Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement



හපුතලේ, තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් y 12 ගුවන් යානය කඩා වැටුණු ප්‍රදේශයේ පියාසර කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බව විමර්ශකයන් හෙළිකර ගෙන තිබෙනවා.

මෙම විමර්ෂණ වාර්තාව බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

එහෙත් මෙම යානය නගර මධ්‍යයේ කඩා වැටීමට තිබියදී ගුවන් නියමුවා විසින් ජනතාව බේරීමේ අරමුණෙන් එම ප්‍රදේශයට ගොස් ඇති බවට ද ගුවන් හමුදාව තුළ අදහස් පලව තිබෙනවා.

මෙම යානයේ පැරෂුට් නොමැති අතර එමගින් නිලධාරීන්ට බේරීමේ අවස්ථාවක් නැති වූ බවට ද වාර්තා පළ වනවා.

යානා දෙකක් මිළට ගන්න’ ආණ්ඩුවේ සුදානමක්

ඩොලර් මිලියන 6 ක්‌ වැය කරමින් චීන වයි 12 යානා දෙකක්‌ මිලයට ගැනීමට රජය තීරණය කර ඇති බව පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

පසුගියදා හපුතලේදී කඩාවැටුණේ මෙවන් වසර 30 ක්‌ පැරණි වයි 12 යානාවකි.

මෙම යානා නිපදවන්නේ චීනයේ හැබින් සමාගමයි.

Y-12 බහුකාර්ය යානා විශේෂයක් වන අතර කවුරුන් කෙබඳු විවේචන ඉදිරිපත් කළත් එය පියසැරිය සම්බන්ධයෙන් යහපත් වාර්තා තැබූ යානයකි.

දැන් ලෝකය පුරා පුළුල් ලෙස භාවිතයට ගැනෙන මේ Y-12 යානා මංගල ගමන ඇරඹුවේ 1982 ජූලි 14 තරම් ඈත දිනකදීයි.

රජයේ මෙහෙයුම්, ‍පෞද්ගලික භාවිතය මෙන්ම මිලිටරි භාවිතයටද මේ යානා යොදා ගන්නේ ඒවා ඉතා පහසු දායක ක්‍රියාකාරීත්වයකින් යුතු සහ මෙහෙයුම් කටයුතුවලදී ඉතා කාර්යක්ෂම නිසායි. එය ඉතා පහසුවෙන් ඉහළ නැංවීමට සහ ගොඩබෑමට හැකි යානයකි.

මේ ගුවන් යානය සැලසුම්කර හදා ඇත්තේ Harbin නමැති චීන ගුවන් යානා නිෂ්පාදන සමාගම වන අතර ගුවන් යානයේ එන්ජින් නිර්මාණය කරන්නේ ලෝක ප්‍රසිද්ධ Pratt and Whitney යන ඇමෙරිකානු සහ කැනඩා සමාගමයි.

මෙම යානයේ එක් එන්ජිමක් ක්‍රියාවිරහිත වුවද අනෙක් එන්ජිම මගින් ගුවන් ගමන නිමකිරීමට සමත්ය. එක් එන්ජිමක බලය අශ්වබල 500කි.

Y-12 යානය අපේ ගුවන් හමුදාවේ සේවයට එක්වන්නේ 1986 වර්ෂයේ සිටයි.

එවකට පැවති යුද සමයේ හෙළිකොප්ටර්වලට අමතරව ගුවන් හමුදාවේ කෝකටත් තෛලය (Work Horse) වූයේ මෙම ගුවන් යානයයි.

අදටත් ගුවන් හමුදාවේ පියාසර කටයුතුවලින් වඩා දායක වෙන්නේ මෙම ගුවන් යානයයි.

Y-12 යානය ඉතාම කෙටි දුරකින් ගුවන්ගත කිරීමට සහ ගොඩබෑමට හැකි අතර එය කඩතොලු සහිත කුඩා ඉඩක් ඇති භුමියක සිට වුවද ගුවන්ගත කළ හැකිය.

අනෙක් විශේෂත්වය මෙම ගුවන් යානය මූලික මට්ටමේ එනම් Basic Aircraft එකක් නිසා නඩත්තු කටයුතු ඉතා පහසුවීමයි.

මේ නිසාම එය ශ්‍රී ලංකාවට මනාව ගැලපෙන ගුවන් යානයකි. ත්‍රස්තවාදී සමයේදී හැර මීට පෙර Y-12 යානයක් ශ්‍රී ලංකාවේදී අනතුරට ලක්ව ඇත්තේ 1996 වසරේ පලාලිහිදීයි.

ඒ අනුව මේ ගුවන් යානයට ආරක්ෂිත බව සම්බන්ධයෙන් හොඳ ඉතිහාසයක් ඇති අතර එම ආරක්ෂිත බව නිසාමදෝ ලෝකයේ Y-12 භාවිතා කරන රටවල් ගණන 25කටත් වැඩිය.

එසේම Y-12 යානයේ එන්ජින් පියාසර පැය 3000 කට පසුව නැවතත් නිෂ්පාදකයා ලවා පූර්ණ පරීක්ෂාවකට (overhaul) ලක්කරන අතර නැතිනම් අලුතෙන්ම Replace කරයි.

මීට අමතරව නිශ්චිත පියාසර පැය ප්‍රමාණවලින් නිර්දේශිත සේවා හා නඩත්තු කටයුතුද සිදුවනවා.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook