Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විවිධ පුද්ගලයන්ට දුරකතන ඇමතුම් දෙමින් කළ කතාබස් ඇතුළත් බවට පැවැසෙන හඬ පට ගණනාවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජලාවන්හි සංසරණය වෙමින් පවතින අතර, මේ සංවාද මේ වන විට රටේ මහත් ආන්දෝලනයකට හේතු වී තිබෙනවා.

එම සමාජ මාධ්‍යවල දැක්වෙන තොරතුරුවලට අනුව මේ හඬපටවල අන්තර්ගතවී ඇත්තේ රාමනායක මහතා එවකට සිටි විනිසුරුවරියක රහස් පොලිසියේ ප්‍රධානීන් කිහිප දෙනකු, දේශපාලනඥයන් හා විවිධ තරාතිරම්මවල කාන්තාවන් අමතන ආකාරයයි.

විනිසුරුවරියගේ උසස්වීමක් ගැන මෙම සංවාදයේදී සඳහන්වී ඇතිබවද පැවසේ. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කළ විමසුමක දී ඔහු පැවැසුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල නිවෙසේ තිබී සොයා ගත් ආන්දෝලනාත්මක හඬ පට සම්බන්ධයෙන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ ඉහළ පෙළේ පරීක්ෂණයක් අරඹා ඇති බවයි.

වැඩබලන පොලිස්පතිවරයා ඒ පිළිබඳව තමාට දැනුම් දුන් බව ද රඹුක්වැල්ල මහතා පවසනවා. යම් යම් දේශපාලනඥයන්ට කතා කරමින් රාමනායක මහතා කරන විවිධ බලපෑම් පිළිබඳව මෙම හඬපටවල අන්තර්ගත වන බව කී රඹුක්වැල්ල මහතා දුමින්ද සිල්වා නඩුවට අදාළව කරන ලද බලපෑමක් පිළිබඳව ද ඒවායේ සඳහන් වී තිබෙන බව සඳහන් කළා.

පසුගිය කාලයේ දී ආණ්ඩුව නඩු කටයුතුවලට මැදිහත් වුණු ආකාරය ගැන මේ හඬ පටවලින් කදිමට පෙන්නුම් කෙරෙන බවත්, මේ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් නීතිය කරවන අංශ ඉහළ පියවරක් ගත යුතු බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි නිවෙස පෙරේදා (05) වැටලූ බස්නාහිර දිසාව දකුණ අපරාධ කොට්ඨාසය විසින් එහි තිබී බලපත්‍රයක් කල් ඉකුත් වූ ගිනි අවියක්, ජීව උණ්ඩ තොගයක්, සංයුත්ත තැටි 162ක් හා දෘඪ තැටි තොගයක් ද සොයා ගන්නා ලදී.

මේ සම්බන්ධයෙන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එම්.යූ.කේ. පැල්පොල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරිනු ලැබීය.

මේ සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් පවසා ඇත්තේ, හොරු අල්ලන ඇමැති විදියට තමා විවිධ තොරතුරු ලබා ගැනීමට විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට, නිලධාරීන්ට කතා කළ බවයි.

රහස් පොලිසියේ ශානි අබේසේකර, නිශාන්ත කන්දප්පා යනාදී නිලධාරීන්ට ද තමා කතා කළ බව රාමනායක මහතා පැවසුවා.

විවිධ දූෂිත පුද්ගලයන්ට විරුද්ධව අදාළ විමර්ශන අංශවලට වැඩිම පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ තමා යැයි කී රාමනායක මහතා ඒ සඳහා තමාට එම විමර්ශන අංශවලින් තොරතුරු අවශ්‍ය වුණු හෙයින් ඒවායේ ප්‍රධානීන්ට කතා කළ බව ද ප්‍රකාශ කළා.

විවිධ අංශවලින් යම් යම් රහසිගත තොරතුරු ලබා ගැනීමට තමා විවිධ උපක්‍රම පවා අනුගමනය කළ බවත්, තමා ඒ උපක්‍රම ඉගෙන ගත්තේ මාෆියා චිත්‍රපට බැලීමෙන් බවත් හිටපු රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළා.

විවිධ අපරාධ, දූෂණ හා වංචා රැසක තොරතුරු තමා සන්තකයේ ඇතැයි කී රාමනායක මහතා අවශ්‍ය වුවහොත් ඒවා ඉදිරියේදී ප්‍රසිද්ධ කරන බව ද සඳහන් කළා.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook