Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිම කැඩීමට සම්බන්ධ අන්තවාදීන් ඔවුනගේ පියාගේ මාර්ගයෙන් පොලිසියට භාර දෙන බව බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා තමාට පොරොන්දු වූ බව අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් සඳහන් කළා.

එසේම පරීක්ෂණ කටයුතුවලදී දේශපාලඥයන්ගෙන් පොලිසියට බලපෑම් එල්ල වන බවද පූජිත් ජයසුන්දර මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියා.

ඔහු මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් පළමු අවස්ථාව මෙයයි.

රජයේ අධි නීතිඥවරිය මෙහිදී පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රශ්න කරමින් විමසා සිටියේ බුදු පිළිම කැඩූ දිනයේදී පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාචිකව උපදෙස් දුන්නේද යන්නයි.


ඊට පිළිතුරු ලබා දෙමින් පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේ වාචික උපදෙස් දුන්නද තමන්ට දිනය මතක නැති බවත්, නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට පරීක්ෂණ කටයුතු භාර ගන්නා ලෙස උපදෙස් දුන් බවයි.

එහිදී රජයේ අධිනීතිඥවරිය විමසා සිටියේ පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා ශානි අබේසේකර මහතාට වාචිකව උපදෙස් දුන්නේද යන්නයි. එහිදී ද පූජිත් ජයසුන්දර මහාතා කීවේ තමාට එය මතක නැති බවයි.

නැවත රජයේ අධිනීතිඥවරිය ඔහුගෙන් විමසා සිටියේ ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග මාවනැල්ල ප්‍රදේශයට ගියේ ඔබගේ උපදෙස්වලට අනුව ද යන්නයි.

එයට පිළිතුරු ලබා දෙමින් පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේ පරීක්ෂණ සිදුකරන ආකාරය ගැන වගකීම ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට බවත්, ඔහුගේ අනුමැතිය පරිදි එසේ වන්නට හැකි බවයි.

බුදු පිළිම කැඩීම පිළිබඳ 2018 දෙසැම්බර් මස 29 වැනිදා අසාද් සාලි මහතාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේද යන්න ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය පූජිත් ජයසුන්දර මහතාගෙන් විමසා සිටියා,

දුරකථන ඇමතුමක් ලැබුණද තමන්ට දිනය මතක නැති බව සඳහන් කළ පූජිත් ජයසුන්දර මහතා කියා සිටියේ අසාද් සාලි මහතා මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කැඩීමට අදාළ සැකකරුවන් දෙදෙනකුගේ විස්තර කිරීමට අවශ්‍ය බව දුරකථනයෙන් දැනුම් දුන් බවයි.

එමෙන්ම සැකකරුවන් දෙදෙනා ඔවුන්ගේ පියවරුන්ගේ මාර්ගයෙන් භාරදිය හැකි බවද එහිදී ඔහු ප්‍රකාශ කළ බව පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළා.

එමෙන්ම මාවනැල්ල සිද්ධිය සම්බන්ධයෙන් අසාද් සාලි මහතා මෙන් තවත් දේශපාලඥයෙක් කථා කළේ ද යන්න මෙහිදී විනිසුරු මඬුල්ල විමසා සිටියා.

එවිට පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේ කබීර් හෂීම් මහතාද තමාට කථා කළ බවයි.

පරීක්ෂණ තත්ත්වයන් ගැන පොලිස් රාජකාරි කටයුතුවලදී දේශපාලඥයන් විමසීම් කරන්නේ ද යන්න නැවත කොමිසම විමසා සිටි අතර පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේ විමසා බැලීම් සිදුකරන අතර අනවශ්‍ය ලෙස පුද්ගලික අභිමාතාර්ථ ඉටුකර ගැනීමට බලපෑම් කිරීමත්, පක්ෂග්‍රාහීව කටයුතු සිදුකරන අවස්ථාත් තිබෙන බවයි

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook