Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා හඬ පරීක්ෂණයක් සඳහා  මෙම මස 23 වැනිදා රජයේ රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කරන ලෙස ගංගොඩවිල මහෙස්ත්‍රාත් වසන්ත කුමාර නිමහතා ඊයේ (15) නියෝග කර තිබෙනවා.

ඒ,ඔහුව රක්ෂිත බන්ධනාගාර කළ අවස්ථාවේ දී.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පදිංචිවී සිටි මාදිවෙල පිහිටි නිල නිවසේදී පෙරේදා (14) පස්වරු 6.20 ට පමණ අත්අඩංගුවට ගෙන දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන එන ලද අතර මන්ත්‍රීවරයා එම කොට්ඨාසයට රැගෙන ඒමෙන් අනතුරුව ප්‍රකාශ සටහන්කර ගැනීමේ කටයුතු ආරම්භ කළා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊයේ (15 ) පස්වරු 2.00 ට පමණ ගංගොඩවිල මහෙස්ත්‍රාත්වරයාගේ නිවසට ජීප් රථයකින් රැගෙන යනු ලැබුවා.

මන්ත්‍රීවරයා මහෙස්ත්‍රාත්වරයාගේ මහරගම නිවසට රැගෙන ගිය අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ මන්ත්‍රීවරයාගේ නීතීඥයන්ද පැමිණ සිටියා.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහෙස්ත්‍රාත්වරයා හමුවේ කියා සිටියේ සැකකාර රන්ජන් රාමනායක විසින් මහජන නියෝජිතයෙක් ලෙස වසර පහකට තාවකාලිකව ලැබුණු බලය අවභාවිත කරමින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට අනර්ථයක් ලෙස මැදිහත්වී ඇති බවයි.

ඔහුට රංගනයේ යෙදීමට අවශ්‍ය නම් එය සෙලෝලයිඩ් පටවලට පමණක් සීමාවියයුතු බවත්, එය අධිකරණ පද්ධතියට මැදිහත්වීම සඳහා භාවිත නොකළ යුතු බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර තිබෙනවා. එමෙන්ම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු නිකුත්කර තිබියදී ඔහු‍ ෆේස් බුක් සජීවී වීඩියෝවක් විකාශය කරමින් විවාහ මංගල්‍ය උත්සවයකට යාමට සූදානම් වන අයුරින් කොණ්ඩය සහ ඇඳුම් සකස් කරමින් බඩ පිනුම් ගසමින් අධිකරණයට අපහාස වන අයුරින් හැසිරුණු බවද ඔහු සඳහන් කළා.

සැකකාර මන්ත්‍රීවරයා අධිකරණයට අපහාස වන අයුරින් එලෙස කටයුතු කිරීම සම්බන්ධව වෙනම ක්‍රියාමාර්ගයක් ගන්නා බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මහෙස්ත්‍රාත්වරයා හමුවේ කියා සිටියා.

මෙහිදී සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කියා සිටියේ මාධ්‍යයට නිකුත්වී තිබෙන හඬපටවල සිය සේවාදායකයාගේ හඬ සංස්කරණය කර අලුතින් හඬ කවා ඇති බවයි.එබැවින් සිය සේවාදායකයාගේ බවට මෙම හඬ පටවල හඬ අනාවරණයවී නොමැති බැවින් සිය සේවාදායකයාට ඇප ලබාදෙන ලෙසද මන්ත්‍රීවරයාගේ නීතිඥවරුන් ඉල්ලා සිටියා.

මෙම විනිසුරුවරුන්ගේ කටහඬ හඳුනාගත හැකි දැයි මහෙස්ත්‍රාත්වරයා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන් විමසුවා.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ අවස්ථා ගණනාවකදීම විනිසුරුවරුන් ඉදිරියේ කරුණු දක්වා ඇති තමන්ට එම විනිසුරුවරුන්ගේ හඬ හැඳිනිය හැකි බවයි. බද්දේගම මහෙස්ත්‍රාත්වරයාගේ හඬ මෙන්ම රුවද මාධ්‍යයට නිකුත්වූ වීඩියෝවල සටහන්ව තිබූ බවද ඔහු සඳහන් කළා. යම්කිසි විනිසුරුවරයෙක් හෝ රාජ්‍ය නිලධාරියෙක් මෙම කුමන්ත්‍රණයට හවුල්වී ඇති බවට විමර්ශනවලින් අනාවරණය වන්නේ නම් ඔවුන්ටද එරෙහිව තරාතිරම නොබලා පියවර ගන්නා බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.

මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් හමුවේ මෙසේ සඳහන් කළා.

“මම ඇත්ත කතා කළේ. මම කරපු හැම ප්‍රකාශයකටම මම වග කියනවා. ඕන කෙනෙක් වාදයට එන්න.මම කිව්වේ සහතික ඇත්ත. අමූලික ඇත්ත. තිත්ත ඇත්ත. ජයවේවා.”

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook