Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මාරාන්තික කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් චීනයට ගමන් නවත්වන බව ජාත්‍යන්තර ගුවන් සමාගම් හතක් ඊයේ (29) නිවේදනය කළේය.


විදෙස් ගමන් අවලංගු කරන්නැයි ද කණ්ඩායම් ලෙස විදෙස් සංචාර වීම කල් දමන්නැයි ද චීනය එරට වැසියන්ට උපදෙස් දී ඇති අතර චීනයේ සංචාරය කිරීමෙන් වැළැකී සිටින්නැයි ඇතැම් රටවල් එරට වැසියන්ට උපදෙස් දී ඇත.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය කේන්ද්‍ර කරගනිමින් පැතිර යන නව මාරාන්තික කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව අද (29) වනවිට 132ක් දක්වා ඉහළ ගිය අතර වයිරසය ආසාදනය වී රෝහල්ගත කළ සංඛ්‍යාව ද 6000ක් දක්වා ඉහළ ගොස් ඇත.

චීන රජය නිකුත් කළ දත්තවලට අනුව ඊයේ (28) වනවිට මාරාන්තික කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 106ක් වූ අතර වයිරසය ආසාදනය වී රෝහල්ගත කළ සංඛ්‍යාව 4,515ක් විය. මේ අනුව ඊයේ වනවිට වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 26කින් ඉහළ ගොස් ඇත.

මාරාන්තික කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 20කට පැතිර ගොස් තිබේ. කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය 2002-2003 කාලයේ ඇති වූ ‘සාර්ස්’ වසංගත තත්ත්වයට වඩා බරපතළ යැයි චීනයේ ඇතැම් බලධාරීහු අද (29) ප්‍රකාශ කළහ.

එදා එම වයිරසය චීන ජාතිකයන් 5,300කට ආසාදනය වූ අතර මියගිය සංඛ්‍යාව 650කට ආසන්න විය. නව කොරෝනා වයිරසය මේ වනවිට චීන ජාතිකයන් 6,000කට ආසන්න පිරිසකට ආසාදනය වී තිබේ.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook