Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

යම් පාර්ශවයක ප්‍රකාශයක් අනුව ජාතික ආරක්ෂාව ඉවත හෙළමින් යුද හමුදා කඳවුරු කිසිදු අයුරකින් ඉවත් නොකරන බව ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. දේශපාලන පක්ෂවලට විවිධ ප්‍රකාශ කළ හැකි නමුත් එම පක්ෂවල ප්‍රකාශ අනුව ජාතික ආරක්ෂාව ඉවත හෙළීමට සූදානම් නැතැයි අද (30) ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ඒ මහතා ප්‍රකාශ කළේය.

නව ධුරයට පත්වීමෙන් පසු දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ඒ මහතා දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා විසින් පිළිගන්නා ලදී. 


අනතුරුව ඒ මහතා අස්ගිරි මහා විහාරයට පැමිණ එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර පසුව මල්වතු මහා විහාරයට පැමිණ එහිදී මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

'ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය ලබාදෙන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර තිබෙනවා. නව රජයක් යටතේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලද විශාල සංවර්ධන කාර්යභාරයක් සිදු කෙරෙන අතර ඒ සඳහා දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ හැකියාව අනුව දායකත්වයක් ලබාදීම ඉතාමත්ම උචිත පියවරක් යැයි මම විශ්වාස කරනවා'යි කී ආරක්ෂක ලේකම්වරයා මෙසේද ප්‍රකාශ කළේය.

'සංවර්ධන කාර්ය භාරය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තනිව සිදු කරනවාට වඩා සෙසු පාර්ශවයන්ගේ සහයෝගය ලබාගැනීම සුදුසුයි. ඔවුන්ගේ සහයෝගය ලැබෙනවා නම් එම කාර්යභාරය ඉටුකිරීම වඩාත් පහසුයි. උතුරු නැගෙනහිර ඇතුලුව ඒ ඒ ප්‍රදේශවල සිටින ප්‍රාදේශීය නායකයන් ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට සහ රජයට සහයෝගය දක්වනවා නම් ඒ තුළින් සමස්ත රට සංවර්ධනය කිරීමේ කාර්යභාරය වඩාත් කඩිනමින් සිදු කළ හැකියි. යුද සමයේ ඉතාමත්ම පීඩනයෙන් සිටි ජනතාවට වඩාත් සුදුසු ජීවන තත්ත්වයක් ලබා ගැනීමට සුදුසු තීරණයක් වශයෙන් එය සලකන්න පුළුවන්.'


'නමුත් කිසිදු අයුරකින් හමුදා කඳවුරු ඉවත් වන්නේ නැහැ. රජයේ ස්ථාවරය වන්නේ ජාතික ආරක්ෂාව සඳහා හමුදා කඳවුරු ඒ අයුරින්ම පැවතිය යුතු බවයි. රටේ ආරක්ෂාව සඳහා අවශ්‍ය තැන්වල හමුදාව සිටිය යුතුයි. කාගෙවත් ඉල්ලීමකට කන් දෙමින් ජාතික ආරක්ෂාව පසෙකලා හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැහැ. ප්‍රදේශයක හමුදා කඳවුරක් තිබුණා කියලා ඉන් කාටවත් හානියක් සිදු වන්නේ නැහැ. ඉන් සිදුවන්නේ හානියක් නොව මහජනතාවට සේවයකි. 

'යුද සමයේදී පවා උතුරු නැගෙනහිර රෝගියෙකු රෝහල් ගත කිරීමට පවා ඉදිරිපත් වුණේ යුද හමුදා කඳවුරුවල සිටි සෙබළුන් මිස වෙන කවුරුවත් නොවෙයි. යුද සමයේදී උතුරු නැගෙනහිර සාමාන්‍ය පෙළ උසස් පෙළ දරුවන්ට අධ්‍යාපන කටයුතු පහසු කරගැනීමට විවිධාකාරයෙන් ආරක්ෂක අංශ විසින් උපකාර කළා. යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල දරුවන්ට ඉදිරියේදීත් ඒ අයුරින්ම උපකාර කිරීමට අප සූදානම්. ජාති ආගම් සහ කුලභේද අප ළඟ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ජාතිභේදයෙන් තොරව බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගම් භේදයෙන් තොරව මෙරට වයස්ගතම පුද්ගලයාගේ සිට ලාබාලතම දරුවා දක්වා සියලු දෙනාට අපෙන් සිදුවිය යුතු සේවාව ඉටු කිරීමට අප සූදානමින් ඉන්නවා.'


'කුමන ආගමකට අයත් වුවත් පුරාවස්තු ආරක්ෂා කිරීම පරම යුතුකමක් බව ජනාධිපතිවරයා විශ්වාස කරනවා. පුරාවස්තු ආරක්ෂා විය යුතු අතර ඒවාට හිමි විය යුතු ප්‍රමුඛස්ථානය ඒ අයුරින්ම හිමිවිය යුතුමයි. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අප ඉදිරියේ දී ගන්නවා.'

යමෙකු අන්තවාදී ප්‍රකාශ කරන්නේ ඇතැම් විට ඔහුගේ දේශපාලන දර්ශනය අනුව සිදු වෙන්න පුළුවන්. නමුත් අන්තවාදී ප්‍රකාශ හේතුවෙන් යම් ආගමකට යම් ජන පිරිසකට හානියක් සිදුවන්නේ නම් එය සුදුසු නොවන බවයි අපේ හැඟීම. තමන් අදහන ආගම ඇදහීමටත් තමන්ගේ සංස්කෘතිය වටිනාකම් අනුව ජීවත් වීමටත් අවශ්‍ය අයිතිය අපි ලබාදෙනවා. නමුත් එහිදී සෑම පුද්ගලයෙක්ම අනිත් පාර්ශවයකට හානියක් නොවන වශයෙන් ජීවත් විය යුතුයි.'

'අපි කරන සෑම කාර්යභාරයක් ම ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් එරට නීති පද්ධතියට යටත් විය යුතුයි. අසාධාරණ අයුරින් අත්අඩංගුවට ගෙන සිර ගෙවල්වල සිරගත කර සිටින රණවිරුවන් පිළිබඳව සොයා බලා ඔවුන් නිදහස් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇතැයි ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නුවර නදීක දයා බණ්ඩාර



Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook