පොලිස් රියැදුරු ජයන්ත - ‘‘ අනේ නැහැ අනූ මම ඔයාට විහිළුවක් කළේ. ඔයා ඕන දෙයක් කියන්න
තහනම් ගහේ ගෙඩි කෑමට ගිය පොලිස් රියැදුරු ජයන්තට අත් වූ ඉරණම
ජයන්ත රාජපක්ෂ වීරකැටිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුය. හේ වසය අවුරුදු 37 ක විවාහක දෙදරු පියෙකි. පොලිස් නිලධාරියෙකි. ඔහු පොලිස් සේවයට එකතු වූයේ දැනට වසර කිහිපයකට පෙරයි. ඒ පොලිස් රියැදුරකු ලෙයසි.
එම කාලය පුරා ඔහු මෙරට පොලිස් ස්ථාන කිහිපයක සේවය කළේය. දැනට වසර කිහිපයක සිට ඔහු සේවය කළේ කඩවත පොලිසියේය.
අනුලා කඩවත ප‍්‍රදේශයේ පදිංචි දෙදරු මවකි. වයස අවුරුදු 47 කි. ඇයගේ සැමියා සමන්ය. හරිහමන් රැකියාවක් නොතිබුණ ඔවුන් ජීවත්වීම සඳහා කළේ කුඩු විකිණීමයි. දැනට වසර තුනකට පමණ ඉහතදී සමන් කුඩු පාර්සලයක් සමග කඩවත පොලිසියට කොටුවිය. ඉන්පසු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුව බන්ධනාගාරගත කළේය.
සමන්ව අත්්අඩංගුවට පත්වූ පසු අනුලා කිහිප වරක්ම පොලිසියට පැමිණියාය. ඒ තම සැමියාව මුණ ගැසීම සඳහාය. එහිදී ඇයට පොලිස් රියැදුරු ජයන්තව හඳුනා ගැනීමට හැකිවූවාය. සති කිහිපයක් යද්දී එම දැන හඳුනාගැනීම බොහෝ දුර දිග ගියේය.
වයස අවුරුදු 47 ක දෙදරු මවක් වුවත් පෙනුමෙන් ඇය එසේ නොවුණි. කටකාර තරුණියකගේ සුන්දර පෙනුමක් ඇයට තිබුණි. එලෙසම ඇයගේ නෙත් සඟලෙන් කාමුක බවක් දිස් වූවාය. සැමියත් බන්ධනාගාරගත නිසා සමහර පිරිමින් ඇය දෙස බැලූවේ වපර ඇසින්ය. පිරිමින් ගැන හොඳට දන්නා ඇය ඒ සියල්ලට නොබියව මුහුණ දෙමින් තම කුඩු විකිණිමද කරගෙන ගියාය.
එය එලෙස සිදු වෙද්දී ඇය පොලිස් රියැදුරු ජයන්ත සමග කතා බහ කිරීම දිගටම සිදු කරගෙන ගියාය. දෙදෙනා තම පෞද්ගලික තොරතුරු පවා හුව මාරු කරගත්හ. ටික කලක් ගතවෙද්දි සැමියා ගෙන් නොලද ආදරයක්, සෙනෙහසක් ජයන්තගෙන් ලැබෙන බව ඇයට දැනුණි. ජයන්තද ඇය සමග කතා බස් කළේ යටි සිතේ වෙනත් අරමුණක් ඇතිවයි.
දිනක් අනුලා සහ පොලිස් රියැදුරු ජයන්ත දුරකථනයෙන් මෙලෙස කථා බස් කළහ.
අනුලා - ‘‘හෙලෝ ජයන්ත’’
පොලිස් රියැදුරු ජයන්ත - ‘‘ හෙලෝ අනුලා කියන්න’’
අනුලා - ‘‘ ඔයා කොහෙද ඉන්නේ.’’
පොලිස් රියැදුරු ජයන්ත - ‘‘ ඇයි මේ එකපාරටම’’
අනුලා - ‘‘නැහැ මට ඔයත් එක්ක නිදහසේ කතා කරන්න ඕනා.’’
පොලිස් රියැදුරු ජයන්ත - ‘‘ මොනවද අනේ මයෙත් එක්ක කතා කරන්න තියෙන්නේ. ඔයාට එක්කෙනෙක් ඉන්නේ එයත් එක්ක කතා කරන්න.’’
අනුලා - ‘‘එයත් එක්ක කතා කරලා ගොඩක් කල්නේ. මම ෆෝන් එක තියන්නම්. ඔයාට මාව විහිළුවක්නේ.’’
පොලිස් රියැදුරු ජයන්ත - ‘‘ අනේ නැහැ අනූ මම ඔයාට විහිළුවක් කළේ. ඔයා ඕන දෙයක් කියන්න. දන්නවනේ මම ඕනම දේකට ඉන්නවා ඔයාගේ. එක මතක තියා ගන්න.’’
අනුලා - ‘‘ඒක මම දන්නවා. ඒකනේ මම ඔයත් එක්ක ඕනම දෙයක් කියන්නේ. මට ඔයත් එක්ක නිදහසේ පොඞ්ඩක් කතා කරන්න ඕනා.’’
පොලිස් රියැදුරු ජයන්ත - ‘‘මටත්. අපි හෙට දවල්ට මීට් වෙමු.’’
අනුලා - ‘‘අනිවාර්යෙන්ම. මම එන්නම් ඔයා කියන ඕනම තැනකට.’’
දෙදෙනා අතර සංවාදය එතැනින් නිම වූහ. පොලිස් රියැදුරු ජයන්තගේ යටි සිතේ තියෙන අරමුණ හෙට අනිවාර්යෙන්ම මුදුන් පමුණුවා ගැනීමට හැකි බව ඔහු දැන ගත්තේය.
පසුදින උදාවිය. අනුලා පොලිස් රියැදුරු ජයන්ත කියූ ස්ථානයට පැමිණියාය. ඉන් පසු පොලිස් රියැදුරු ජයන්ත ඇයව ලැගුම්හලක් වෙත රැගෙන ගියේය. අනුලා ද එයට අකැමැත්තක් දැක්වූයේ නැත. ලැගුම්හලට ගිය දෙදෙනා එකිනෙකා වැළඳ ගනිමින් තම සිත් තුළ තිබූ ආශාවන් කිසිදු බාධාවකින් තොරව ඉටු කර ගත්හ. එලෙස පැය කිහිපයක් ඔවුහු ලැගුම්හලේ සිටියහ. ඉන්පසු දෙදෙනා නිවෙස් බලා ගියේ පෙම්වතුන් ලෙසින්ය.
එතැන් සිට පොලිස් රියැදුරු ජයන්තගේ අනියම් බිරිය වූයේ අනුලාය. මාස කිහිපයක් ඔවුහු කාටත් හොර රහසේ එම සම්බන්ධතාව පවත්වාගෙන ගියහ. ලද සැම මොහොතකම ඔවුන් නිදහසේ හමුවී පෙම් සුව වින්දේය. කිසිවක් හොර රහසේ පවත්වාගෙන යා නොහැකිය. ඔවුන්ටද එය පොදු විය. එම නිසා ඔවුන්ගේ අනියම් සම්බන්ධතාව බොහෝ දෙනකු දැන ගත්හ.
‘‘බන්ටි’’ අනුලාගේ වැඩිමහල් පුතාය. ඔහුටද මෙම සම්බන්ධතාව ගැන දැන ගන්නට ලැබුණි. දැන ගත් වහාම ඔහු තම මවට පැවසුවේ මේ අනියම් සම්බන්ධතාව නවතා දමන ලෙයසි. එහෙත් ඇය එයට අකැමැති වූවාය. එහි අවසාන ප‍්‍රතිඵලය වූයේ ඇයගේ ඥාතීන්ද මෙම සම්බන්ධතාව දැන ගැනීමයි. මේ කිසි දෙයක් නොදත් පොලිස් රියැදුරු ජයන්තගේ බිරිඳ දරු දෙනො සමග වීරකැටියේ ජීවත් විය. ජයන්තත් ලද සැම මොහොතකම ගොස් ඔවුන්ගේ දුක සැප සොයා බැලූවේය.
කාලය එලෙසින් ගෙවී ගියේය. පොලිස් රියැදුරු ජයන්ත සහ අනුලාගේ අනියම් ආදරය තව තවත් ශක්තිමත් විය. එය නවත්වන්නට කිසිම ජගතෙකුට නොහැකි විය. ‘‘බන්ටි’’ මේ ගැන සිටියේ දැඩි කේන්තියකිනි. කුමක් හෝ මෙයට කළ යුතු යැයි ඔහු කල්පනා කළේය.
‘‘බන්ටි’’ ද නාහෙට නාහන තරුණයකු විය. අවුරුදු 18 සපුරන්නටත් පෙර ඔහුද කුඩු විකුණුවේය. සුද්දා යනු අනුලාගේ සොහොයුරියගේ පුතෙක්ය. ඔහු බන්ටිට එහා ගිය නසරානියකු විය. සුද්දාද මෙම සම්බන්ධයට තදින්ම විරුද්ධ වූ අයෙකි.
දිනක් බන්ටි සහ සුද්දා මෙම සම්බන්ධ නවත්වන්නේ කෙසේදැයි කතා බස් කළහ. එවිට සුද්දා පැවසුවේ අපි ගිහින් පොලිස්කාරයව බය කරමු කියාය. බන්ටිද එක පයින්ම එයට කැමති විය. ඒ අනුව දිනක් ඔවුන් පොලිස් රියැදුරු ජයන්ත හමුවී ඔහුට බැණ තර්ජනය කළේය. එහෙත් නිල ඇඳුමේ හයිය ඇඟට ගත් ජයන්ත ඒ කිසිවක් ගණන් නොගෙන ඔවුනට ‘‘මම මේ සම්බන්ධය නවත්වන්නේ නැහැ පුළුවන් දෙයක් කරන්න’’ යැයි පැවසුවේය. එය අසා බන්ටිට සහ සුද්දාට යකා නැග්ගේය. අධික කේන්තියත් සමග ඔවුහු පොලිස් රියැදුරු ජයන්තට පහරවල් කිහිපයක් එල්ල කළේය. ඒ සමගම සුද්දා ජයන්තට තර්ජනය කළේ ‘‘මම උඹව පෑලියගොඩදි නොමරා පන්නල කංකානියමුල්ල රක්ෂිතයට ගෙනවිත් මරා දමන බවයි.’’ මෙය සිදුවූයේ පසුගිය 16 වැනිදාය.
එම සිද්ධිය එදින ප‍්‍රදේශවාසීහු පමණක් නොව කඩවත පොලිසියේ නිලධාරීන්ටද ආරංචි විය. ඒ එක්කම අනුලාගේ නිවස යුද පිටියක් බඳු විය. බන්ටි නිවසට පැමිණ නොනවත්වාම තම මව සමග රණ්ඩු සරුවල් කළේය. නිවසේ සිටීමට නොහැකි බව අනුලා දැන ගත්තාය. වහාම ඇය පොලිස් රියැදුරු ජයන්තට දුරකථන ඇමතුමක් ලබාදී තමාව නිවසින් රැගෙන යන ලෙස පැවසුවාය. ඒ අනුව පාන්දර 1 ට පමණ පැමිණි ඔහු අනුලා සමග කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ ලැගුම්හලකට පැමිණියේය.
ඒ වන විට අනුලා සිටියේ තද කුසගින්නේය. ඔහු තම ඥාති දියණියකට දුරකථන ඇමතුමක් දී පැසවුවේ තමාට කෑම ටිකක් සාදා දෙන ලෙසත් එම කෑම ගැනීමට පොලිස් රියැදුරු ජයන්ත පැමිණෙන බවත්ය. ඒ අනුව පොලිස් රියැදුරු ජයන්ත තම යතුරුපැදියෙන් එම ස්ථානයට පැමිණියේ අනුලාට කෑම රැගෙන එම සඳාහය.
ඒ අතර බන්ටි සහ සුද්දා එකතු වී පොලිස් රියැදුරු ජයන්ත ඝාතනය කිරීමට සැලසුම් කළහ. ඒ ඉතා රහසිගතවයි. මේ කිසිවක් නොදත් පොලිස් රියැදුරු ජයන්ත අලූයම 1.30 ට පමණ කිරිබත්ගොඩ පසුකරගෙන ගියේය. එලෙස ඔහුට යෑමට හැකිවූයේ මඳ දුරක් පමණි. යතුරුපැදිය හරස්කර ත‍්‍රිරෝද රථයක් නැවැත්තුවේය. පොලිස් රියැදුරු ජයන්තට කිසිවක් සිතා ගැනීමට නොහැකි විය. එක් වරම ත‍්‍රිරෝද රථයෙන් බැසගත් සිව් දෙනෙක් ජයන්තට නොසෑහෙන්න පහරදී ත‍්‍රිරෝද රථයට දමාගත්හ.
පැය ගණනක් ගත විය. පොලිස් රියැදුරු ජයන්ත තවමත් නොමැත. දුරකථනයෙන්ද ප‍්‍රතිචාරයක් නොමැත. ඔහුට කරදරයක්දැයි අනුලාගේ සිතට බියක් දැනුණි. එම නිසා ඇය නොනිදා ඔහු එනතුරු බලා සිටියේය.
පොලිස් රියැදුරු ජයන්තව පැහැරගත් බන්ටි, සුද්දා ඇතුළු පිරිස කෙළින්ම ගියේ කංකානිගොඩ රක්ෂිතයටයි. බලූ බල්ලෙක් පෙනෙන්නට නැත. සතරදෙසින් ඇසෙන්නේ රැහැයියන්ගේ හඬ පමණි. එයද මහ මූසල හඬකි. පොලිස් රියැදුරු ජයන්තව අවසන් ගමන් යැවීමට සුදුසුම ස්ථානය මෙය බව බන්ටි, සුද්දා ඇතුළු පිරිස වටහා ගත්හ.
ත‍්‍රිරෝද රථයෙන් එළියට ඇද දැමූ පොලිස් රියැදුරු ජයන්තට බන්ටි, සුද්දා ඇතුළු පිරිස නොසෑහෙන්න ගුටි බැට දුන්හ. කරන්න කිසිම දෙයක් නොමැති තැන ඔහු දන්නා සෑම ආකාරයකින්ම සමාව ඉල්ලූවේය. එහෙත් එම මැරයන් එයට ඇහුම්කන් දුන්නේ නැත. අවසානයේ පොලිස් රියැදුරු ජයන්තට බන්ටි, සුද්දා ඇතුළු පිරිස දස වධ දුන්හ. එතැනින් නොනැවතුණු ඔවුහු පොලිස් රියැදුරු ජයන්තගේ සිරුර කොටස් හයකට කපා වෙන් කර එම රක්ෂිතයේම සැඟවූහ. ඉන්පසු ඔවුහු නිවෙස් බලා පැමිණියේ මෙය අබිරහසක් වනු ඇතැයි සිතාය.
පොලිස් රියැදුරු ජයන්තගේ අතුරුදන් වීම පසු දින ලැව් ගින්නක් මෙන් රට පුරාම ප‍්‍රචලිත විය. අදාළ පොලිස් නිලධාරීහු පොලිස් සුනඛයන් පවා යොදවා පන්නල රක්ෂිතය ආදී ප‍්‍රදේශ පීරමින් අතුරුදන් වූ පොලිස් රියැදුරු ජයන්ත සෙවූහ. එහෙත් කිසිවක් සොයා ගැනීමට නොහැකි විය. අවසානයේ සීසීටීවී කැමරාවක පොලිස් රියැදුරු ජයන්තව පැහැරන්නා අයුරු සටහන්ව තිබුණි. ඒ අනුව පරීක්ෂණ සිදුකළ පොලිස් නිලධාරීන්ට සුද්දාව අත්අඩංගුවට ගැනීමට හැකිවිය. ඉන්පසු සුද්දා කළ අපරාධය අකුරක් නෑර එම නිලධාරීන්ට පැවසුවේය. ඒ අනුව පොලිස් රියැදුරු ජයන්තව ඝාතනය කර දින හතරකට පසු ඔහුගේ සිරුරේ කොටස් සොයා ගැනීමට හැකිවිය.
තහනම් ගහේ ගෙඩි කෑමට ගිය පොලිස් රියැදුරු ජයන්තට අවසානයේ සිදුවූයේ ඉතාම අවාසනාවක්ත ලෙස ජීවිතයෙන් වන්දි ගෙවීමටයි. තහනම් ගහේ ගෙඩි කන සැමට මෙය ආදර්ශයකි.