ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී පාදයේ ඝණ්ඨාරය සොරකම් කිරීම සම්බන්ධයෙන් වන චෝදනාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (21) පාර්ලිමේන්තුවේදී කරුණු හෙළි කළා.
එම චෝදනාව කිරීම සඳහා තමන්ට සහාය වන ලෙස ඉල්ලීම් ලැබුණු බවද ඔහු සඳහන් කළා.
එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ එම චෝදනාව අසත්‍ය එකක් බවයි.එය අසත්‍ය බව තමන් සැක හැර දන්නා බවත් රන්ජන් රාමනායක මහතා සඳහන් කළා.
එම ඝණ්ඨාරය විහාරාධිපති හිමි සතු බව මන්ත්‍රීවරයා සඳහන් කළා.