Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ටොන් දහතුනහමාරක් බරැති රනින් නිම කළ බව කියන හනුමන්තා පිළිමයක් රුපියල් කෝටි තුන්දහස් පන්සියයකට විකුණන්නට තැත් කරමින් සිටි ජාවාරම්කරුවන් පිරිසක් විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිළිමය කොටි නායක ප්‍රභාකරන්ට වන්දනාමාන කිරීම සඳහා ඉන්දියාවෙන් ගෙන්වූවක් බව ජාවාරම්කරුවන් පවසා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ජාවාරම්කරුවන් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්ට මෙම රන් පිළිමය විකිණීමට කතා කරගෙන ඇස්බැන්දුමක් කර මුදල් වංචා කර ඇතැයි වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ නියෝගය මත නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යටතේ ඇරැඹූ පසු විමර්ශනයකදී අනාවරණය වනවා..

මෙම වැටලීම කරන මොහොත වන විටත් මෙරට සිටින ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් රැසක් හනුමන්තා පිළිමය සොයමින් සිටි බව අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළා.


මෙම හනුමන්තා පිළිමයේ ගනුදෙනුව සඳහා රුපියල් කෝටි පනහක අත්තිකාරමක් පිළිමයේ හිමිකරුට දීමට ව්‍යාපාරිකයන් ඉදිරිපත් වී ඇති අතර ඉන් ලැබෙන කොමිස් මුදල ගැනීමට බ්‍රෝකර්වරුන් හා ව්‍යාපාරිකයන් සූදානමින් සිටින බවද හෙළිවී තිබෙනවා.

බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැලුම් සංගීත් ඇතුළු කණ්ඩායමක් මෙම විමර්ශනයට යෙදවීමෙන් පසු මෙම ජාවාරමට සම්බන්ධ අතරමැදියන් හයදෙනකු පෑලියගොඩින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අතරවාහන විකුණන ආයතනයක හිමියෙකු, ඇඟලුම්හල් හිමිකරුවකු හා බ්‍රෝකර්වරයකුද වනවා.

මෙම පිරිස දුන් තොරතුරු මත පිළිමයේ හිමිකරු බව කියන පුද්ගලයා කොටුකරගෙන ඇති අතර සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම පිළිමය සම්බන්ධ වීඩියෝ පට පෙන්වා ව්‍යාපාරිකයන්ගෙන් ලක්ෂ ගණන් මුදල් ගත් අයුරු හෙළිකරගෙන තිබෙනවා.

කොටි නායක ප්‍රභාකරන්ට වන්දනාමාන කිරීමට ඉන්දියාවේ සිට නැව් මගින් කොළඹ වරායට මෙම පිළිමය ගෙනා බව සැකකරු පවසා තිබෙනවා.

පසුව ගොඩබිම් මාර්ග ඔස්සේ ගෙනයද්දී එවකට ඇමැති මහින්ද විජේසේකරට එල්ල වූ බෝම්බ ප්‍රහාරය නිසා රට පුරා යෙදවූ මාර්ග බාධක හේතුවෙන් පිළිමය මුතුරාජවෙල ආශ්‍රිත ඉඩමක වළ දමා තිබියදී තමාට හමුවූ බව සැකකරු සඳහන් කළා.

එකවර සම්පූර්ණ මුදල ලබාදුණහොත් පිළිමය පෙන්වන බවත්, ව්‍යාපාරිකයන්ට පවසා ඇති අතර පිළිමය මඩ ගොහුරු මතින් ගොඩගන්නා අයුරුත්, හිල්විදිනයකින් පිළිමය විදිද්දී රන් කුඩු පිටතට එන ආකාරයත් දැක්වෙන වීඩියෝ පට හා ඡායාරූප මෙම සැකකරු ව්‍යාපාරිකයන්ට පෙන්වා තිබුණා..

පිළිමයේ බර ටොන් දහතුනහමාරක් බවත්, එය දිග අඩි දහතුනයි අඟල් අටක් බවත් පවසමින් මෙම ගනුදෙනුව කතා කර කෝටි පනහක අත්තිකාරමක් ලබාගැනීමටද එකඟතාවක් ඇතිකරගෙන තිබෙනවා.

තමා විසින් කිසිම දිනක පිළිමය නොපෙන්වූ බවත්, වීඩියෝ පෙන්වා ව්‍යාපාරිකයන් අල්ලා ගත් බවත් සැකකරු හෙළිකර තිබෙනවා.

හනුමන්තා පිළිමයේ කතාව ප්‍රබන්ධයක් බවත්, වැලි හා මැටි කලවම් කර හනුමන්තා ආකෘතියක් සකසා රෙද්දකට සිමෙන්ති දියර ආලේප කර පිළිමය නිර්මාණය කළ බවත් සැකකරු හෙළිකර ඇති බවත් වාර්තා වනවා.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook