Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

වත්මන් රජය බිහිකිරීමට ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කළ ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරි විමල හිමි රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි ඇති විශේෂත්වය වන්නේ වර්තමානයේ සිදුවන ඇතැම් කටයුතු දැඩිව විවේචනය කිරීමට උන්වහන්සේ කටයුතු කිරීමයි.

උන්වහන්සේගේ ලිපියේ ‌පහත පරිදි සඳහන් වනවා.

ශ්‍රී ලංකාව පුරා පසුගිය වකවානුවේ සිදුවු සිංහල බෞද්ධ විරෝධි ද්‍රෝහි ක්‍රියාකාරකම් අතර ජාතින් වඳ කිරීම, සංස්කෘතික විනාශය, පුරා වස්තු ඩෝසර් කිරීම හා අකා මකා දැමීමල බුදු පිළිම කඩා බිඳ දැමීමල මහා සංඝරත්නය හා රණවිරුවන් හිරේ විලංගුවේ දැමීම, අපහාස උපහාස කිරීම, වන සම්පත විනාශ කිරීම, ජාතික සම්පත් විදේශයන්ට විකිණීම, රටේ ඉතිහාසය වසන්කිරීම වැනි අන්තවාදීන්ගේ ක්‍රියා කලාපයන් හමුවේ බහුතර ජන කොටස බලවත් සේ කම්පනයට පත් වූහ.

එය විසින්ම රටට, දැයට හිතකර පාලකයෙකු පිළිබඳ සිහිනය සැබෑ කර ගැනීමට ලැබීම ම මෙරට දේශපේ‍්‍රමීන් ලද අති මහත් ජයග‍්‍රහණයකි.

ඉතිහාසයේ ආරම්භක අවධියේ සිටි පෙර රජ දරුවන් අතර පැවති සම්ප‍්‍රදාය වූයේ මෙරට රාජ්‍යත්වයේ උරුමයට බෝසත්වරයෙකුට හැර අන් අයෙකුට හිමි කම් නොමැත්තේය යන්නයි. මෙසේ සටහන් තැබීමෙන් පෙනී යන්නේ මෙරට සිංහල බෞද්ධ රටක් බව ඓතිහාසික පිළිගැනීම බවයි.

වර්තමානයේ මේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් මේ බව තහවුරු කරන ලද්දේ අනුරපුර රුවන් වැලි සෑය අභියස දුටු ගැමුණු නරපතිඳුන් ඉදිරියේ බුදු දහම සුරක්ෂා කරන බවට සිදු කළ සපථ කිරීමෙනි.

පසුගිය වකවානුවේ යහපාලනයේ වස මුසු වීමෙන් පණ අදිමින් පැවති සිංහල බෞද්ධ ජන සමාජයට යලි ඔක්සිජන් ලැබීමෙන් නිරුද්ධ වීමට ආසන්නව පැවති ජාතියක් ගලවා ගැනීමේ සැනසුම් සුසුම් හෙළීමට හැකි වී ඇත්තේය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම රටට සෙතක් සලසනු ඇතැයි බොහෝ අයගේ අපේක්ෂාවයි. ඔවුනට අහිමි වී ගිය උරුමයන් යළි ලබා ගැණිමේ බලාපොරොත්තු අති විශාලය. එමෙන්ම පැමිණිය හැකි අනාගත උවදුරු වළකාගත හැකි වෙතැයි ද ජනතාව සිතූහ.

ගෝඨාභය ජනපතිතුමන්ගේ චින්තනය නිවැරදිය. ගමන් මගේ ඉලක්කය පැහැදිලිය. ගැටළු සඳහා විසඳුම් ලබා දීමට සැදී පැහැදී ඇත්තේය. එහෙත් මෙහි ගමන් මග සිතන තරම් සරල නැත.

හේතුව ජරා ජීර්ණ දේශපාලනය යළි හොල්මන් කරමින් පැවතීමයි. මහජන අපේක්ෂා ඉටු කරමින් රට සිංගප්පූරුවක් කළ හැකි සදාචාරාත්මක දේශපාලන දැක්මකට තවත් නම් ඉඩක් නැත්තේය. තොවිලයක් කොට යකුන් එළවා ගත හැකි වුවද රට, දැය වැනසූ රට සූරා කන දේශපාළුවන් පළවා සෞභාග්‍යයේ දැක්මට ඉඩ නොදෙනු ඇත යනු මහජනතාව තුළ පවතින කුකුසකිි.

බල ලෝභීන් විසින් අන්තවාදි සුළුතරය නොමනා ලෙස පෝෂණය කොට අල්ලස් ලබා තරවීමෙන් බහුතරයට වන විපත වටහා ගත නොහැක්කේ මෙම උමතු බල කාමය නිසාවෙනි.

යළි කිසිදා උදා නොවන යුගයක් උදෙසා සටන් කොට අවසන් අපේක්ෂාව ජය ගැනීමේ යුගය උදා වී තිබුණද එය කලි යුගයක ආරම්භය දැයි සැක සිතෙයි. බලයට පත්ව මාස 2 ගත වූවා පමණි. ජාතිය ඇමතූ අතිගරු ජනපතිතුමන්ගේ සෑම කථාවකින්ම අභිමාවත් දේශයක් නිර්මාණය කිරීමට ඇරයුම් ලැබී ඇත්තේය.

එහෙත් කකුලෙන් අදින බලවතුන් ඉදිරියේ පයින්ගසා නැගී සිටීමට නම් අදීන බලයක් ලබා දිය යුත්තේමය. එම අදීනත්වය කරා ගමන්කිරීමට ස්වකීයයන් විසින්ම ගමනට හරස් කපන බව ජනතාවට පෙනී යෑම තුල ඉදිරි මහ මැතිවරණයේ දී ජනතා ප‍්‍රතිචාර දුබල විය හැකි බව තේරුම් ගැනීමට තරම් මොළයක් ඇතැමුන්ට නැති බව පෙනී යයි.

කඩු කිණිසි සොයා නිරායුධ කරනවා වෙනුවට නින්ද ගම් ලැබේ නම් සිංහලයාගේ බෞද්ධයාගේ අනාගත ඉරණම කෙසේ විය හැකිද?

විනාශ කරමින් පැවති බෞද්ධ සිද්ධස්ථාන එලෙසමය. දහනම වන ව්‍යවස්ථා සංශෝධනයෙන් බල රහිත කළ ජනපතිට යළි ශක්තිය නොලෙැබෙන්නේ නම් අප සියල්ලන්ගේම අපේක්ෂා භංග වනු නියතය. රටක් ජාතියක් සාසනයක් ගැන කවර කථාද?

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook