Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

විල්පත්තුව සුද්ද කරනවා වගේ වැඩක් මේක
ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක අවශ්‍යතාව මොකක්ද?
ජාත්‍යන්තර ක්‍රීඩා පිටියයි, කෝමාරිකා
වගාවයි අතර තිබෙන සම්බන්ධය කුමක්ද?


විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ (රක්ෂිත සීමාවේ) අක්කර සියයකට අධික ප්‍රදේශයක මහා පරිමාණයෙන් කෝමාරිකා වගා කිරීම සඳහා ඩෝසර් යොදාගෙන පරිසර හානියක් සිදු කෙරෙන බව අනාවරණය වනවා.

පෞද්ගලික සමාගමක පූර්ණ අනුග්‍රහය යටතේ මෙම කටයුත්ත සිදු කෙරෙන බවද අනාවරණය වී තිබෙනවා.අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගණය, යාය 18 ප්‍රදේශය මුල් කරගනිමින් දිවයින පුරාම අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම පෞද්ගලික සමාගම විසින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ සූදානමක් ද පවතින බවද අනාවරණය වනවා.

මෙම මහා පරිමාණ කෝමාරිකා ව්‍යාපෘතිය සඳහා අදාළ පෞද්ගලික සමාගම විසින් පරිසර ඇගයීම් වාර්තාවක් ද සකස් කර නැතැයි වාර්තා වනවා.

මේ පිළිබඳ රාජාංගණය ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන්ගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ සඳහන් කළා.

‘‘මේ භූමි ප්‍රදේශයේ තිබෙන්නේ බලපත්‍ර ඉඩම්. මෙම ඉඩම්වල පසුගිය කාලයේදී ගොවීන් හේන් ගොවිතැන් කරනවා. අදාළ සමාගමේ උදව් ඇතිව ගොවීන් කෝමාරිකා වගා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ගොවීන් මගෙන් ඉල්ලීමක් කළා. මම ඊට අදාළ අංශ දැනුවත් කිරීමට කටයුතු කළා. විල්පත්තුව ජාතික වනෝද්‍යානය සීමාවේ සිට කිලෝමීටරයක් පමණ දුරින් මේ ඉඩම් පිහිටා තිබෙන්නේ අදාළ සමාගම විසින් ගොවීන්ට දන්වා තිබෙනවා මෙම වගා ව්‍යාපෘතියත් සමග ජල ටැංකි, මාර්ග පද්ධති සහ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් සකස් කර දෙන බව. යාය 18 ප්‍රදේශයේ අක්කර 100 කට වැඩි භූමි ප්‍රදේශයක කෝමාරිකා වගාව සිදු කිරීමට භූමිය සකස් කෙරෙනවා.”

අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රයේ පරිසරවේදී ජනක විතානගේ පවසන්නේ මෙවැනි අදහසකි.

“දැනට එළිපෙහෙළි කර තිබෙන අක්කර සියයක් කියන්නේ විශාල භූමි ප්‍රදේශයක්. විල්පතතුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ (රක්ෂිත සීමාවේ) මෙවැනි පාරිසරික තත්ත්වයන්ට බලපාන යම් ව්‍යාපෘතියක් සිදු කරනවා නම් පාරිසරික ඇගයීම් වාර්තාවක් සකස් කළ යුතුයි. විල්පත්තුව සුද්ද කරනවා වගේ වැඩක් මේක. මේ කටයුතු කෙරෙන්නේ මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගෙන නෙවෙයි. මේක කරන්නේ කාගේ වුවමනාවටද, කාගේ බලයටද කියන ප්‍රශ්නය තියෙනවා. රාජාංගණයට ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක අවශ්‍යතාව මොකක්ද? ජාත්‍යන්තර ක්‍රීඩා පිටියයි, කෝමාරිකා වගාවයි අතර තිබෙන සම්බන්ධය කුමක්ද? මේ ව්‍යාපෘතියේ යටි අරමුණක් තිබෙනවා. උඩින් පෙන්වන ව්‍යාපෘතිය නෙවෙයි පසුව සිදු කරන්නේ. අවසානයේ සිදුවන්නේ විල්පත්තුව ප්‍රේරණ කලාපයේ ඉඩම් ටිකක් නැති වීමයි. මේ කටයුතුවලදී රාජ්‍ය අංශයේ නිසි අවසරයක් නැතිව දේශපාලන හයියකින් මේ වැඩේ කරන්නේ.”

මේ පිළිබඳ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් සී. සූරියබණ්ඩාරගෙන් සිදු කළ විමසීමකදී කියා සිටියේ අදාළ කෝමාරිකා වගා ව්‍යාපෘතිය පිළිබඳ වහාම සොයා බැලීමට කටයුතු කරන බවයි.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook