Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

යාළුවෝ වගේ ආශ්‍රය කරන කාලෙදී අහම්බෙන් මුණහැහිලා, 
එයා මට කිව්වා මොනවා හරි කන්න එළියට යමු කියලා
එයාට අකැමැතියි කියලා පෙන්නුවෙත් නෑ. කැමැතියි කියලා කිව්වෙත් නෑ.

රුවංගි කියන්නෙ හැඩකාර ජනප්‍රිය නිලියක්. ඇය පසුගිය දිනක හොර රහසේ  විවාහ ගිවිස ගැනීමෙන් අනතුරුව සති අන්ත පුවත් පතකට ඒ ගැන පවසා තිබුනේ මෙන්න මෙහෙමයි.

රුවංගිගේ ජීවිතේ විශේෂ පිටුවක් පෙරළුණානේ?

ඔව්. ඒ තමයි මගේ විවාහය. මම විවාහ ගිවිස ගත්තා. ජීවිතේ අලුත් ආරම්භය තමයි ඒ.

විවාහ ගිවිස ගැනීමත් වැඩි සද්ද බද්ද නැතිව නේද සැමරුවේ?
අපි විවාහ උත්සවය තව මාස කිහිපයකින් ගන්න හිතාගෙන ඉන්න නිසා පවුලේ අයගේ ආශීර්වාදය එක්ක විවාහ ගිවිස ගැනීම කළා. ක්‍ෂේත්‍රයේ යාළු මිත්‍රයන්ට විවාහ උත්සවයට ආරාධනා කරනවා. 

රුවංගිගේ හිත ගත්ත දැන් ජීවිතයේ කොටස්කාරයෙක් වුණු ඒ කෙනා කවුද කියලත් කියමු නේද?

එයාගේ නම නිර්මල ගමගේ. එයාගේ ගම ඇඹිලිපිටිය. එයා දැන් පදිංචි වෙලා ඉන්නේ පිටකෝට්ටේ. එයා ඉගෙනගෙන තියෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. වෘත්තියෙන් එයා මැණික් ව්‍යාපාරිකයෙක්. 

රුවංගිගෙයි නිර්මලගෙයි ආදර කතාවට දැන් කොච්චර කල්ද?

අපේ ආදර කතාවට අවුරුදු හතරක් විතර වෙනවා. 

ඔබ සහ නිර්මලගේ මුණගැසීම සිද්ධ වුණේ කොහොමද?

පාටි එකකදී තමයි අපි මුණගැහුණේ. අපි කාලයක් යාළුවෝ විධියට ආශ්‍රය කළා. ඊට පස්සේ තමයි අපේ ආදර කතාව පටන් ගත්තේ. 

නිර්මලගේ ආදර යෝජනාවට රුවංගි එක පයින් කැමැති වුණාද?

අපි දෙන්නා යාළුවෝ වගේ ආශ්‍රය කරන කාලෙදී අහම්බෙන් මුණහැහිලා, එයා මට කිව්වා මොනවා හරි කන්න එළියට යමු කියලා. මුලින්ම එයා ආදර යෝජනාව කළා. මම ඉතින් එයාට අකැමැතියි කියලා පෙන්නුවෙත් නෑ. කැමැතියි කියලා කිව්වෙත් නෑ. සතියක් විතර ගිහින් තමයි මම මගේ අදහසත් එයාට කිව්වේ. 

රුවංගිගේ තෝරා ගැනීමට පවුලේ අයගේ කැමැත්ත ලැබුණාද?

මගේ කැමැත්තට එයාලා ඉඩ දුන්නා. මට යෝජිත විවාහයකින් විවාහ වෙන්න කියලා ගෙදර අය කියලා තිබුණේ නැහැ. මම මට කැමැති, එකට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් තෝරා ගත්තා. ඒ තීරණයට පවුලේ අයගේ අකැමැත්තක් තිබුණේ නැහැ. 

රුවංගිට ඕන තරම් තරුණයෝ මුණගැහිලා ඇතිනේ. ඒ අතරින් නිර්මලව ජීවිතයට තෝරාගන්න ඔහු විශේෂ වුණේ කොහොමද?

මම කොහොමත් ක්‍ෂේත්‍රයෙන් පිට කෙනෙක් විවාහ කරගන්න කැමැත්තෙන් හිටියේ. නිර්මල මට ආදරය කරන විදිහ දැක්කම තමයි මටත් ඔහුට ආදරය කරන්න හිතුණේ. ඒ වගේම නිර්මල මං වෙනුවෙන් කාලය වෙන් කරන විධියත් ඔහුට කැමැත්තක් ඇතිවෙන්න හේතුවක් වුණා. 

නිර්මලත් කාර්යබහුල ඇතිනේ. ඔහු පෙම්වතා කාලෙදි වගේම තාමත් ඔබ වෙනුවෙන් කාලය වෙන් කරනවාද?

ඔව්. එයා තාමත් ඒ විධියටම මට මුල් තැන දෙනවා. මම විවාහ වෙන කෙනා මං වෙනුවෙන් අවධානය දෙනවාට මම කැමැති වුණා. නිර්මල මට දෙන අවධානය එක්ක මටත් ඔහු වෙනුවෙන් කාලය වෙන් කරන්න බැරි නැහැ. හොඳ බිරියක් වුණොත් තමයි කවදා හරි හොඳ මවක් වෙන්න පුළුවන්. පවුලට මුල් තැන දෙන්න මම කැමැතියි. 

විවාහ ජීවිතයේ වගකීම් ඉෂ්ට කරගන්න රුවංගිට පහසු වෙයිද?

මම හිතනවා මට ඒ වගකීම් ඉෂ්ට කරන්න පුළුවන් වෙයි කියලා. ඕනම ගැහැනු ළමයෙක්ට විවාහ වුණාම වෙනම පවුලක් එක්ක ජීවත් වෙන්න වෙනවා. මම ඒ ජීවිතයේ වගකීම් සතුටින් භාරගන්නවා. 

රුවංගි පසුගිය කාලේ රංගනයෙන් අෑත් වෙලානේ හිටියේ. ඒ නිර්මලගේ තහංචි නිසාද?

නැහැ. මට ලැබුණු ආරාධනා මම ප්‍රතික්ෂේප කළේ ඒවායේ ගැටලු සහගත දේවල් තිබ්බ නිසා. ඒ නිර්මාණවල ගෙවීම් ප්‍රශ්නයක් තිබුණා. හැබැයි මම නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වුණා. ඒවා විකාශය වෙන්න තියෙනවා. කැමැති හොඳ නිර්මාණයක් ලැබුණොත් මම රඟපානවා. නිර්මල මට කියන්නේ පවුල් ජීවිතයට හානියක් නොවන හොඳ දේවල් කරන්න කියලා. 

ඒ කියන්නේ විවාහය නිසා රුවංගි රංගනයෙන් සමුගන්න එකක් නෑ නේද?

කලා කටයුතුවලින් නැත්තටම නැති වෙලා යන්න මට හේතුවක් නැහැ. නමුත් දරුවෝ ලැබෙන කාලයක මට ඒ වෙනුවෙන් කාලය වෙන් කරන්න වෙයි. 

රුවංගිට ඉස්සර වගේම නිර්මාණවලට ආරාධනා ලැබෙනවාද?

නිර්මාණවලට ආරාධනා ලැබෙනවා. නමුත් ඉස්සර තරම්ම ආරාධනා නැහැ.

සිනමාවේ අලුත් ආරාධනා ලැබුණේ නැද්ද?

සුබා තෙරණියෝ චිත්‍රපටයට තාමත් ප්‍රතිචාර ලැබෙනවා. ඒ චරිතය අගය කරනවා. බොහෝ දෙනා මට සුබ පතනවා. හොඳ චිත්‍රපටයකට ආරාධනා ලැබුණොත් සම්බන්ධ වෙනවා. නමුත් රූගත කිරීම්වලට දුර පළාත්වලට යන්න වෙන නිර්මාණ මම භාර ගන්නේ නැහැ. කොළඹ අවට රූගත කිරීම් කරන නිර්මාණ තමයි භාරගන්නේ. ඒ නිසා දුරබැහැර රූගත කෙරෙන නිර්මාණ භාර නොගන්න සිද්ධ වුණා. 

මඟහැරෙන දේවල් ගැන දුකක් නැද්ද?

විවාහ වුණාම අපි පවුල ගැන හිතන්න ඕනේ. පවුලට මුල තැන දෙන්න ඕන. මම කලාවට ආදරය නැතිව නෙවෙයි. නමුත් ගැහැනු ළමයෙක් බිරියක් වුණාම පවුලට මුල් තැන දෙන්න ඕනේ. 

මොනවාද ඉදිරි බලාපොරොත්තු?

ලොකු සැලසුම් නැහැ. සාමාන්‍ය විධියට සරලව මේ ජීවිතය ගත කරන්න තමයි කැමැති.

තිළිණි කෞශල්‍යා විජේසිංහ






Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook