Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(03) පෙරවරුවේ මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ(02) රාත්‍රියේ කොළඹ දී විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළුව පිළිබඳව සාකච්ඡාවක නිරත වී තිබේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ කොළඹ මහගම සේකර මාවතේ පිහිටි නිවසේදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවක් ඊයේ රාත්‍රියේ පැවැත්විය. 

මෙහිදී අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සූජීව සේනසිංහ මහතා පවසා සිටියේ, 
විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් යම් තීරණයකට පැමිණ ඇති බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසා සිටියේ, බ්‍රහස්පතින්දා දිනයේ දී එක්සත් ජාතික පෙරමුණේ හා පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේ දී සාකච්ඡා කර සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඉටුකළ හැකි යුතුකම ඉටුකරන බවට රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වු බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසා සිටියේ විපක්ෂනායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බවයි.

නලින් බණ්ඩාර මහතා පවසා සිටියේ, විපක්ෂනායක ධුරය ගැන ඇති අර්බුදය විසඳීම සඳහාත් පාර්ලිමේන්තුව රැස්විය යුතු බවයි.

රටේ ප්‍රශ්න කථා කරන්න ඇති හොඳම තැන පාර්ලිමේන්තුව බවත්, එය කල්දැමීම තුළින් රටේ ප්‍රශ්නවලින් පැන යෑමක් සිදුවෙන බව හැඟී යන බවත් මන්ත්‍රිවරයා පැවසීය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
එහිදී අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ඉතා ගෞරවනීය ලෙස අලුත් පරපුරට එම වගකීම් බාර දී එතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී මෙහෙවර අවසන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

තමාට ලැබී ඇති තොරතුරු මත රනිල් වික්‍රමසිංහ මහතා සිය වගකීම් අවසන් කරමින් ධූරයෙන් ඉවත් වීමට සුදානම් බව දැන ගැනීමට ලැබී ඇති බවත් එයට සුබ පතන බවත් අජිත් පී පෙරේරා මහතා පැවසීය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මල්වතු මහාවිහාරයට පැමිණි මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

අනතුරුව අස්ගිරි මහාවිහාරයට පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියන් බැහැදුටුවේය

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook