍රිෂාන්තද සිටියේ ඇ`ගිලි ගනිමින්ය.
කරන්දෙණියේ සුද්දා දූනගහ සුජිත්ගේ මෙන්ම ආමි සමන්තගේද සමීපතම මිතුරෙකි. 2016 වර්ෂයේ පෙබරවාරි මාසයේ එක්තරා දිනකදී කරන්දෙණියේ සුද්දා බලපිටිය අධිකරණය ඉදිරිපිටදී පාතාල කෙරුම්කාරයන් දෙදෙනකු වෙඩිි තබා ඝාතනය කරන්නේ මහ දවල් දෙනෝදාහක් දෙනා බලා සිටියදීය.
කනත්තආරච්චිගේ පියරත්න සහ රජිත යන පාතාල සාමාජිකයන් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කළ කරන්දෙණියේ සුද්දා පොලිසියෙන් බේරී දිවුලපිටියට පැන ගත්තේය.
කරන්දෙණියේ සුද්දා සැ`ගව සිටියේ ආමි සමන්තගේ නිවසේය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දුන්නේ දූනගහ සුජීය.
‘සුද්දා මගේ වැඩක් තියෙනවා. ඒකටත් උදව් කරපං. ආමි සමන්තට මම වැඬේ භාරදීලා තියෙන්නේ. අපේ ගමේ නිලන්ත කියලා එකෙක් ඉන්නවා. ඌ ද`ගලනවා වැඩියි. හැම විස්තරයක්ම ආමි සමන්ත උඹට කියයි. ඒ වැඬේට අපිට සපෝර්ට් කරපං’ දූනගහ සුජී තම සමීප මිතුරකු වන කරන්දෙණියේ සුුද්දාට දුරකථනයෙන් කතා කර නිලන්ත පරලොව යැවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස උපදෙස් දුන්නේය.
කරන්දෙණියේ සුද්දා ආමි සමන්ත සහ ක‍්‍රිෂාන්ත එක්ව නිලන්ත ඝාතනය කිරීම සඳහා සැලසුමක් සකස් කරන්නට වූහ.
‘නිලන්තයා හැමදාම උගේ ළමයි දෙන්නා අරගෙන ඉස්කෝලෙට එනවා. ඒ වෙලාව තමයි ගහන්න හොඳම වෙලාව.’
ක‍්‍රිෂාන්ත යෝජනා කළේය. ‘ළමයි එක්ක ඉන්න වෙලාවට ගහන එක හරි නැහැ. ඌ ළමයි ඉස්කෝලෙ දාලා එනකොට අපි ඇටෑක් කරමු.’
කරන්දෙණියේ සුද්දා කළ යෝජනාවට ආමි සමන්ත සහ ක‍්‍රිෂාන්ත කැමැත්ත පළ කළහ. ප‍්‍රහාරය සඳහා අවශ්‍ය කරන ගිනි අවිය කරන්දෙණියේ සුද්දා දකුණේ පාතාලයෙන් ගෙන ආවේය.
ප‍්‍රහාරය සඳහා ආමි සමන්තට අයත් යතුරුපැදිය පාවිච්චි කිරීමට සැලසුම් කළේය.
‘ මට මේ වැඬේට බහින්න බැහැ. මොකද මම පොලිසියෙන් බේරි බේරි හැංගිලා ඉන්නේ. ඒ නිසා උඹලා දෙන්නා මේ වැඬේ කරපල්ලා. සයිඞ් සපෝර්ට් එක මම දෙන්නම්....’
කරන්දෙණියේ සුද්දා ආමි සමන්තට කීවේය. නිලන්තට වෙඩි තබා ඝාතනය කිරීමේ කාර්ය ක‍්‍රිෂාන්ත භාර ගත්තේය.
‘ ඕකා මට කනට ගැහුවා වගේ වැඩක් කළේ. මම ඔය වැලිමංකඩ ගන්න කොච්චර මහන්සි වුණාද? මූ එක දවසෙන් ඒක වැස්සුවා. මගේ ආදායම් බිංදුවටම බැහැල තියෙන්නේ. ඕක පරලොව යවනකල් මට නින්ද යන්නෙ නැහැ. ඒ නිසා ඕකට වෙඩි තියන්නෙ මම.’
ක‍්‍රිෂාන්ත කීවේ දැඩි කෝපයෙන් යුතුවය. ප‍්‍රහාරය සඳහා යතුරුපැදිය පැදවීමේ කාර්යය ආමි සමන්ත භාර ගත්තේය.
2016 වර්ෂයේ මාර්තු මස 04 වැනිදා නිලන්ත ඝාතනය කිරීමට දින වෙන්කර ගත්තේය.
එදින උදෑසන ආමි සමන්ත සහ ක‍්‍රිෂාන්ත යතුරුපැදියේ නැගී මඩම්පැල්ල ප‍්‍රදේශයට ආවේ නිලන්ත තම දරුවන් පාසලට රැගෙන යන වේලාව අනුමාන කරමින්ය.
යතුරුපැදිය මීගමුව මීරිගම මාර්ගයේ මඩම්පැල්ල ප‍්‍රදේශය හරහා වේගයෙන් ඉදිරියට ධාවනය වුණේය. ඒ වන විට නිලන්ත තම දරුවා පාසලට ඇරලවා ආපසු නිවස බලා යතුරුපැදියෙන් එමින් සිටියේය.
‘අන්න අන්න නිලන්තය එනවා. ඌ එන ස්පීඞ් එකට ගහන්න අමාරුයි.’
ප‍්‍රධාන පාර ඔස්සේ යතුරුපැදියෙන් එන නිලන්ත දුටු ක‍්‍රිෂාන්ත කෑගැසුවේය. ඒ සමගම නිලන්ත ගමන්ගත් යතුරුපැදිය පසුකර ගියේය. මුහුණු ආවරණ හිස්වැසුම් පැළඳ සිටි නිසා නිලන්ත ක‍්‍රිෂාන්තව හෝ ආමි සමන්තව හඳුනා ගත්තේ නැත.
‘බයික් එක හරව ගනින්. අපි ඌව ෆලෝ කරමු. ගෙවල් පැත්තට බයික් එක හැරෙව්වොත් අල්ලන්න අමාරුයි.’
ක‍්‍රිෂාන්ත කීවේය. යතුරුපැදිය මනාව හැසිරවීමේ හැකියාව ඇති ආමි සමන්ත ඒ සැණෙකින් එය හරවාගෙන නිලන්ත ලූහුබඳින්න වූහ. තමා පසුපස යතුරුපැදියක් පන්නාගෙන එන බව තේරුම් ගත් නිසාදෝ නිලන්ත තම යතුරුපැදියේ වේගය තව තවත් වැඩි කළේය. එහෙත් ආමි සමන්ත පැදවූ යතුරුපැදිය පරාජය කිරීමට නිලන්තට හැකි වුණේ නැත.
වේගයෙන් ධාවනය වූ සමන්ත සහ ක‍්‍රිෂාන්ත රැගත් යතුරුපැදිය නිලන්ත ආසන්නයට ළ`ගා වුණේය. ඒ සැණින් ධාවනය වන යතුරුපැදියේ නැගී සිටි ක‍්‍රිෂාන්ත නිලන්ත ඉලක්ක කර පිට පිට වෙඩි ප‍්‍රහාර කීපයක් එල්ල කළේය.
වෙඩි ප‍්‍රහාරයට ලක්වූ නිලන්ත යතුරුපැදියෙන් බිමට ඇද වැටී මරුවිකලයෙන් ද`ගලන්න වුණේය.
‘ ඕක නතර කරපං මම ළ`ගටම ගිහින් මූට දෙකක් ගහන්න ඕන. ඕකා මට කරපු වැඬේට මෙහෙම කරලත් මදි මට...’
ක‍්‍රිෂාන්ත කෑගැසුවේය. ආමි සමන්ත යතුරුපැදිය බිම වැතිර ද`ගලන නිලන්ත ආසන්නයට ධාවනය කළේය. සැණෙකින් යතුරුපැදියෙන් බැසගත් ක‍්‍රිෂාන්ත නිලන්ත අසලට දිවගොස් ඔහුගේ හිස ප‍්‍රදේශයට තවත් වෙඩි ප‍්‍රහාර කිහිපයක් එල්ල කළේ ඔහු සදාකාලික අවසන් ගමන් යවමින්ය.
තම ඉලක්කය සපුරාගත් ආමි සමන්ත සහ ක‍්‍රිෂාන්ත යතුරුපැදියේ නැගී මීරිගම මීගමුව ප‍්‍රධාන මාර්ගය ඔස්සේ නොපෙනී ගියහ.
නිලන්ත ඝාතනය කළ පුවත ඇසීමෙන් දූනගහ සුජී පස්වනක් ප‍්‍රීතියෙන් පිනා ගියේය.
මම දන්නවනේ ආමි සමන්තයට වැඩක් භාර දුන්නොත් ඌ ඒක හරියටම කරනවා කියලා. ඒකනෙ ඌ මට ඉන්න ලොකුම ශක්තිය කියලා කියන්නේ...’
දූනගහ සුජී තම පාතාල සගයන්ට දුරකථනයෙන් කතා කර ස්තුති කළේය.
පොලිස් ත‍්‍රස්ත විමර්ශන ඒකකය නිලන්ත ඝාතනයේ සැකකරුවන් සොයා විමර්ශන පවත්වන්න වූහ. වැඩි දවසක් යන්නට මත්තෙන් ක‍්‍රි‍්‍රෂාන්ත පොලිස් අත්අඩංගුවට පත් වුණේය.
එහෙත් ආමි සමන්ත අත්අඩංගුවට ගන්නට පොලිසියට හැකි වුණේ නැත. ඝාතනය සඳහා යොදාගත් ආමි සමන්තගේ යතුරුපැදියද පොලිසිය සොයා ගත්තේය.
ආමි සමන්තගේ යතුරුපැදිය වෙනුවට අලූතෙන් යතුරුපැදියක් ඔහුට ලබාදීමට දූනගහ සුජී කටයුතු කර තිබුණේය.
මිනුවන්ගොඩ දිවුලපිටිය, ගම්පහ, බඩල්ගම, කොටදෙණියාව ප‍්‍රදේශ කේන්ද්‍ර කරගෙන ක‍්‍රියාත්මක වන පාතාල අපරාධ මර්දනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි අවධානය යොමුව තිබුණේය.
විශේෂ කාර්ය බළකායේ නව අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පොලිස් අධිකාරි රත්තපිටිය, සහකාර පොලිස් අධිකාරි කේසර යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මේ ප‍්‍රදේශ පුරා පුළුල් මෙහෙයුමක් ක‍්‍රියාත්මක කෙරිණි. විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් දිවා රාත‍්‍රි පුරා කළ සූක්‍ෂ්ම මෙහෙයුමකින් පසු ආමි සමන්ත අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ ඔහුගේ බඩල්ගම පිහිටි නිවසේදීමය.
ආමි සමන්තගෙන් ප‍්‍රශ්න කිරීම් හමුවේ සියලූ තොරතුරු හෙළිවන්නට වුණේය. බණ්ඩාර සහ නිලන්ත ඝාතනයේ සියලූ තොරතුරු කරළියට ආවේය. තුන් වරක් බන්ධනාගාරයෙන් පලාගිය ආකාරය ආමි සමන්ත හෙළි කළේය.
‘‘සර්ලා මට මාංචු දාලා තිබුණාට එක තත්පර ගණනකින් මේ මාංචු ගලවගන්න පුළුවන්.’’
ආමි සමන්ත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඉදිරියේ ඉතාම සූක්‍ෂ්මව මාංචු ගලවා ගන්නා ආකාරය පෙන්නුවේය.
මිනිස් ජීවිතයක වටිනාකම නොදන්නා මෙවැනි පාපතරයන් තවදුරටත් සමාජයේ සිටිය යුතුද යන්න සිතා බැලීමට කාලය එළඹ ඇත. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම්වරයාව සිටි සමයේ මේ පාතාල මැරයන්ට අමතක නොවන පාඩම් ඉගැන්නුවේය.
එවකට ක‍්‍රියාත්මක වූ පාතාල මර්දන මෙහෙයුම් නිසා ඇතැම් පාතාල මැරයෝ රට හැර ගියහ. තවත් පාතාල මැරයන් පිරිසක් සියලූ අපරාධවලින් ඉවත් වී රහසිගතව ජීවත් වන්නට උත්සාහ කළහ.
එවැනි පාතාල මර්දනයක් නැවතත් ක‍්‍රියාත්මක කළ යුතුය යන්න නීතිගරුක පුරවැසියන්ගේ එකම ප‍්‍රාර්ථනය බව නිසැකය.
හේමන්ත රන්දුණු