Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ඒ ගායකයාත් එක්ක ඉදිරියේදී මට 
ආදරය කළා වගේ ආදරය කරලා ජීවත්වේවි
ඒ වීඩියෝ එක හින්දා මිනිස්සු මට කතා කරා

වොල්ගා කල්පනී ගැන මේ දිනවල හරියට කතාබහ වෙනවා’ ඒ ඇයගේ වීඩියෝවක් හින්දා’ ඇත්තටම මේ වීඩියෝව මොකක්ද?’ ඒ ඉන්නේ පෙම්වතාද?’

වොල්ගා දික්කසාද වෙලාද?’ ගොඩක් දෙනෙකුට තිබුණ ප‍්‍රශ්නවලට උත්තර මේ කතාව ඇතුළේ තියෙනවා’ කියවලා බලන්න වොල්ගා සහ බිනෝෂ් පීරිස් කියන කතාව’

වොල්ගා කොහොමද ඉතිං ?

බොහොම සතුටින් සෑහෙන නිදහසේ ආසා කරන වැඩ ටිකක් කරගෙන පාඩුවේ ඉන්නවා. පසුගිය අවුරුද්ද වුණත් මගේ රංගන ජීවිතය පැත්තෙන් සෑහෙන වාසනාවන්ත වුණා. මොකද එකවිට නාට්‍ය පහක් විතර විකාශනය වුණා. එ් චරිතත් එකිනෙකාට වෙනස් චරිත. විශේෂයෙන් මම ආසා කරන අධ්‍යක්‍ෂවරු යටතේ වැඩ කරන්න ලැබුණා. එ් නිසා පසුගිය කාලය බොහොම සුන්දරයි.

2020 පෙම්වතුන්ගේ දිනය වොල්ගාට සුවිශේෂී අවුරුද්දක් නේද?

මම හිතන්නේ 2020 කියන්නේ සුවිශේෂී අවුරුද්දක්. මම හැමදාම හිතන්නේ මේ තමා මගේ හොඳම දවස කියලා. මේ තමා මගේ හොඳම අවුරුද්ද කියලා හිතපු කෙනෙක්. ඔව්. මට 2020 සුවිශේෂයි. නැත්තේ නැහැ.

පෙම්වතුන්ගේ දිනය සුවිශේෂ වෙන්න විශේෂ හේතුවක් තියෙනවා නේද?

පෙම්වතුන්ගේ දිනය සුවිශේෂයි කියන්නේ මෙවර මීවිත මුල් පිටුවේ ඉන්න මම කැමැතිම කෙනාත් එක්ක. ජීවිතයේ සෑහෙන දේවල් මම වෙනුවෙන් ඉවසන කෙනා තමයි ඒඉන්නේ. ඒක ඇත්තටම සතුටක්. මොකද වෙනදාට මම කවර් පේජ් කරන්නේ, රඟපාන්නේ නළු නිළියෝ එක්ක. ඉතිං එ්ක තමයි ඇත්ත.

වොල්ගා දැන් පෙම්වතියක් ?

ඔව්. මම පෙම්වතියක්.

පෙම්වතා ගායකයෙක් නේද?

මම ඒ ගැන කියනවා වඩා ගොඩක් දෙනෙක් ඒ ගැන දන්නවා. මම විශේෂයෙන් මේ ගැන කතා කරන්න කැමැති ඉදිරියේදී. ඉදිරියේදී මගේ ජීවිතයට සුවිශේෂී දෙයක් එනවා. එදාට ඒ සියල්ල මම කතා කරන්න කැමැතියි.

ඒ කියන්නේ ළඟදීම විවාහ වෙනවා කියන එකද?
එහෙම කියන්නත් බැහැ. ජීවිතයේ ලොකු වෙනසක් ළඟදීම වෙනවා. එ් වෙනසත් එක්ක පෙම්වතා කවුද මොකක්ද මේ ගැන කියන්න තියෙන්නේ මේ ඇත්තද මිනිස්සු කියන්නේ කියලා මම ඇත්තටම කියන්න කැමැතියි.

ඔය කියන සුවිශේෂී කාරණාව ඔච්චර අගය කරන්නේ ඇයි ?

මම හිතන්නේ ජීවිතයේ කාලයක් ගියාට පස්සෙනේ අගය කරනම දේවල් හම්බවෙන්නේ. ඉතිං මම හිතන්නේ මේ කාරණාවත් අගය කළයුතු දෙයක්. පේ‍්‍රක්‍ෂකයෝ දන්නවා මම හැමදාම ඇත්ත කිව්ව කෙනෙක් කියලා. ඉතිං ජීවිතයේ හොඳම දේවල් ප‍්‍රකාශ කරන්න ඕනෑ ඒ සුවිශේෂී වෙලාවල්වල කියලා මම අහලා තියෙනවා. එ් නිසා මම කියන්නේ එච්චර කල් ගන්නෙත් නැහැ, ළඟදීම ඒ කාරණාව කියනවා. බොහොම ළඟයි.

වොල්ගාගේ ජීවිතයේ අලූත් පිටුවක් පෙරළෙනවා ?

මගේ ජීවිතය ගැන කෙලින්ම කතා කළොත් අතිශයින්ම නරක කාලයක් තමයි පසු ගිය කාලයේ ගෙවුණේ. ඒ කියන්නේ මගේ පෞද්ගලික ජීවිතය පැත්තෙන් ගත්තොත් මට විතරක් නෙමෙයි ඒ තත්ත්වය බලපෑවේ. මේ ලෝකේට මාව බිහිකරපු දෙමව්පියන් පවා සෑහෙන අපහසුතාවයට පත් කළා. ඇත්තටම පසුගිය කාලයේ මගේ දෙමව්පියන්ට සහ මට සෑහෙන අපහසු කරපු කාලයක්. මම සාමාන්‍යයේ පසුගිය දේවල් කතා කරන්නේ නැති චරිතයක්. නමුත් පසුගිය කාලයේ ජීවිතයේ සිද්ධ වෙන්න ඕනෑ නැති දේවල් සිද්ධවෙච්ච කාලයක්.

දැන් නරක කාලය ගෙවිලා ගියා. හොඳ කාලයද එන්නේ ?

නරක මම හැමදාම හොඳ කරගන්න උත්සාහ කරපු ගැහැණියක්. සමහර තැන්වලදී එ් නරක හොඳ කරන්න ගිහිල්ලා එ්ක කරගන්න බැරිවුණ අවස්ථා තියෙනවා. එ් වගේ තැන්වලදී මම ජීවිතය අතහැරියා. මම කලින් හොඳින් හිටියා. මම බොහොම අවංකව ජීවත්වෙන මනුස්සයෙක්. හැබැයි ඉස්සරහට මීටත් වඩා හොඳින් ජීවත්වේවි කියලා මට විශ්වාසයක් තියෙනවා.

ඒ කැමැතිම කෙනා ලැබුණ හින්දා නේද?

ඔව් කියලා කියන්න පුළුවන්. ජීවිතේ මාව ආශ‍්‍රය කරපු යාළුවෝ වෙන්න පුළුවන් මගේ ජීවිතේ ළඟින් හිටපු අය වෙන්න පුළුවන්. එ් අයත් එක්ක හිටපු අය එකතු වුණා වෙන්න පුළුවන්. එ සියල්ලගෙන්ම මට පසුගිය කාලයේ ලැබුණේ අපහාසයක්, අවලාදයක්, නරකක් සහ පළිගැනීමක් විතරයි. දැන්නම් මගේ ජීවිතයට ලැබුණ කෙනා මම වෙනුවෙන් ඉවසන, මම වෙනුවෙන් කැපවෙන මගේ මඩ ප‍්‍රහාර දිහා බලාගෙන ඔළුව පාත්කරගෙන ඉන්න කෙනෙක්. ඉතිං මම හිතනවා ඒක තමයි ජීවිතය කියලා.

ඔහු ජනප‍්‍රිය සංගීත කණ්ඩායමක නිත්‍ය ගායකයෙක්?

ඔව්. නවක ගායකයෙක්. මම හිතනවා ඒ ගායකයාත් එක්ක ඉදිරියේදී මට ආදරය කළා වගේ ආදරය කරලා ජීවත්වේවි කියලා. මම කොහොමත් ඉස්සර ඉඳන් සංගීතයට ආදරය කරන මනුස්සයෙක්. හැබැයි මට සින්දු කියන්න බැහැ.

ඔහු වෙත හිත ඇදී යන්න වොල්ගාට තිබුණ සුවිශේෂී හේතුව ?

මම හිතන්නේ පොළවේ පයගහලා ජීවත්වීම. මගේ දෙමාපියන්ට ගෞරව කරනවා. මම දන්න තරමින් ඔහු මේ ලෝකයේ වැඩියෙන්ම ආදරය කරන්නේ අම්මාට. තමන් ගේ අම්මා ගේ ගෞරව කරන පිරිමියා ගැහැණියකට අනිවාර්යයෙන්ම ගෞරව කරනවා.

මේ ආදර කතාවට ප‍්‍රශ්න තිබුණේ නැතිද?
මේ ආදර කතාව බාධක බොහෝමයි. ඒක ගායකයාත් එක්ක ඉදිරියේදී මට ආදරය කළා වගේ ආදරය කරලා ජීවත්වේවි මම අදටත් දෙවියන්ට භාරදීපු ප‍්‍රශ්නයක්. මගේ තාත්තා මට පුරුදු කරලා තියෙන්නේ කවදාවත් කාගෙන්වත් පළිගන්න නෙමෙයි. මම දන්නේ නැහැ පසුගිය කාලයේ මෙච්චර කතා හැදුණේ, ඇයි මෙච්චර මඩ ප‍්‍රහාර ඇතිවුණේ කියලා. මම දික්කසාද වුණ ගැහැණියක්. එ්ක කෙලින්ම කියනවා. එතකොට දික්කසාද වුණ ගැහැණියකට ආපහු ජීවිතය පටන්ගන්න බැරිද?. සමහර තැන්වලදී මගේ නෑදෑයෝ පවා අහලා තිබුණා ඇයි මෙයා මෙහෙම කරන්නේ කියලා. එහෙම ප‍්‍රශ්න නැතුවාම නෙමෙයි. එතකොට ගොඩක් දෙනෙක් මාව විවේචනය කළා. බාධක කියලා මම ගොඩක් දැක්කේ මඩ සහ අවලාද. එ්වා සෑහෙන ආවා. මට දුක හිතුණ තැන් ගොඩක් තිබුණා. මම දෙවියන්ට කියන්නේ මේ මඩ ප‍්‍රහාර ගහන මිනිස්සුන්ට මොළය පාදලා දෙන්න කියලා. මොකද මමත් ගැහැණියක්. මම ගැහැණියකට තියා පිරිමියෙකුටවත් අපහාස කරන කෙනෙක් නෙමෙයි. එ් අපහාස සහ මඩ බොහොම සතුටින් විඳ දරාගෙන ජීවත්වෙනවා.

මඩ ගහලා වොල්ගාව වට්ටන්න බැහැ. එහෙමද?

ඔව්. වට්ටන්න බැරිවුණා. මම රංගන ක්‍ෂෙත‍්‍රයට ඇවිත් අවුරුදු පහක් වෙනවා. නමුත් පිට මිනිස්සු මට අවලාද අපහාස කරලා නැහැ. හැබැයි ඒ ගායකයාත් එක්ක ඉදිරියේදී මට ආදරය කළා වගේ ආදරය කරලා ජීවත්වේවි අපහාසවලට මාව සැලූන්නේ නැහැ.

දික්කසාද ගැහැණියකට අභියෝග වැඩියි. ඔබ එ් අභියෝගවලට මුහුණදෙන්න සූදානම්ද?

ඔව්. මම අනිවාර්්‍යයෙන්ම මුහුණදෙන්න සූදානම්. හැමදාම කියනවා වගේ මම සාම්ප‍්‍රදායික ගැහැණියක් නෙවෙයි. මම අදවෙනකම් කිසිම පිරිමියෙකුගෙන් ජීවත්වෙලා නැහැ. අද වෙනකොට ලංකාවේ ගොඩක් ගැහැණු හිතාගෙන ඉන්නවා දික්කසාද වෙනකොට අම්මෝ ජීවත්වෙන්න විදිහක් නැහැ කියලා. එහෙම වෙන්න වුවමනා නැහැ. ගැහැණිය අසරණ විය යුතු නැහැ. ගැහැණිය කියන්නේ පිරිමියාට වැඩිය ශක්තිමත්විය යුතු කාන්තාවක්.

ඔබේ කලා ජීවිතයට අනාගත සැමියාගෙන් බාධාවන් වැටේවිද?

නැහැ. දැනට එහෙම නැහැ. මම හිතනවා ඉස්සරටත් එහෙම වෙන එකක් නැහැ කියලා. අනික වෘත්තීන් දෙකක්. එ්ක බොහොම ලස්සනයි.බොහොම හොඳ පැහැදිලි ගමනක් යන්න පුළුවන්. මම නිළියක්. ඔහුගේ දේවල්වලට මම උදව් කරනවා. මගේ දේවල්වලට ඔහු උදව් කරනවා ඇරෙන්න වෙන දේවල් නැහැ.

මේ දිනවල වොල්ගාගේ වීඩියෝ එකක් හරි ජනප‍්‍රිය වෙලා තියෙනවානේද?

ඕක දෙතුන් දෙනෙක් එකතුවෙලා කරපු දෙයක්. බිනෝෂ් පීරිස් බිවෝක්ගේ අවලංගු කාසියක් කියන ගීතයේ මියුසික් වීඩියෝ එකේ එක තැනක තියෙනවා නළුවාට අහුවෙනවා පොටෝ එකක් ගැහැණු ළමයෙකුගේ අත අල්ලාගෙන ඉන්නවා. එ්කේ අධ්‍යඣෂවරයා කිව්වා පොඩි ක්ල්ප් එකක් ගහගහු නිකං කියලා. එ්ක බොරු ක්ල්ප් එකක් නෙමෙයි. ඇත්ත වීඩියෝ එකක්. වචන ටිකක් වෙනස් වෙලා තියෙනවා. එ්ක මා ළඟ සහ බිනෝෂ් ගාව වගේම අධ්‍යඣෂක රොෂාන් ඈපාසිංහ ළඟ තිබුණා. බිනෝෂ්ගේ හෝ මගේ මැසෙන්ජර් එක හැක් කරලා තමයි මේ වීඩියෝ එක අරගෙන තියෙන්නේ. අපහාසයක් කරන්න තමයි මේ වීඩියෝ එක දාලා තියෙන්නේ. එ්කට නීතිමය කටයුතු අරගෙන තියෙනවා. කවුද දැම්මේ කියන එක හොයන්න තමයි නීතිමය කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. මම හිතන්නේ වාසනාවක ඒ වීඩියෝ එක හින්දා මිනිස්සු මට කතා කරලා ඕකට සැලෙන්න එපා කියලා විතරයි කිව්වේ.

වොල්ගාව මොනදේ කළත් වට්ටන්න බැහැ කියලාද කියන්නේ ?

මෙහෙමයි මමත් සාමාන්‍ය මනුස්සයෙක් හින්දා මටත් රිදෙන තැන් තියෙනවා. නැතිවාම නෙමෙයි. මට රිදුන තැන් ගොඩක් තිබුණ මනුස්සයෙක්. හැබැයි කවදාවත් මගේ ගමනවත් මගේ ජීවිතයේ ළඟින් ඉන්න කෙනාවත් මගේ දෙමව්පියන්වත් අයින් කරන්න අමාරුයි. මම දන්නේ නැහැ. සමහර තැන්වලදී මම හරි අමුතුයි කියලත් හිතෙනවා. ඔය වගේ පොඩි පොඩි බොළඳ දේවල්වලින් වොල්ගාව වට්ටන්න හරිම අමාරුයි.

බිනෝෂ් පීරිස් කියන්නේ ඇත්තටම කවුද?

මම 2015 අවුරුද්දේ ඉඳන් ගීත ගායනා කරනවා. 2019 වසරේ තමයි මගේ පළමු මියුසික් වීඩියෝ එක රිලීස් කරන්න. 2019 ඒ මියුසික් වීඩියෝ එක රිලීස් කරන්න කලින් පියානෝ වාදකයෙක් විදිහට තමයි කටයුතු කළේ. ඒ විතරක් නෙමෙයි හාඞ් බ්ලැක් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයා විදිහටත් කටයුතු කරනවා.

ඔබේ ගීත කිහිපයක් එළිදක්වන්න සූදානමින්ද ඉන්නේ ?

ඔව්. එක ගීතයක් එළිදැක්වූවා. ඊට අමරතව ලබන මාර්තු හෝ අපේ‍්‍රල් මාසයේ සුවිශේෂී ගීතයක් එළිදක්වන්න සූදානමින් ඉන්නවා. එ්ක මගේ දෙවැනි ගීතය.

බිනෝෂ්ගේ ජීවිතයටත් සුවිශේෂී කෙනෙක් ළංවෙලා කියලා ආරංචියි ?

ඔව්. කොහොමටත් මට පුංචි කාලේ ඉඳන් මගේ ජීවිතයට සුවිශේෂී අය තමයි ළංවුණේ. මීට අවුරුදු දෙකහමාරකට තුනකට කලින් ඉතාමත් සුවිශේෂී කෙනෙක් මුණගැසිලා තියෙනවා. මේ කතා කරන මොහොතේත් ඇය මා ළඟින් සිටිනවා.

 සුවිශේෂී කෙනා මුලින්ම මුණගැසුණේ කොහේදීද?

ඒ සුවිශේෂී කෙනා මට හම්බවෙන්නේ අවුරුදු දාහතරේදී පහළොවේදී විතර ජාතික රූපවාහිනියේ අතුරු මිතුරු කියන වැඩසටහනේදී. ඉතිං එ් සුවිශේෂී කෙනා එදා ඉඳන් අද වෙනකම් සුවිශේෂී කෙනෙක්.

 කාලේ ඇතිවුණ මිතුදම ජීවිතයේ බැඳීමක් දක්වා ගියා. එහෙමද?

ඒ කියන්නේ ළඟදී බැඳීමකට ගියා කියන්න බැහැ. එ් කාලේ ඉඳන්ම සුවිශේෂී බැඳීම තියෙනවා වගේ තමයි තවම තේරෙන්නේ.

ඇය සුවිශේෂී වෙන්න විශේෂ හේතුවක් තියෙනවාද?

සුවිශේෂී වෙන්න හේතුව එයාගේ වයසත් එක්ක එයාගේ නාට්‍ය බලනවා. මම එයාගේ රසිකයෙක්. මගේ ජීවිතයට එයා ඇත්තටම සුවිශේෂී රංගන ශිල්පිණියක් විදිහට.

ඒ සුවිශේෂී කෙනා සමග සුවිශේෂී කටයුත්තකට එළැඹෙනවා නේද?

ඒ දිනය බොහොමත් ළඟයි. ඒ ගායකයාත් එක්ක ඉදිරියේදී මට ආදරය කළා වගේ ආදරය කරලා ජීවත්වේවි කතාවත් මුලින්ම මීවිතට කියන්නම්.

 කවදා වගේද?

මට නිශ්චිතවම දිනයක් කියන්න බැහැ. බොහෝ දුරට මාස දෙකක් කියලා විතරක් මතකයේ තියාගත්තොත් ඇති.

ඇය නමින් වොල්ගා කල්පනී ?

ඔව්. ඇය නමින් වොල්ගා කල්පනී.

වොල්ගාගේ කලා කටයුතුවලට ඔබගෙන් සීමාවන් වැටේවිද?

අනේ නැහැ. මමත් කලාවට ආදරය කරපු කෙනෙක්. කලාව කරන වොල්ගා කල්පනීට විතරක් නෙමෙයි හැම කෙනෙකුටම මම ආදරෙයි. එ් නිසා මගෙන් කිසිම තහනමක් නැහැ. ඇයට කැමැති ඕනෑම වැඩක් ඇයට කරන්න පුළුවන්. මගෙන් කිසිම තහනමක් නැහැ.

ඇය හමුවීමත් ඔබේ ජීවිතය වෙනස් වුණාද?

ඇත්තම කිව්වොත් ඇය හමුවීමත් සමග මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මම කලාවට ආදරය කරලා ගායකයෙක් වෙන්න පෙරුම් පුරපු චරිතයක්. මම අවුරුදු පහළොවක් තිස්සේ කළේ සංගීතය. සින්දුවක් කරලා රිලීස් කරන්න පුළුවන්වුණේ ඇත්තටම ඇය නිසා. ඇය මට ලොකු ශක්තියක්. ඇය නිසා මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.

ඇය හෙට දවසේ ඔබේ සහකාරිය ?

ඉදිරියේදී එ ගැන දැනගන්න ලැබේවි.


දිනේෂ් විතාන



Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook