Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

සජිත් ප්‍රේමදාස මහතා තරම් දුර්වල, දුර නොපෙනෙන දේශපාලනඥයෙකු එක්සත් ජාතික පක්ෂයේ මෑත ඉතිහාසයේ බිහි වී නොමැති බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසනවා. එජාපයේ නායකයා කවුරුන් වුවද, අගමැති අපේක්ෂකයා කවුරුන් වුවද ඉදිරි මැතිවරණයේදී එජාපයේ පරාජය නියතයක් බවත්, සජිත් ප්‍රේමදාස මහතා මෙතරම් වලිකන්නේ එවැනි පරාජිත පක්ෂයක නායකත්වය වෙනුවෙන් බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී පොහොට්ටුව වටා එකතු වූ ජනතා බලවේගය මේ වනවිට විශාල රැල්ලක් බවට පත්ව ඇති බවත් ඒ අනුව එජාපය ලබන ශුද්ධ පරාජය රනිල් වික්‍රමසිංහ මහතාට හෝ සජිත් ප්‍රේමදාස මහතාට කිසිසේත් වෙනස් කළ නොහැකි බවත් ඇමතිවරයා පවසවා.

'කවුරු අගමැති වුණත්, කවුරු එක්සත් ජාතික පක්ෂයේ නායකයා වුණත් මේ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ශුද්ධ පරාජයක් ලබනවා. ඒක තමයි ඇත්ත. එතකොට කවුද ගිහිල්ලා මෙහෙම පරදින එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඉල්ලන්නේ. පරදින පක්ෂයක රනිල් වික්‍ර‍මසිංහ මහත්තයා ඉන්න කැමති නම් ඉන්න දෙන්න ඕන. එතුමා අගමැති අපේක්ෂකයා වෙන්න ආස නම් ඉන්න දෙන්න ඕනනේ. ඊටපස්සෙ තමයි ගන්න ඕන. ඒකෙන් පේනවනේ ප්‍රේමදාස මහත්තයාගේ දැනුම. කණ්ඩායමක් මේ දක්කගෙන යන නායකයා, මේ ගැලේ බැඳලා ඉන්න නායකයාගේ ඇත්ත තත්ත්වය පේනවනේ. කවුද සටන් කරන්නේ පක්ෂෙ නායකත්වය ගන්න මේ වෙලාවෙ. ජනාධිපතිවරණයෙ දි සටන් කරලා ගත්තා නම් ඒක වෙනම දෙයක්. නමුත් ගන්න බැරිවුණා. ඒකෙදි දුන්න ලණුව ගිල්ලා. දැන් දිරවගන්න බැරුව තටමන වෙලාව. ඒ නිසා අපි පැහැදිලිව කියනවා. එතුමා පක්ෂයේ නායකයා වුණත් එකයි. විපක්ෂ නායකයා වුණත් එකයි. මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයට සෑහෙන කාලයක් යයි හොඳ නායකයෙක් තෝරගන්න'

'එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරණය අවසන් වූ විගස මහ මැතිවරණයට යන්න තිබුණා. ඔවුන්ට තියෙන ප්‍ර‍ශ්න ඔවුන්ට විසඳගන්න බැහැ. ඒ වගේම ඔවුන් දන්නවා කොයිවෙලේ මැතිවරණය තිබුණත් ඔවුන් පරදිනවා කියලා. පළාත් සභා මැතිවරණය තිබ්බේ නැහැනේ. ඊට ඉස්සෙල්ලා මොකද්ද කෙරුවේ ප්‍රාදේශීය සභා ඡන්දෙ. ඒක දුන්නේ නැහැ. කල්මැරුවා. ඒකනේ වුණේ. අන්තිමට ඡන්දය කල් අරගෙන ඔවුන් හිතුවේ මේකෙන් බේරෙන්න පුළුවන් වෙයි කියලා. අන්තිමට මොකද්ද වුණේ සම්පූර්ණයෙන්ම විනාශ වුණා. එක්සත් ජාතික පක්ෂයේ ගම් මට්ටමේ තිබුණ පක්ෂ යාන්ත්‍ර‍ණය සම්පූර්ණයෙන්ම පොහොට්ටුවේ අතට ආව. ඊළඟට පළාත් සභා තිබ්බේ නැහැ. දැන් මහ මැතිවරණයට මොකද්ද කළ යුත්තේ. ඔවුන් කියනවා අපි ඕන සහයෝගයක් දෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා මම දැක්කා තුනෙන් දෙකේ නෙවෙයි සියලුම ඒවා දෙනවලු මේවා අනුමත කරගන්න. ඉතින් මහ මැතිවරණයට දැන්ම සහයෝගය දෙන්නකෝ. ප්‍රේමදාස මහත්තයා ඇතුළු කණ්ඩායමට ආත්ම ශක්තියක්, කොන්දක් තියෙනවා නම්, යමුකෝ ඡන්දයට. ඇයි මේ. ඔවුන් දන්නවා ඔවුන් පරදිනවා කියලා. ඒ හින්දා ඔවුන්ට වැඩ පිළිවෙළක් නැහැ. ඔවුන් කුලල් කාගෙන පක්ෂය ඇතුළේ. ඔවුන් විපක්ෂ නායකත්වයට ප්‍ර‍ශ්න ඇති කරගෙන. පක්ෂ නායකත්වයට ප්‍ර‍ශ්න ඇති කරගෙන. දෙකට තුනට හතරට පහට කැඩිලා ඉවරයි එක්සත් ජාතික පක්ෂය. මැතිවරණ වලට කැමති පක්ෂයක් තමයි පොහොට්ටුව. අපි ඕන වෙලාවක මැතිවරණයකට කැමතියි. පෙහොට්ටුව වටා විශාල රැල්ලක්, ජන බලවේගයක් ඒකරාශී වෙලා තියෙනවා. ඒ නිසා එන මැතිවරණයෙන් පොහොට්ටුව විශිෂ්ට ජයක් ලබනවා.

'ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියූ දේ කරන නායකයෙක්. ඉතාමත් හොඳට රට පාලනය කරගෙන යනවා. එතුමාව යක්ෂයෙක් විදියට මවලා තිබ්බේ. එතුමා ඉතාම ප්‍රියජනක නායකයෙක්. ජනතාවගේ පැත්තේ හිටගන්න නායකයෙක්. ඡන්දෙදි ජනතාව වෙනුවෙන් හිටගත්ත නායකත්වය අද ජනතාව වෙනුවෙන් තවම හිටගෙන ඉන්නවා. එතුමා නිවැරදි තීන්දු තීරණ අරගෙන සමහර අය කැමති නැතිව ඇති හැබැයි එතුමා රටේ බහුතර ජනතාවක් කැමති දේ එතුමා ඉටුකරගෙන යනවා.'

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook