Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

චීනය ලෝකයට දෙන දත්ත බොරු. 
හැම දවසකම චීන ජනගහනයෙන් 2.1% බැගින් මිය යනවා

මේවා අතිශය බරපතළ ප්‍රකාශයන් ය. නමුත් රෝග නිධානය දරා සිටින වුහාන් පළාතේ සැබවින්ම සිදුවන්නේ කුමක්ද? ඒ ගැන දන්නේ කවුද? 

අවාසනාවකට මෙන් චීන ජාතිකයන් ෆේස්බුක් ඇතුළු සම්මත සමාජ ජාල පාවිච්චි කරන්නේ නැත. නමුත් චීනය තුළ සිටින විදේශිකයන් සහ චීනයෙන් පිටත සිටින චීන ජාතිකයන් විසින් මේ වන විට ‘කොරෝනා ප්‍රවෘත්ති යුද්ධයක්‘ ආරම්භ කර තිබේ.

ට්විටර් ඇතුළු සමාජජාලවලට චීනයේ ජංගම දුරකථන හරහා බෙදා හැරෙන්නේ සම්පූර්ණයෙන්ම ‘ෆේක් වීඩියෝ‘ද? නමුත් ඒ වීඩියෝ ඔබ දැක තිබේ නම්, ඒවා හුදෙක් රඟපෑම් නොවන බව ඔබට දැනෙනු ඇත. 
එවන් එක් වීඩියෝවක දැක්වෙන්නේ කොරෝනා ආසාදිතයෙකු යැයි සැක කෙරෙන රෝගියෙකු සතෙකු ඇදගෙන යනවාක් මෙන් චීන සෞඛ්‍ය සේවකයන් විසින් බලහත්කාරයෙන් වාට්ටුවක් තුළට දමන ආකාරය ය. ට්‍රොලිවල ගෙන එන මළ සිරුරු දෙක තුන බැගින් එකම මිනී ඇතිරිලිවල ඔතා ගෙන යන අයුරු තවත් වීඩියෝවක දැක්වේ.

“කොරෝනා රෝගීන් දහස් ගණනක් දවසකට මිය යනවා. ඔවුන් කෙළින්ම ආදාහනය කර දමනවා. මළ සිරුරු මහා පරිමාණ ආදාහනාගාරවල පුළුස්සා දමනවා..”

තවත් වීඩියෝවක දැක්වෙන්නේ මිය ගිය අයට අයත් යැයි පවසන ජංගම දුරකථන සිය දහස් ගණනක් තළා දමන ආකාරය ය.

තවත් ට්විටර් සටහනක දැක්වෙන්නේ වුහාන් පළාතේ දිනකට මිනිසුන් 2000 බැගින් ආදාහනය කළ හැකි ආදාහනාගාර පවතින බවයි. ඒවායේදී කොරෝනා රෝගීන් දවා හළු කරන බව නොකියා කියැවේ.

සැබවින්ම ඇස් අදහා ගත නොහැකි තරම් අමානුෂික මිනිස් සංහාරයක් කොරෝනා නිසා චීනය තුළ සිදු කෙරෙමින් පවතින්නේද?

චීන කොමියුනිස්ට් පාලනය තොරතුරු වාරණයක් සහිතව කොරෝනා රෝගය පිළිබඳ තතු ලබාදෙන බව ලොවට අලුත් කතාවක් නොවේ. නමුත් මේ සා සංහාරයක්?

චීනය තුළ කොරෝනා රෝගීන් ලක්ෂ 15 ක් සිටින බව ප්‍රකාශ වන්නේ දකුණු කොරියාවේ සිට ක්‍රියාත්මක වන බව කියන යූ ටියුබ් චැනලයක් මගිනි. එහි නම ‘කොරියානා ජෝන්ස්‘ Koreana Jones ය. මෙම යූ ටියුබ් චැනලය 2013 වසරේදී සක්‍රිය කර ඇති එකක් නිසා, එය හුදෙක් කොරෝනා ගැන බොරු වපුරාලීම අරමුණු කර ගනිමින්ම, එසේත් නැතිනම් කොරෝනා පුවත්වලට ලොව පුරා උණුසුම් ඉල්ලුමක් තිබෙන නිසා සිය ප්‍රේක්ෂකාගාරය පුළුල් කර ගැනීම සඳහා කරන ලද උත්සාහයක්ම යැයි ද එක එල්ලේ කිව නොහැක.

පසුගිය පෙබරවාරි 7 වැනිදා අන්තර්ජාලයට මුදා හැර ඇති මෙම වීඩියෝවේ තිබෙන්නේ සත්‍යයක් නම්, එය මේ දක්වා තහනමට ලක් නොකළේ මන්දැයි අසන්නෝ ද සිටිති. මනා ලෙස ඉංග්‍රීසි උප සිරැසි යොදා ඇති නිසා මෙම වීඩියෝවට මේ වන විට අති මහත් ප්‍රචාරයක් ලැබී තිබේ. මේ වීඩියෝ මගින් සිදු කරන්නේ සම්මත මාධ්‍ය විසින් ස්වයං වාරණයකට ලක් කර ඇති තොරතුරු සහ පුවත් නිදහසේ බෙදා හරිමින් ජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීමද? එසේත් නැතිනම් කොරෝනා සම්බන්ධයෙන් අනියත බියක් වපුරමින් ලොව පුරා චීන විරෝධයක් ඇති කිිරීමද?

මෙම නවතම යූ ටියුබ් වීඩියෝවේදී ‘විෂ්ල් බ්ලෝවර්‘ ලෙස ක්‍රියා කරන්නේ ගුවෝ වෙන්ගුයි නමැති අයෙකි.

“අපි පරිස්සම් වෙන්න ඕනෙ. අපිට සත්‍යය දැනගන්න ඕනෙ. විනිවිදභාවය.. මිනිසුන් මිය යාම නවත්තගන්න ඕනෙ. ඇමරිකාවට සහ යුරෝපයට මේ මාරක රෝගය පැතිරයාම වළක්වා ගන්න ඕනෙ..” චීන කෝටිපතියෙකු මෙසේ පවසන අන්දම රැගත් වීඩියෝ පටයක් මේ දිනවල යූ ටියුබ් හරහා වයිරල් වෙමින් තිබෙන්නේ චීනය විසින් කොරෝනා වසංගතය පිළිබඳ සත්‍ය තත්වය ‘මහා පරිමාණයෙන් වසං කරමින් සිටින බව‘දැක්වෙන බරපතළ ප්‍රකාශ ගණනාවක් සමග ය.

Guo Wengui ගුවෝ වෙන්ගුයි නමැති මෙම වීඩියෝවේ පෙනී සිටින චීන කෝටිපතියා, 2014 වසරේදී චීනයෙන් ඇමරිකාව බලා පළා යන්නෙකි. ඔහු whistle-blower කෙනෙක් හෙවත් ජුලියන් අසාන්ජ් වැනි, ලෝකයෙන් වසං කරන ඇත්ත, සම්මත ක්‍රමයෙන් බැහැරව ලොවට නළා පිඹිනවාක් මෙන් හඬ නගා කියන්නට ප්‍රිය කරන අයෙක් බවත්, වරක් ඔහු විසින් “Expose Revolution” යනුවෙන් මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කර තිබූ බවත් කියැවේ. ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයේ සතුරෙකි. ඒ නිසාම, ඔහු ඇමරිකානු හිතවාදී සහ චීන විරෝධී ප්‍රචාරණයක නිරත වෙතැයි අපට කිව හැකිද?

මේ ගෝලීය වසංගතයේදී චීනය ඇත්ත කියන්නේද? චීනය පමණක් නොව ජාත්‍යන්තර පුවත් සේවාවන්ගේ හැසිරීම ද මෙම වීඩියෝ ක්ලිපයේදී බරපතළ ලෙස ප්‍රශ්න කෙරේ. වුහාන් පළාතේදී දින 10කින් කොරෝනා සඳහා රෝහලක් ඉදි කළ බව පළ කළ නිව්යෝක් ටයිම්ස් පුවත්පත, එම රෝහල්වල ඇතුළත පවතින බිය ජනක තත්වය ගැන කිසිවක්ම පළ නොකරන බවට එහිදී චෝදනා කෙරේ.

එම වීඩියෝ ක්ලිපය, වෙනත් අයගේ වීඩියෝ ක්ලිප කිහිපයකින් ද සමන්විත වේ. නව වුහාන් රෝහලේදී චුන් චු-ෂිල් නමැති අයෙකු විසින් ලබාගෙන ඇති අභ්‍යන්තර දර්ශන උපුටා දක්වමින් ගුවෝ වෙන්ගුයි අපෙන් ප්‍රශ්නයක් අසයි. ‘‘මේ විවෘත අවකාශයට සමීපයෙන් ඇඳන් තැබීම ආරක්ෂිත යැයි ඔබ සිතනවාද?“

ගුවෝ වෙන්ගුයි මෙහිදී ඉදිරිපත් කරන දත්තවලට අනුව වුහාන් පළාතේ පැය 24 ම ක්‍රියාකාරී තත්වයේ තිබෙන ආදාහනාගාර 49 ක් මේ වන විට තිබේ. දිනකට ඒවායේ මළ සිරුරු 1200 බැගින් පුළුස්සන බව ඔහු කියයි. මේ වන විට එම ආදාහනාගාර දින 17කට වඩා එක දිගට ක්‍රියාත්මක වී ඇත. වුහාන් පළාතේ තත්වය එය වන විට මේ හා සමාන තත්වයක් චීනයේ වෙනත් නාගරිකයන්ගේ ද ඇති වී තිබෙන බව ගුවෝ පවසයි.

නිල වාර්තාවලට අනුව වුහාන් හි කොරෝනා රෝගීන් සඳහා වෙන් කළ රෝහල් ඇඳන් ගණන 43000 ක් බව කීවත්, සත්‍ය ප්‍රමාණය 530,000 ක් බව ද ගුවෝ තවදුරටත් පවසයි.

චීනය මේ දක්වා හෙළි කර ඇති තොරුතුරුවලට අනුව නිරෝධායන තත්වය යටතේ සිටින්නේ පුද්ගලයන් 50,000 පමණි.

මිය ගිය ගණන 500 දළ වශයෙන් 500 ක් පමණ වේ.

ගුවෝ මෙසේ අසයි. ‘‘එසේ නම් වුහාන් පළාතට ලක්ෂ ගණන් ඇඳන් අවශ්‍ය වන්නේ ඇයි?“

චීනය විසින් තොරතුරු ලබාදීමේදී මුල පටන්ම ඔවුන් පැවසුවේ මරණ ප්‍රතිශතය 2.1%ක් බව ය. දින 5 ක් මුළුල්ලේ මිය ගිය සංඛ්‍යාව හරියටම 2.1%ක් ලෙස රඳවා තබාගැනීමට චීන බලධාරීන් කටයුතු කර තිබිණි. ගුවෝ මෙහිදී චෝදනා කරන්නේ කොරෝනා රෝගීන්ගේ මරණය පවා චීන ආණ්ඩුව විසින් පාලනය කර ඇති බවට ය. සැබවින්ම සිදුවන්නේ චීන ජනගහනයෙන් 2.1% බැගින් දිනපතා මරණයට පත්වීම යැයි ඔහු එහිදී ඉඟි කරයි.





Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook