Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

පොලිස් විශේෂ කාර්ය බළකාය හා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැද රැගෙන යමින් සිටි පාතාලයේ කංජිපානි ඉම්රාන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදීම තවත් පාතාලයකුට ‘‘සමයං නිදි කළා වගේ නිදි කරනවා’’ යයි මරණීය තර්ජනය කිරීම ගැන පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
අධිකරණ භූමියේදීම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව මෙම විමර්ශන ඇරැඹී ඇති අතර මරණීය තර්ජනයට ලක්වූ පාතාලයා වන විදුරංග හෙවත් විත්තාගේ නීතිඥයා විසින් කොළඹ මහෙස්ත්‍රාත්වරයාටද මේ ගැන පැමිණිලි කර ඇති බව වාර්තා වනවා.

එල්.ටී.ටී.ඊ.ය සමග එක්වී ජනපති ඝාතන කුමන්ත්‍රණයක් කළ බවට චෝදනා පිට විත්තා පසුගිය රජය සමයේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කළ පසු විත්තාට හිරගෙදරදී සයනයිඩ් විදීමට උත්සාහ ගෙන තිබුණා.

ඉකුත් සිකුරාදා නඩු විභාගය සඳහා රැගෙන විත් අධිකරණ සිරමැදිරියේ විත්තා රඳවා තිබියදී ඒ අසලින් බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටි කංජිපානි ඉම්රාන් මෙම මරණ තර්ජනය කර තිබුණා.

කංජිපානි ඉම්රාන් ඩුබායි සිට රැගෙන විත් බන්ධනාගාර ගත කළ පසුව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටිනවා.


Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook