Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

“සාර්ථක දැක්මක් - වැඩකරන රටක්“ තේමාව අනුව යමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කර ගැනිම සදහා තම සහාය උපරිම වශයෙන් ලබා දෙන බව මාතලේ මහනගරධිපති (එ.ජා.ප) ඩල්ජිත් අලුවිහාරේ මහතා පැවසිය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ මහනගර සභාවේ නගරාධිපති නිල කාමරයේ ඊයේ (03) දා පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා කියා සිටියේ ,

“බහුතර ජනතාවගේ කැමැත්ත අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත් වුණා. වසර 30ක් තිස්සේ මේ රට වෙලාගෙන තිබුණු ත්‍රස්තවාදය සාර්ථකව අවසන් කිරිමට යුධ හමුදාව ප්‍රමුඛ ඒ සියලු දෙනාට නායකත්වය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. කොළඹ නගරය ලස්සන නගරයක් බවට පත් කළා. නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඒ දේවල් සිදු කළා. වර්තමානයේදි අගමැති මහින්ද රාජපක්ෂ මහතා රජයක් ලෙස ගෙන යන වැඩපිළෙවලට අපේ උපරිම සහාය ලබා දෙනවා.

ජනාධිපතිවරණයෙන් පස්සේ මාතලේ නගරය තුළ යම් භිෂණකාරි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. මේ පිටුපස යම් දේශපාලන හස්තයක් ඇති බවට මා විශ්වාස කරනවා. මාතලේ නගරයේ මේ වන විට බස් නැවතුම්පොළවලින් නැවත අයථා විදිහට මුදල් එකතු කිරිමේ කටයුතු සිදු වෙනවා.

නගරාධිපතිධුරයට පත් වුවාට පසුව මම මේ සියල්ල නවතලා තිබුණේ. අපි ක්‍රමවත් ලෙස මාර්ග තදබදය අවම කිරිම සදහා වැඩකටයුතු සිදු කළා. නමුත් වාහන නැවතිමේ තහනම් ස්ථානවල මේ වන විට වාහන නවත්වා තියනවා. විශේෂයෙන් ධර්මපාල මාවත වැනි විදිවල මේ තත්ත්වය තියනවා. නගරයක් ලෙස සංවර්ධන කටයුතු සිදු කරගෙන යන විට විවිධ අය කකුලෙන් අදිනවා. මේ පිළිබඳව මා අභිනව මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා වෙත දැන්වුවා. නගර සභා සේවකයින්ට මේ වන විට ඇතැම් මැර කණ්ඩායම් විසින් පහරදිමට පටන්ගෙන තියනවා. විශේෂයෙන් ඩෙංගු මර්දන කටයුතු සිදු කළ සේවකයින් වෙත පහරකැමට ලක්ව තියෙනවා. පොලීසිය නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතුයි. රටේ සියලු දෙනාට එක නීතියක් බවට පත් කළ යුතුයි.

පසුගියදා මා හට මරණිය තර්ජන එල්ල කළ පිරිසක් විසින් ප්‍රසිද්ධියේ මේ පිළිබඳව මා පොලීසියට පැමිණිලි සිදු කළා. නමුත් තාම පරික්ෂණ පැවැත්වෙන්නේ මන්දගාමි ලෙසයි. අපි සාමකාමි ලෙස මේ නගරයේ මැතිවරණ කටයුතු පැවැත්වුවා. නමුත් මැතිවරණයෙන් පස්සේ නගරය තුළ යම් භිෂණකාරි තත්ත්වයකට මුහුණ දිමට සිදුව ඇති බවද අලුවිහාරේ මහතා පැවසිය.

ada

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook