වර්තමාන පාර්ලිමේන්තුව මාර්තු මස 02 වැනි දා මධ්‍යම රාත්‍රියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විසුරුවා හැරීමට නියමිතව ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ග කියය.
ඒ අනුව ඉකුත් බ්‍රහස්පතින්දා පවත්වා ඇත්තේ එහි අවසන් සභා රැස්වීමයි.
ඒ අනුව නියමිත දිනට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 60 කට පමණ විශ්‍රාම වැටුප් අහිමි වීමට නියමිතය.
මීළඟ මහමැතිවරණ බොහෝ දුරට අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට ඉඩ ඇති බවත් මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම මාර්තු මස 11 සහ 17 අතර කාලයේදී සිදු කරනු ඇති බවත් වාර්තා වෙයි.
නව පාර්ලිමේන්තුව මැයි මස 12 වැනිදා පමණ වනවිට කැඳවුණු ඇතැයිද දැනගන්නට තිබේ.