පැරකුම්පුර ජාතික පාසැල වෛරස් උණක් හේතුවෙන් කළාප කාර්යාලයේ අනුදැනුම මත දින නියමයක් නොමැතිව වසාදමා තිබෙනවා.
මෙම පාසැල පිහිටා තිබෙන්නේ ළමුන් 980 ක් පමණ හා ගුරුභවතුන් 55 ක් සිටින මෙම ජාතික පාසල කුරුණැගල දිස්ත්‍රික්කයේ මහව කළාපයේ, ගිරිබාව කොට්ඨාසයේයි.
පාසල තුළදී ළමුන් විශාල ප්‍රමාණයක් එකවර උණ රෝගයෙන් පෙලුන හේතුවෙන් රාජාංගනය රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වනවා.
එම ළමුන් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ඇති බව එම රෝහලේ නිලධාරියෙක් පැවසුවා.
මෙම විදුහලේ විදුහල්පති තුමා ඇතුළු ගුරුවරු 5 දෙනෙක්ද, උණ රෝගයෙන් පෙළන බව විදුහලේ සේවකයකු සඳහන් කළා.