Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ඇමතුම් හසුවේ - තිදෙනෙක් රට පනී
ලොකු ලොක්කොත් ඒ අතර


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදී අනවසරයෙන් විදෙස්ගතව සිටින පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන අයට ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අය විසින් ඉකුත් නොවැම්බර් 19 වැනිදා ඇමැතුම් හයක් ලබාගෙන ඇතැයි අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (21දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ සඳහන් කර සිටියේය.

සිද්ධියට අදාළ නඩුව ඊයේ (21දා) කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙසේ සඳහන් කර සිටියේය.

තවදුරටත් කරුණු සඳහන් කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අයගේ සිම්පත ලියාපදිංචි හිමිකරු වන ලක්නා තරි¾දු පරණමාන්න යන අය දැනට ඕජෝන් ෆ්‍රාන්ස් ෆසේ යන පෞද්ගලික මාධ්‍ය ආයතනයක සේවය කරන අයකු බවත් ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර ගත් බවත්ය.

ඇය වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශ ලබාදෙමින් සඳහන් කර ඇත්තේ, ඇයගේ නමින් ලබාගත් මෙම සිම්පත 2019 වසරේ නොවැම්බර් මාසය වන විට, සන්ඩේ ඔබ්සර්වර්, පුවත්පතේ කර්තෘ ලෙස කටයුතු කළ දරීශා බැස්ටියන් යන අයට ලබාදුන් බවත්ය.

තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ, දරීශා බැස්ටියන් යන අයගේ දුරකථන විස්තර වාර්තා ලබාගත් බවත් එහිදී ලේක් හවුස් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ ක්‍රිෂාන්ත කුරේ මහතාගේ දුරකථනයට ඇමැතුම් 21ක් ලබාගෙන ඇති බවත්ය.

එසේම ඉකුත් නොවැම්බර් 19 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ දැනට වැඩ තහනමකට ලක්ව සිටින ශානි අබේසේකර මහතාගේ දුරකථනයට විනාඩි 9 තත්පර 12ක ඇමැතුමකින් සම්බන්ධ වී ඇති බවත් අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

තවද මේ වන විට විදෙස්ගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා විදෙස්ගත වීමට පෙරදින රාත්‍රි 9.30ට හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට ඇමැතුමක් ලබාගෙන ඇති බවටද කරුණු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

එසේම ලක්නා තරි¾දු පරණමාන්න යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් ප්‍රකාශ අනුව සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ කර්තෘව සිටි දරීශා බැස්ටියන් යන අය ඉකුත් දෙසැම්බර් 22 වැනිදා ස්විට්සර්ලන්තයට ගිය බවත් ඇයගේ දුරකථනය ක්‍රියාවිරහිත කර ඇති බවත් සඳහන් කර තිබිණි.

එසේම දරීශා බැස්ටියන් යන අයට ලැබුණු අවසාන ඇමැතුම් ඉකුත් දෙසැම්බර් 22 වැනිදා පැය 14.36 වන විට සැකකාර ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අය විසින් තත්පර 108ක ඇමැතුමක් ලබාගෙන ඇති බවත් ලේක්හවුස් හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ යන අයද දෙසැම්බර් 25 වැනිදා මැලේසියාවට පිටත්ව ගොස් ඇති බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර සිටියේය.

එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හෙට (23දා) වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිටින ලෙසට දන්වමින් බොරැල්ල පොලිසිය මඟින් දන්වා ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර සිටියේය.

රජය අපහසුතාවට පත් කරමින් අසත්‍ය ප්‍රකාශ ලබාදුන්නා යැයි කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ අධිකරණය භාරයේ තිබූ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (21දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළාය. 

ඉකුත් දින සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා සඳහන් කර සිටියේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිල සන්නිවේදන ඇති බැවින් 1996 අංක 09 දරන තානාපති වරප්‍රසාද පනතේ 38(2) වගන්තිය ව්‍යවස්ථාවෙන් ආවරණය වන බවත් තානාපති වරප්‍රසාද ලැබෙන බවත්ය.

එවන් අවස්ථාවක මෙම ජංගම දුරකථනය රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීම නීත්‍යනුකූල නොවන බවත් සඳහන් කරමින් විරෝධතාවක් ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී මහෙස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ලබාදෙන තෙක් අදාළ දුරකථනය අධිකරණය භාරයේ තැබීමට නියෝග කළාය. 

ඒ අනුව අදාළ නියෝගය ප්‍රකාශ කර සිටි මහෙස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ, සැකකාරියගේ ජංගම දුරකථනය ඇයගේ නමට ලියාපදිංචි කර නොමැති බැවින් හා එය තානාපති කාර්යාලය මඟින් ලබාදුන්නක් නොවන බැවින් එම ජංගම දුරකථනය විශ්ලේෂණය කිරීමට 1996 අංක 09 දරන තානාපති වරප්‍රසාද පනතේ 38(2) වගන්තිය අනුව බාධාවක් නොවන බවය.

ඒ අනුව විත්තියේ විරෝධතාව ප්‍රතිකේෂ්ප කළ මහෙස්ත්‍රාත්වරිය, අදාළ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝග නිකුත් කරනු ලැබුවාය.

එසේම එම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කරන ලෙසද මෙහිදී මහෙස්ත්‍රාත්වරිය රජයේ රස පරීක්ෂකවරයා වෙත නියම කරනු ලැබුවාය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජේ‍යෂ්ඨ අධි නීතිඥ ජනක බණ්ඩාර, රජයේ ජේ‍යෂ්ඨ අධි නීතිඥ ලක්මිණි ගිරිහාගම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් මහත්ම මහත්මීන් හා ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා සමඟ පොලිස් පරීක්ෂක කේ.එම්. ඉක්බාල් මහතා පෙනී සිටියහ.

සැකකාර ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් වෙනුවෙන් නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා පෙනී සිටියේය.

සිද්ධියට අදාළ නඩුව පෙබරවාරි 11 යළිත් කැඳවීමට නියමිතය.

හංසි නානායක්කාර, කවින්ධ්‍යා පෙරේරා

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook