කෑගල්ල බාලිකා විද්‍යාලයේ ඉගෙන ගත් සිසුවියක්
මීට පෙර ගුරුවරියක ලෙසත් සේවය කරලා
මම ඉල්ලන්නේ වරදට විරුද්ධ වෙන්න
පසුගියදා ආන්දෝලනයට තුඩුදුන් මීලමුව කලපුව ආශ්‍රිත භූමියක කඩොලාන විනාශ කරල දමා ක්‍රීඩා පිටියක සැදීමට එරෙහිවූ වනජීවී නිලධාරීනි දේවානි ජයතිලක මහත්මිය මීගමුව කලපුව සංවර්ධන කමිටු රැස්වීමෙන් දින කිහිපයකට පසු සුපර්ණා චිත්‍රපටය නැරඹීම සඳහා සහභාගී වී සිටියා.
එහිදී මාධ්‍ය අමතමින් සිදුවූ සිද්ධිය පිළිබඳව සිය අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ ඇය කියා සිටියේ වැරදි වෙනුවෙන් කතා කරපු එකම පුද්ගලයා හෝ රාජ්‍ය නිලධාරියා තමන් නොවන බවයි.
තම නිලධාරීන් වැරදිවලට එරෙහි වීම නිසා අනතුරුවලට ලක්ව ඇති අතර තවත් පිරිසක් ජීවිතයෙන් පවා වන්දි ගෙවා ඇති බව ද එම නිලධාරිනිය සඳහන් කළා.
එහෙත් ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා නොදන්නා බවයි ඇය කියා සිටියේ.
“මම ඉල්ලන්නේ වරදට විරුද්ධ වෙන්න.බස් එකක ගියත් ප්‍රශ්නයක දී කතා කරන්නේ එක් කෙනෙක් විතරයි .බොහෝ දෙනෙක් ඒ පුද්ගලයා දිහා බලාගෙන හිනා වෙනවා ” යනුවෙන් වනජීවී නිලධාරීනි දේවානි ජයතිලක මහත්මිය සඳහන් කළා.
එහිදී ඇය අවසානයේ කියා සිටියේ “මට මිනිස්සු කියුවා පිස්සු කියලා ” යනුවෙනුයි.
සමාජයේ වරදට එරෙහි වීම නිසා පිස්සු යයි කියන ඇය කවුද යන්න පහතින් කියවා ඔබට වටහා ගැනීමට පුළුවන..
‘දේවානි ජයතිලක උපත ලබන්නේ 1981 ජූලි මස 23 වැනිදාය. ඒ පවුලේ පළමු දරුවා ලෙසිනි. දේවානිගේ පියා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරියකි. මව ගුරුවරියකි. පුංචි කාලේ සිටම ඇය හැදුණේ නීතියත්, විනයත් තිබුණු නිවෙසකය. ඊට හේතු වූයේ පියා පොලිස් නිලධාරියකු වූ නිසාය. ඒ නිසා නිවෙස තුළද නීතියට ගරුසරුවක් තිබිණි. මව ගුරුවරියක වූ නිසා නිවෙස තුළ විනයද තිබිණි. නීතිගරුක විනයගරුක දරුවකු ලෙස නිතරම හැසිරුණු දේවානිලා පදිංචිව සිටියේ කෑගල්ල, පරගම්මන ගමේය. මේ පවුලට ගමේ අය තුළද ගෞරවයක් තිබිණි.
දේවානි හා හා පුරා කියා පාසල් ගියේ කෑගල්ල, ස්වර්ණ ජයන්ති පාසලටය. අපොස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ ඇය උසස් පෙළ හැදෑරීම සඳහා කෑගල්ල, බාලිකා විද්‍යාලයට ඇතුළත් වූයේ විද්‍යා විෂය ධාරාව තෝරා ගනිමිනි.
ඉගෙනීමට මෙන්ම බාහිර ක්‍රියාකාරකම්වලදී දීප්තිමත් ශිෂ්‍යාවක ලෙස ඇය කැපීපෙනුණේ ගුරු දෙගුරුන්ගේ ආශීර්වාදය මැදය. කෑගල්ල බාලිකා විද්‍යාලයේ ඉගෙන ගත් සුන්දර පාසල් වියේ ඇයට උපතින්ම උරුමව තිබූ කථිකත්වයෙන් පාසල් මාතාව සෙසු පාසල් අතරින් ඉහළට ඔසවා තැබුවාය. වාද විවාදවලදී ඇය කිසිවකුට නොදෙවැනි ලෙස වාද කළාය. දැනුම මිනුම තරගවලදී ගුරුවරුන්ගේ ඇහිබැම නළල මත රඳවන තරමින් උත්තර දුන් බව කියන්නේ පාසලේ ඇය සමඟ සිටි මිතුරියන්ය.
කාලය ගෙවී ගියේ කෑගල්ල බාලිකා විද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට තේරුණු ශිෂ්‍යාවන් අතරට දේවානිත් එක්වෙමිනි. ඇය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ගියේ දහසකුත් එකක් ප්‍රාර්ථනා පොදි බැඳගෙනය.
එලෙස විශ්වවිද්‍යාලයට ගිය පසු වැඩිකල් නොගොස් ඇගේ ජීවන සහකරුවාද හමුවන්නේ දෛවයේ ලියැවී තිබූ පරිද්දෙනි. ඔහු ලලිත් තෙන්නකෝන් නම් වූ තරුණයකි. ඔහු ජ’පුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නේ වාණිජ්‍ය කළමනාකරණ පීඨයටය. දෙදෙනාම සම වයසේය. නිතර නිතර හමුවී විවිධ දේ කතා කරන්නට පටන් ගත්තේ විවිධ අදහස් හුවමාරු කරගනිමිනි. අවසානදී දෙදෙනාට දෙදෙනාව හොඳටම අවබෝධ වෙද්දී දෙදෙනා ප්‍රේමවන්තයන් බවට පත්වී හමාර වී තිබිණි.
ප්‍රේමය මොනතරම් අපූරුද? දෙහදක නැඟුණු ආදරය හරියට සඳ එළිය සේ සුරම්‍යයි කියා දෙදෙනාටම දැනෙන්නට ගත් පසු ඇයට නිතරම ඔහුත්, ඔහුට ඇයත් නොදැක ඉන්න බැරි තරමට ප්‍රේමය මෝරා වැඩිණි. වසර හතරක පමණ කාලයක් දෙදෙනා පෙම්වතුන් ලෙස සිට විවාහ ගිවිස ගත්තේ දේපාර්ශ්වයේම මවුපිය ඥාතීන්ගේ ආශීර්වාද මැදය.
ලලිත් තෙන්නකෝන්ගේ ගම තඹුත්තේගමය. දේවානිගේ ගම කෑගල්ලේය. මොවුන්ගේ අලුත් සොඳුරු කැදැල්ල තනා ඔවුන් අලුත් ජීවිතයක් පටන් ගත්තේ ඒ අනුවය.
මේ පවුලට පළමු දරුවා එකතු වන්නේ 2009 වසරේදීය. මොවුන් දෙදෙනාට පමණක් නොව ඥාති හිතමිත්‍රාදීන්ද පුංචි දරු පැටියා දැක සතුටු වෙද්දී මොවුනටද ජීවිතයේ අපූර්වත්වය හොඳටම දැනෙන්නට විය. ඒ දරුවා දියණියකි. ඒ දියණිය යශෝරාය. ඊට වසර දෙකකට පසු පුතකුද මේ පවුලට එකතු වන්නේ ඔය අතරය. දරුවන් දුසිමක් හිටියත් එය බරක් නොවන බව දෙදෙනාගේම අදහසය. එනිසාම දෙවැනි පුතු වන පහන් පුතා පවුලට එකතු වී තවත් වසර දෙකකට පසු ගගනි දුවත්, ඊටත් වසර තුන හතරකට පසු පවනි චංචලා දියණියත් මොවුනගේ පවුලට එකතු වන්නේ දෙදෙනාට හුස්මක් කටක් ගන්නට බැරි තරමට වැඩකටයුතු වැඩි කරමිනි. මොවුන් දැන් පදිංචිව සිටින්නේ ගම්පහ යක්කල ප්‍රදේශයේය.
ලලිත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කර උපාධිය ලබාගෙන පෞද්ගලික ආයතන කිහිපයක සේවය කරමින් සිටියේය. දරුවන් සිවුදෙනාම පාසල් යන්නට ගත් පසු දරුවන්ගේ වැඩකටයුතු නොපිරිහෙළා ඉටුකළ යුතු නිසා ඒ රැකියාවලට ආයුබෝවන් කී ඔහු තමන්ගේම කියා ව්‍යාපාර කටයුතුවලට යොමු වූයේ දරුවන්ගේ එදිනෙදා කටයුතුවලට ප්‍රමුඛත්වය දියයුතු නිසාය.
දේවානි – ලලිත් එක්වී මේ තීරණ ගත්තේ දරුවන්ගේ අනාගතය යහපත් කරනු පිණිසය.
නමුත් දේවානි සිය අධ්‍යාපන කටයුතු නිසි පරිදි කරගෙන ගියාය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කළ ඇය මුලින්ම පත්වීමක් ලැබුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවටය. එම දෙපාර්තමේන්තුවේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයාගේ සහකාර කළමනාකරු ලෙස මුල්ම පත්වීම ගත් ඇය අකුරටම වැඩකටයුතු කළේ ‘නීතිය’ රකිමිනි.
ඒ ඇගේ හැටිය. මොන දේ කළත් ඇය වැඩ කළේ ආයතන රෙගුලාසි, නීති රීති රාමුව තුළය. මේ අතර ඇය පශ්චාත් උපාධියද ලබා ගත්තාය. 2011 වසරේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ රැකියාවට ගිය ඇය ඉන් වසරකට පමණ පසු ගුරුවරියක ලෙස පත්වීමක් ලබා හොරූ තක්‍ෂිලාවට ගියේ දරු පැටවුන්ගේ නුවණැස පාදන පින්කමට ආශා කරමිනි. ගුරුවරියක ලෙස කටයුතු කරගෙන යද්දී ඇය විද්‍යාත්මක සේවා විභාගයට වාඩි වූයේ අධ්‍යාපනයේ ඉණිමග නඟිමිනි. ඒ ඇගේ හැටිය. මැරෙනතුරු ඉගෙන ගන්නට බොහෝ දේ ඇත. ඇයත් ඒ මතයේ සිටින කෙනෙකි.
විභාගයෙන් ඇය විශිෂ්ට ලෙස සමත් වූ පසු ගරු ගුරු වෘත්තියට ආයුබෝවන් කියා අතිරේක දිසා වන නිලධාරිනියක ලෙස වන රක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරිවලට ගියාය.’
VIDEO