Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

රජයේ නිළධාරියෙකුට රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතාට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

වැඩබලන පොලිස්පතිවරයා වෙත මෙම පැමිණිල්ල කර ඇත්තේ සිංහලේ සංවිධානය විසිනි.

පසුගියදා නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ පිහිටි තාවකාලික අවන්හලක් ඉවත් කිරීමේ යෙදී සිටි නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසකට මන්ත්‍රීවරයා බාධා කිරීම සිදුවීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

අදාළ සම්පූර්ණ පැමිණිල්ල මෙහි දැක්වෙයි.

වැඩබලන පොලිස්පතිතුමා
පොලිස් මුලස්ථානය
කොලබ

ගරු මහත්මයාණෙනි ,

දණ්ඩ නීති සංග්‍රහයේ 19 වෙනි අධිකාරිය යටතේ මෙම පැමිණිල්ල ඉදිරිපත්කරමි

1) අදාළ අධිකාරියේ 183 වගන්තිය , 184 වගන්තිය 185 වගන්තිය 186 වගන්තිය කඩකරමින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායකතුමා කටයුතු කරන ආකාරය ඊයේ දිනයේදී ජනමාද්‍ය වාර්තා විශ්ලේෂණයේදී අපට සංවිධානයක් ලෙස නිරීක්ෂණය විය .

2) එහිදී අදාළ සැකකාර මන්ත්‍රී නවින් දිසානායක මහතා විසින් නිල කටයුතු ඉටු කිරීමේදී රජයේ සේවකයන්ට බාධා කිරීම , පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් සිවිල් පුරවැසියකු ලෙසත් සහය වීමට නීතියෙන් බැදී ඇතිවිට රජයේ සේවකයකුට සහාය නොවීම , රජයේ සේවකයකු නිසි පරිදි ප්‍රකාශ කරනු ලැබූ ආඥාවකට අකිකරුවිම , රජයේ සේවකයකුට පාඩු කිරීමේ තර්ජනය වැනි අපරාධමය වැරදි හතරක් හෝ ඊට වැඩි ගණනක් සිදුකර ඇත .

3) අදාළ මන්ත්‍රීවරයා ප්‍රසිද්ධ නීතිඥ මහතකු වන අතර හෙට දිනයේදී මේ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමටද අප සංවිදානය පැමිණිලි කිරීමට නියමිතව ඇත .

4) මන්ත්‍රීවරයා මේ සියලු වැරදි සිදුකරනු ලබන්නේ සාම නිලධාරින් ඉදිරිපිටදී වන අතර අනිවාර්යෙන් මේ පැමිණිල්ලේ සදහන් සියලු කරුණු ජාතික පොලිස් කොමිසම් සභාවේ ඉදිරි විමර්ශන වෙනුවෙන් යොමු කිරීමේ වගකීම විමර්ශන නිලධාරින් ලෙස වැඩබලන පොලිස්පතිවරයාගේ වගකීමක් ලෙස මේ අවස්ථාවේදී මතක්කර සිටිමු .

අදාළ සැකකාර මන්ත්‍රීවරයාට එරෙහිව සාධාරණ සහ යුක්ති සහගත පරීක්ෂණයක් ඉක්මනින් පවත්වා සුදුසු අධිකරණයකට ඔහු යොමු කරන ලෙස ඉල්ලා සිටිමු

මෙයට විශ්වාසී
ප්‍රදීප් සංජිව
සිංහලේ සංවිදානය – ජාතික සංවිදායක

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook