Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

කොරෝනා වෛරසයෙන් වසා දැමුණු චීනයේ වූහාන් නගරයේ මේ වන විට සිටින ශ්‍රී ලාංකික සිසුන් සියලු දෙනා ගෙන්වා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, විදේශ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ජනාධිපතිවරයා අදාළ උපදෙස් දී ඇති බවයි. 

එමෙන්ම එම සිසුන් වෙනුවෙන් සියලු ගුවන් ටිකට් පත් වියදම් ආණ්ඩුව දරන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට 41 දෙනකු මියගොස් ඇති අතර වෛරසය පැතිර ගොස් රටවල් ගණන 11ක්.

මේ වන විට ලෝකයේම අවධානයට යොමු වි ඇති මාරාන්තික කොරෝනා වෛරසය ප්‍රථම වරට වාර්තා වන්නේ පසුගිය දෙසැම්බර් මස චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වුහාන් නගරයෙන්.

නගරයේ කරදිය මත්ස්‍ය වෙළඳපොලක් ආශ්‍රිතව මෙම රෝගින් වාර්තා වි තිබු අතර එහි කුකුලන්, වවුලන්, හාවන් සහ සර්පයන් වැනි සතුන් ද අලෙවි කෙරෙන බව වාර්තා විය.

චීන සෞඛ්‍ය බලධාරීන් සැක කරන්නේ, වවුලන්ගේ මාංශවලින් සාදන සුප් සහ සර්ප මාංශ අනුභවය මෙම වෛරසය පැතිර යාමට හේතුවක් විය හැකි බවයි.

එමෙන්ම සාමාන්‍ය වෛරසයක් බෝවන ආකාරයෙන්ම මිනිසාගෙන් මිනිසාට මෙම කොරෝනා වෛරසය බෝ වන බවට තහවුරු කර ගෙන තිබේ.

කොරෝනා වෛරස වැළඳුණු චීන ජාතිකයින් ඇඳ වැටෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

කොරෝනා හේතුවෙන් දැනට චීනයේ පමණක් පුද්ගලයින් 41 දෙනෙකු මියගොස් ඇති අතර වෛරසයට ගොදුරු වි ඇති සංඛ්‍යාව 1200 කට අධිකයි.

මිය ගිය පිරිස අතර හුබෙයි ප්‍රාන්ත රෝහලක වෛද්‍යවරයෙකුද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කොරෝනා වෛරසය ප්‍රථම වරට වාර්තා වු චීනයේ හුබෙයි පළාතේ වූහාන් ඇතුළු නගර 18 ක් මේ වන සම්පූර්ණයෙන් වසා දමා තිබේ.

මේ හේතුවෙන් වුහාන් නගරයේ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ශ්‍රි ලංකික සිසුන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 30 දෙනෙකු පමණ දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව අද දෙරණට වාර්තා විය.

ඔවුන් පවසන්නේ, නිරෝගීව පසුවන තමන්ට ආහාර ඇතුළු දෛනික අවශ්‍යතා සපුරාගැනීමේදී ගැටලුවලට මුහුණදීමට සිදුව ඇති බවයි. 

මේ අතර චීනයේ බිජිං නුවර වත්මන් තත්ත්වය අද දෙරණ වෙනුවෙන් එහි සිටින චීන මාධ්‍ය සමූහයේ සිංහල අංශයේ වංහියුන් සුනිමලි තොරතුරු ගෙන අවේය.

චීනයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය ඇලෙක්සි ගුණසේකර මහතා කියා සිටියේ එරට සිටින කිසිඳු ශ්‍රි ලාංකිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවයි.

මේ අතර අමෙරිකාව, ප්‍රංශය , දකුණු කොරියාව , ජපානය , සිංගප්පුරුව , තායිලන්තය සහ ඔස්ට්‍රේලියාවෙන්ද කොරෝනා වෛරසය අසාදිත වු පුද්ගලයින් වාර්තා වි ඇත.

දකුණු ආසියානු රාජ්‍යයකින් පළමු කොරෝනා රෝගියා වාර්තා වන්නේ නේපාලයෙන්.

ඉන්දියාවේද කොරෝනා රෝගීන් සිටින බවට වාර්තා වුවත් මෙතෙක් එම තොරතුරු තහවුරු වී නැත. 

මේ අතර අද දෙරණ කළ විමසීමකදි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ මෙතෙකේ ශ්‍රි ලංකාව තුළින් කිසිඳු කොරෝනා වෛරසය ආසාධනය වුවෙකු වාර්තා වි නොමැති බවයි.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook