Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ඊඒපී ව්‍යාපාර සමූහය, මූල්‍ය අර්බුදයකට මුහුණ පා තිබියදී ඔවුන් සතු මෙරට ප්‍ර‍මුඛ පෙළේ මාධ්‍ය ජාලයක් වන 'ස්වර්ණවාහිනී' මාධ්‍ය ජාලය ඇතුළු වත්කම් වලින් කොටසක් මිලදී ගත් විදේශීය සමාගමේ අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සෘජු සම්බන්ධතා පවත්වන ලද පුද්ගලයන් බව රාජ්‍ය බුද්ධි අංශය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට හා ජනමාධ්‍ය අමාත්‍යංශයට දන්වා ඇති බව වාර්තා වේ.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් ඉකුත් නොවැම්බර් 15 වැනිදා MOD / TEC / 01 / MGMR Network / 2019 (04) යන ලිපි අනු අංකය මැගින් මේ බැව් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට හා ජනමාධ්‍ය අමාත්‍යංශයට දන්වා තිබේ. 

ඊඒපී ව්‍යාපාර සමූහයේ වත්කම්වලින් කොටසක් මෙසේ මිලදී ගත්තේ බෙන් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම (Ben Holdings Pvt) සඳහාය.

මේ වන විට අදාළ සමාගම ලංකාවේ නීති රීති ද උල්ලංඝනය කරමින් ස්වර්ණවාහිනියේ 60%ක හිමිකාරිත්වය වක්‍රාකාරයෙන් ලබාගෙන ඇති බව පැවසේ.

ඒ බෙන් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම (Ben Holdings Pvt) විසින් එහි 40%ක ප්‍රමාණය හා ඇලෙක්ස් ලොවෙල් නැමැත්තා මෙහි ඉතිරි 20% ක ප්‍රමාණය මිලදී ගෙන තිබීම මගිනි.

එසේම ඊඒපී ව්‍යාපාර සමූහයට අයත් ස්වර්ණමහල්, ඊඒපී චිත්‍රපට හා අනෙකුත් සමාගම් සියල්ලට හිමි 40%ක කොටස් හිමිව ඇත්තේ සිංගප්පූරු සමාගමක් වන බ්ලූ සමිට් කැපිටල් (Blue Summit Capital) සඳහාය.

බෙන් හෝල්ඩිංග්ස් පුද්ගලික  (Ben Holdings Pvt) සමාගමේ එල්.ටී.ටී.ඊ.යට සෘජු සම්බන්ධකම් ඇති පුද්ගලයන් තිදෙනෙකු සිටින බවට හෙළිවූයේ මේ සමාගම විසින් MGMR Networks (Pvt) Ltd වෙත අයත් මැක්ස් රූපවාහිනී (MGM Networks) ආයතනය මිලදී ගැනීමට කටයුතු කිරීම නිසාය.

එහිදී අදාළ රූපවාහිනී නාලිකාව මිලදී ගැනීමට පෙර එම මිලදී ගැනීම සිදු කරනු ලබන සමාගමේ සිටින අධ්‍යක්ෂවරුන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නිෂ්කාශන සහතිකයක් ගතයුතු අතර අදාළ නිෂ්කාශන සහතිකය ලබා ගැනීමට යාමේදී මේ තොරතුරු හෙළිදරව් වී තිබේ.

ස්වර්ණවාහිනී රූපවාහිනී ආයතනය මිලදී ගැනීමේදී අධ්‍යක්ෂවරුන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නිෂ්කාශන සහතික ගැනීමට අවශ්‍යවී නොමැති අතර ඒ අදාළ රූපවාහිනී නාලිකාව සතු බලපත්‍රය පැරණි එකක් වීම නිසාය.

ඊඒපී ව්‍යාපාර සමූහයට මුදල් යොදවන ලද බෙන් හෝල්ඩිංග්ස් පුද්ගලික (Ben Holdings Pvt) සමාගම, බ්ලූ සමිට් කැපිටල් (Blue Summit Capital) හා ඇලෙක්ස් ලොවෙල් යන සියලුම පාර්ශවලට මුදල් ලබාදී ඇත්තේ ප්‍රබල ව්‍යාපාරිකයකු වන ශ්‍රී ලංකාවේ මුලතිව් හී ඉපිද පසුව ප්‍ර‍ංශයට ගොස් කෝටිපතියකු බවට පත්වූ අලිරාජ් සුභාෂ්කරන් නැමැත්තා විසිනි.

ඔහු බ්‍රිතාන්‍යයේ කොන්සවේටිව් පක්ෂයේ හා හිටපු අගමැති ජෝන් මේජර්ගේ ප්‍ර‍බල මූල්‍ය ආධාරකරුවකු බවද පැවසේ.

අදාළ තත්ත්වය මත ඊඒපී ව්‍යාපාරය රාජසන්තකවීමේ අවදානමක් ඇතැයි ද මේ අතර ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

බෙන් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම (Ben Holdings Pvt) සමාගමේ අධ්‍යක්ෂ ධූරයන් දරණ එල්.ටී.ටී. සමාගමට සෘජු සම්බන්ධකම් ඇති තිදෙනා හා මේ ගනුදෙනුව සිදු කිරීමට සම්බන්ධ වූ හිටපු රජයේ ප්‍රබලයන් කිහිපදෙනෙකු සම්බන්ධ තොරතුරු අප පසුව හෙළි කරන්නෙමු.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook