සුබපල රැසක් රැගෙන සෙනසුරු ගෙදර එයි!
සෙනසුරු මාරුව ඔබට කොහොමද?
සුවිශේෂී ග්‍රහ මාරුවක් ජනවාරි විසිහතර වැනිදාට යෙදී තිබිණි. මේ සෙනසුරු මාරුවයි. ශනි හෙවත් සෙනසුරු මාරුව බොහෝ දෙනකු වැදගත් කොට සලකන්නේ කලකට පසුව සිදුවන නිසාම නොවේ. සෙනසුරු දුක් කරදර ගැනම කියැවෙන ග්‍රහයා වන බැවිනි. පසුගිය කාලයේ දුන් අපල ඉවර වෙයිද? නැත්නම් අපලයන් ලබයිද? මේ අවුරුද්දෙවත් ළමයා විභාගෙන් පාස් වෙයිද? විවාහය කෙරෙයිද? ඔවැනි විවිධ ප්‍රශ්න හිතට නැගෙන සෙනසුරුගේ මාරුව ගැන සාකච්ඡුා කිරීම මේ ලිපියේ අරමුණයි.
පසුගිය කාලය සෙනසුරු ගමන් කළේ ධනු රාශියේය. පෘථිවිය වටේට ඇති අංශක තුන්සිය හැට රාශි දොළහට බෙදී තිබේ. එවිට රාශියකට අංශක තිහකි. සෙනසුරුට පෘථිවිය වටේ රවුමක් යෑමට වසර තිහකට ආසන්න කාලයක් ගත වේ. එවිට එක රාශියක වසර දෙකහමාරකි. මේ නිසා ජනවාරි 24 වැනිදාට ධනු රාශියේ සිට මකර රාශියට මාරුවන සෙනසුරු ග්‍රහයා වසර 2022 අපේ‍්‍රල් මස විසිනම වැනිදා දක්වා මකර රාශියේ රැුඳී සිටී.
මකර හා කුම්භ සෙනසුරුට ස්වක්ෂේත්ර හෙවත් සෙනසුරුටම හිමි රාශිය නිසා මෙවර සෙනසුරු තමන්ගේම ගෙදරට එයි. තමන්ගේම ගෙදර දී ඕනෑම කෙනෙකුට අනුන්ගේ ගෙවල්වල ඉන්නවාට වඩා පහසුවක් දැනේ. කැමති ලෙස හැසිරීමට පුළුවන. අන් කෙනකුට උදව්වක් දීමට ද හැකිවන්නේ එවිටය. මේ නිසා සෙනසුරු මකර රාශියට පිවිසීම බොහෝ දෙනකුට සුබපල ඇති කරයි. නැතහොත් අපල අඩුකරයි. තදබල අපලයක් ඇති කරන්නේ නැත.
ඔබ උපන් ලග්නය අනුව සෙනසුරු මාරුව කුමන තත්ත්වයක් උදාකරන්නේ දැයි මුලින්ම සලකා බලමු. ඒ ඒ ලග්නවල පලාපල කියන විට සෙනසුරු පමණක් නොව තවත් ග්‍රහයන් අටදෙනකු සිටින බව අමතක කළ නොහැකිය. මේ නුදුරු අනාගතයේ උපන් ලග්න අනුව දෙන සුබාසුබ වේ.
මේෂ
ඔබේ ලග්නයෙන් දහවැන්නට ශනි මාරුව සිදුවන අතර, මේ වන විට රවි දහයේත්, ගුරු නවයේත් ගමන් කරමින් සිටී. මේ නිසා රැුකියා හෝ ව්‍යාපාර අංශවල තත්ත්වය සතුටුදායක වන්නේය. උසස් අයගේ උදව් උපකාර ලැබෙයි. ඔබ ගැන සමාජයේ ඇති පිළිගැනීම, ගෞරවය ඉහළ යයි. නව රැුකියා උසස්වීම් හෝ රැුකියා නැති අයට රැුකියා ලැබීමට කරුණු යෙදේ. සමාජ සේවාවකට හෝ පිංකමක් කිරීමට හිත යොමු වේ. සේවක පක්ෂයේ උදව් ලැබේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගත හැකි වේ. සුබ කටයුතු ආරම්භ කිරීමට ඉදිරි මාස දෙක විශේෂයෙන් සුබයි. කුජ දශා ගත කරන අය අනතුරුවලින් ප්‍රවේශම් වන්න.
වෘෂභ
වෘෂභ ලග්න හිමියන්ට ශනි මාරුව සුබපල උදා කරන්නේ පසුගිය කාලයේ පැවති ඒරාෂ්ඨක අපලය නිමා කරමිනි. වෘෂභයේ අග නවාංශකවල උපන් අයට පමණක් තව ටික දිනක් ඒරාෂ්ඨකය ගත වේ. ගුරු ද මාර්තු අගදී මාරුවන නිසා සුබපලදායකයි. අසනීපවලින් සුවය ලැබේ. අධ්‍යාපන කටයුතුවලට තිබූ බාධා ඉවත් වේ. හිතේ සැනසීම ඇති වේ. විදේශ අධ්‍යාපනයක් ලැබීමට තිබූ බලාපොරොත්තු ඉටු වේ. ව්‍යාපාර රැුකියා සාර්ථක වේ. සේවක සහයෝගය ලැබේ. ආදායම් ඉහළ යයි. සැලසුම් සහගතව කටයුතු කිරීමෙන් ජීවිතය උසස් තත්ත්වයකට පත්කිරීම අපහසු නොවේ.
මිථුන
ඔබේ ලග්නයෙන් අටවැන්නට ශනි මාරුවන අතර රවි හා බුධ අටවැන්නේම ගමන් කරමින් සිටී. තරමක අපලදායක ඒරාශ්ටක තත්ත්වයන් උදාවෙන බව පෙේ. මේ නිසා ඉදිරි කාලයේ විශේෂ සුබ කටයුතු ආරම්භ කිරීමට නම් සුබ නැකත් බලා ඉතා කල්පනාකාරීව කළ යුතුය. චන්ද්‍රයා අටවැන්නේ සිටි අය හා ශනි දශා අන්තර්දශා ගත කරන අය සුදුසු ශාන්තිකර්ම කර ගැනීම ගැන සැලකිලිමත් වෙන්න. පන්සිල් රකිමින් ආගමික ජීවිතයක් ගත කිරීමත් කරණීයමෙත්ත සුත්‍රය භාවිතා කර දිනපතා මෙත් වැඞීමෙන් අපල දුරු වීමට හේතු වේ
කටක
කටක ලග්න හිමියන්ගේ ලග්නයෙන් හත්වැන්නට සෙනසුරු මාරුව සිදු වේ. මිශ්‍රඵලදායක කාලයක් උදා වේ. මාර්තු වන විට ගුරු මාරුව ද සිදුවන නිසා පැවැති තදබල අවිවේකයෙන් මිදේ. සේවක පක්ෂයේ උදව් ලැබේ. අපක්ෂපාතිව තීන්දු තීරණ ගනී. ගෘහ ජීවිතය මිශ්රඵලදායකයි. කරන කියන බොහෝ දේ සාර්ථක කර ගැනීමට අන් අයගේ උපකාර ලැබේ. විදේශ ගමනක් යෑමට තිබූ බලාපොරොත්තුවක් ඉටුකර ගැනීමට හැකි වේ. සතුරන් හා තරගකරුවන් පරාජය කළ හැකි වේ. විශේෂ සුබ කටයුතු මේ වසරේම ආරම්භ කරන්න.
සිංහ
ඔබේ ලග්නයෙන් හය වැන්නට ශනි මාරුව සිදුවන අතර, රවි, බුධ එහි ගමන් කරමින් සිටී. හයවැන්නට ශනි මාරුවීම සුබ දායකය. උත්සහය ධෛර්යය ඉහළ යයි. සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබේ. මේ නිසා ව්‍යාපාර හෝ රැුකියා කටයුතු සාර්ථක වේ. සතුරන්ගෙන් ජය ලැබේ. තරගකරුවන් අභිබවා කටයුතු කළ හැකි වේ. අන් අය ගැන ද වෙනදාට වඩා කරුණාව දයාව ඇති වේ. උසස් අයගේ උදව් උපකාර ලැබේ. නීතියේ පිහිට ලැබේ. බලාපොරොත්තු ඉටු වේ. ණය පහසුකමක්
ලබාගැනීමට තිබූ බලාපොරොත්තුවක් ද ඉටුකර ගත හැකි වේ. ගෘහ ජීවිතය සතුටුදායකයි.
කන්‍යා
කන්‍යා ලග්න හිමියන්ගේ ලග්නයෙන් පස්වැන්නට සෙනසුරු මාරුව සිදුවන අතර, රවි බුධ දැනටමත් එහි ගමන් කරයි. ගුරු ද මාරුවේ. අඟහරු පස්වැන්නට පැමිණේ. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බාධා විය හැක්කේ අලස බව හා වැඩ කල් දැමීමයි. මේ නිසා උනන්දුවෙන් කටයුතු කරන්නේ නම් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විභාගවලින් සමර්ථ විය හැකියි. පෙම් සබඳතා හෝ විවාහ මංගල යෝජනා ස්ථිර කර ගත හැකි වේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතුවලට සුළු සුළු බාධා ඇති වුවත් ඒවා ජය ගත හැකි වේ. ව්‍යාපාරවලට මුදල් යෙදවීමේදී දුරදිග බලා කටයුතු කරන්න. විදේශ ගමන් යෙදීමට ද ඉඩ තිබේ.
තුලා
ලග්නයෙන් තුන්වැන්නේ සිටි සෙනසුරු හතරවැන්නට මාරුවීම මිශ්රඵලදායකයි. එහෙත් ඉඩම්වල කරන කටයුතුවලදී යම් දියුණුවක් ලැබීම අපහසු නොවේ. සේවක පක්ෂයේ උදව් උපකාර ලැබේ. ගෙදර වැඩිහිටියකුට අපලදායකයි. ගෙදර දියුණුවට කරන සමහර වැඩවලට බාධා ඇති වීමට ඉඩ තිබේ. එහෙත් සතුරු කරදරවලින් ජය ලැබීමට හැකි වේ. සෙම් රෝග හෝ වාතාබාධ වැනි අසනීපවලින් පෙළෙන අය සෞඛ්‍යය රැුක ගැනීමට උනන්දුවීම වැදගත්ය. ඉඩමක් මිලට ගැනීමට තිබූ අදහසක් ඉටුවීමට ඉඩ තිබේ. උත්සාහයෙන් කටයුතු කරන්න.
වෘශ්චික
වෘශ්චික ලග්න හිමියන්ගේ ලග්නයෙන් තුන්වැන්නට සෙනසුරුගේ මාරුවීම සුබදායකයි. උත්සාහය, උනන්දුව ධෛර්යය ඉහළ යයි. උසස් අයගේ උදව් උපකාර ලැබේ. නිවාස, ඉඩම්වල දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. බාධා ඉවත් වේ. සහෝදරයන් සමඟ තිබූ අමනාපකම් දුරු වේ. සුහදතාවය වැඩි වේ. සේවක සේවිකාවන්ගේ උදව් ලැබේ. ප්‍රයෝජනවත් කෙටි ගමන් බිමන් නිතර යෑමට සිදු වේ. අසල්වාසීන් සමඟ සමගිය වැඩි වේ. මේ අතර කාර්යබහුල බව ද ඉහළ යෑමට ඉඩ තිබේ. රුධිරගත මේදය, සීනි වැනි අසනීප ඇත්නම් ප්‍රතිකාර අතපසු නොකිරීමට සැලකිලිමත් වෙන්න.
ධනු
සෙනසුරු මාරුව සිදුවන්නේ ධනු ලග්න හිමියන්ගේ ලග්නයෙන් දෙවැන්නටය. මෙය මිශ්රඵලදායකයි. මේ අතර මාර්තු අගදී ගුරු මාරුවක්ද සිදුවන නිසා පැවැති ශනි ඒරාෂ්ඨක අපල තත්ත්වය නිමවන අතර, බොහෝ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට හැකි වේ. ධන ලාභ ලැබේ. පවුලේ දියුණුවට තිබූ බාධා ඉවත් වේ. ධෛර්යය වැඩි වේ. පසුගිය දිනවල තිබූ බලාපොරොත්තු ඉටුකර ගැනීමට සුදුසු කාලයක් උදා වේ. ආදායම් සතුටුදායක වේ. අධ්‍යාපන කටයුතුවලට තිබූ බාධා අවහිර ද අඩු වී යනවා ඇත. අසනීපවලින් සුවය ලැබේ. සැලසුම් සහගතව උත්සාහයෙන් කටයුතු කරන්න.
මකර
මකර ලග්න හිමියන්ගේ ශනි ඒරාෂ්ඨක අපල කාලයක් සුබ අතට හරවමින් ශනි මාරුව සිදුවෙයි. ලග්නාධිපති නිසා ලග්නයට ශනි මාරුවීම මිශ්‍රඵලදායක තත්ත්වයක් උදා කරනවා ඇත. පසුගිය කාලයේ තිබූ බාධා කරදර බොහෝ දුරට අඩු වි යයි. උනන්දුව වැඩිවෙයි. ධෛර්යය ඇතිවෙයි. අනාගතය ගැන වෙනදාට වඩා හිත යොමු වෙයි. පෙබරවාරි වන විට ආදායම් තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි වේ. හිතේ සතුට ඇති වේ. ව්‍යාපාර හෝ රැුකියාවල තිබූ කරදර අඩු වී යයි. ශනි ලග්නයේ ගමන් කරන නිසා හැකි තරම් දුගී දුප්පත් අයට හා සේවක පක්ෂයට උදව් දීම මගින් සුබපල වැඩි කර ගත හැකි වේ.
කුම්භ
ලග්නපති සෙනසුරු ලග්නයේ දොළොස්වැන්නට මාරුවන අතර දැනටමත් රවි බුධ එහි ගමන් කරමින් සිටී. ශනි ඒරාෂ්ඨක තත්ත්වයක් ද උදාවන නමුදු තදබල අපල ඇති නොකරයි. විදේශ ගමන් යෑමට තිබූ බලාපොරොත්තුවක් ඉටුකර ගැනීමට අවශ්‍ය අංශවලින් උදව් ලැබේ. විදේශ අධ්‍යාපනයට පහසුකම් සැලසේ. පසුගිය කාලයේ ගනු ලැබූ තීරණ ගැන පසුතැවිල්ලක් ඇති වීමට ද ඉඩ තිබේ. ආදායම් සතුටුදායක වන අතර වසර මුලදී ව්‍යාපාරවලින් සාර්ථක තත්ත්වයන් බලාපොරොත්තු විය හැකියි. උනන්දුවෙන් කටයුතු කිරීමෙන් බාධා ජය ගත හැකි වේ.
මීන
මීන ලග්න හිමියන්ගේ ලග්නයෙන් එකොළොස්වැන්නට ශනි මාරුවීම සුබපලදායකයි. රැුකියා ව්‍යාපාර අංශවල පැවැති බාධාවලට විසඳුම් ලැබේ. සේවක ප්‍රශ්න විසඳේ. සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබේ. ආදායම් තත්ත්වය ද යහපත් අතට හැරේ. හිත මිතුරන් සමග සතුටින් කාලය ගත වේ. අලූත් මිතුරු මිතුරියන් හඳුනාගැනීමට අවස්ථා උදා වේ. සහෝදරයකුගේ ජයග්රහණයන් ගැන අසන්නට ලැබේ. ව්‍යාපාරවලින් ලාබ ලැබේ. වැටුප් වැඩි වේ. ආදායම් ඉහළ යයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. අවිවාහක අයගේ මංගල යෝජනා ස්ථිර වේ. දියුණුවක් බලාපොරොත්තු විය හැකි කාලයකි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලන විට ද ශනි මාරුව පෙන්වන්නේ මිශ්‍රඵලදායක තත්ත්වයකි. ලග්නගත ලංකා කේන්ද්‍රය වූ කුම්භයෙන් දොළොස්වැන්නේ ගමන් කරන කාලය නිසා විදේශ රටවල් සමඟ ඇති සබඳතාවල යහපත් වර්ධනයක් බලාපොරොත්තු විය හැකි වේ. ලංකාව හිමි කුම්භ ලග්නයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන එකොළොස්වැන්න අධිපති ගුරු ශනි සමඟම දොළහේ ගමන් කරන කාලය තුළ පාර්ලිමේන්තුව වෙනස් වේ. මුල් වසර දෙකක පමණ කාලය උත්සාහයෙන් සැලසුම් සහගතව ක්‍රියා කළොත් ශනි ලග්නයට මාරුවන්නේ තවත් වසර දෙකහමාරකට පසුව සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහි කරමිනි.
කලාභූෂණ කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්