Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටි කාලයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට බඳවා ගත් විමර්ශන නිලධාරීන් 213 දෙනාගෙන් තිස් අට දෙනකුගේ උපාධි සහතික එම උපාධිය පිරිනැමූ ආයතනවලින් තහවුරු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

පත්වීම් ලබා දී වසර එක හමාරකට පසු සිදු කළ විගණන පරීක්ෂණයක් සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වන අතර පත්වීම් ලබාදී ඇත්තේ 2018 ජනවාරි 15 වැනිදායි.

පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධි සහතිකයක් ඇති උපාධිධාරීන් 1386 දෙනකු විමර්ශන නිලධාරී තනතුර සඳහා අයැදුම් කර තිබුණා. සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යා, වාණිජ, කළමනාකරණ, අලෙවිකරණ උපාධි හිමි අය පමණක් විමර්ශන නිලධාරීන් ලෙස මීට පෙර බඳවා ගන්නා ලද නමුත් රිෂාඩ් බදියුද්දීන් අමාත්‍යවරයා බඳවා ගැනීමේ අධ්‍යාපන සුදුසුකම් පවා අඩු කර තිබෙනවා.

අයැදුම්කරුවන් 1386 දෙනාගෙන් සිංහල අයදුම්කරුවන් 750ක්ද, මුස්ලිම් අයැදුම්කරුවන් 198ක්ද දෙමළ අයැදුම්කරුවන් 45 ද සම්මුඛ පරීක්ෂණයට පැමිණ තිබේ. සම්මුඛ පරීක්ෂණයේදි සිංහල අයැදුම්කරුවන් 103ක්ද, මුස්ලිම් අයැදුම්කරුවන් 103ක්ද, දෙමළ අයදුම්කරුවන් 10 දෙනෙක්ද බඳවාගෙන ඇති බව වාර්තාවේ සඳහන්.

තෝරාගත් අයැදුම්කරුවන්ගේ 193ක් වැඩ භාර ගෙන තිබුණ අතර ඔවුන් අතර විදේශීය උපාධිධාරීන්ද සිටියා.ඇතැම් අය සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය ද අසමත් අයයි.

වැඩිම අයැදුම්කරුවන් බඳවාගෙන තිබුණේ පුත්තලම, වවුනියාව, කොළඹ, ගම්පහ සහ අම්පාර යන දිස්ත්‍රික්ක වලිනි. නමුත් ජනගහනය අඩු අම්පාර, පුත්තලම, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් රාජකාරියට බඳවාගෙන ඇති බව එම විගණන වාර්තාවෙන් පෙන්වා දෙනවා.පාරිභෝගික කටයුතු අධිකාරී ආරංචි මාර්ග සඳහන් කරන්නේ වෘත්තීය සමිතියක බලපෑම මත සම්මුඛ පරීක්ෂණයට නොපැමිණි 393 දෙනකුගෙන් ඇතැම් අයැදුම්කරුවන් පසුව මානව සම්පත් අංශය වරින් වර බඳවා ගත් බවයි.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook