Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

සේවා ලබාගැනීමට රාජ්‍ය ආයතනයකට පැමිණෙන කිසිවකු අපහසුතාවකට පත් නොකර කඩිනම් නිවැරදි සහ ප්‍රශස්ත සේවාවක් ලබාදීමට කැපවීම සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වගකීම බව ජනපති අවධාරණය කරයි.

එමෙන්ම එම සේවාවන් සැපයීමේ දී කිසිදු අක්‍රමිකතාවකට ඉඩ නොතැබිය යුතුය.

අද (26) පස්වරුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් වේරහැර කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

ඡායාරූප ගැනීමේ සිට රියදුරු බලපත්‍රය නිකුත් කිරිම දක්වා වූ සියලුම අංශ ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය .

අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය හමුවෙමින් ආයතනයේ ක්‍රියාකාරිත්වය විමසා බැලිය.

“කාලය සෑම අයෙකුටම ඉතා වැදගත්. එහෙයින් සේවා ලාභීන්ට කඩිනමින් සිය අවශ්‍යතාව ඉටුකරදීමට කැපවිය යුතුය” වෘත්තිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ද සේවා අවශ්‍යතාවයන් කඩිනමින් ඉටුකරදීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

“සේවාවක් ලබා ගැනීමට පැමිණි පුද්ගලයාට එය භාරගත් වේලාව සඳහන් කර නැවත භාර ගැනීමට පැමිණිය යුතු වේලාව දැන්වීම වැදගත් වේ. එවිට ආයතනය තුළ කාලය අපතේ නොයවා සිය කටයුතු ඉටු කර ගැනීමට ජනතාවට හැකි වේ” ජනතාව සමඟ සාකච්ඡා කර ගැටලු නිරාකරණය කර ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රටේ අතිවිශාල ජනතාවකට සේවා සපයන ආයතනයක් වන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි ආයතන නිරන්තරයෙන් ආදර්ශමත්ව ක්‍රියා කිරීම ඉතා වැදගත්ය. එහිදී දූෂණ, වංචාවන්ට ඉඩ නොතැබීමට සියලු නිලධාරින් තරයේ ක්‍රියාකළයුත බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. සේවක පුරප්පාඩු පවතින්නේ නම් උපාධිධාරින් 54,000න් සුදුසු පිරිස් ඒ සඳහා බඳවා ගැනිමට හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

දෙපාර්තමේන්තුවේ ක්‍රමවේදය මාසයකින් වෙනස් විය යුතු බවත් එය නිරීක්ෂණය කිරීමට තමන් නැවත පැමිණෙන බවත් ජනපතිවරයා මෙහිදි සඳහන් කළේය.




Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook