Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ජනපති සටනේ විවිද අපේක්ෂකයිට මඩ කියන්නේ දැන් නම් සාමාන්‍ය දෙයක් වෙලා එයාලට ඒවා ගානක්වත් නෑ වගේ බලන්නකෝ මන්ත්‍රී ඩිලාන් කියන කතාව එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ සියලූ බලවේග එකතු කරලා ගෝඨාභය රාජපක්ෂ මහතා එකම වේදිකාවක සිටිනවා කියන්නේ මේ රටේ ජනතාව කාලයක් තිස්සේ ඉල්ලපු දේ ලැබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. 
අද (1) කොළඹ පැවති පොදුජන පෙරමුණේ සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා, “සාමාන්‍යයෙන් වෙන්නේ ජනතාව නායකයා පසුපස යෑමයි. නමුත් මෙවර ජනතාව නායකයින්ට කිව්වා පක්ෂ දෙකම එකතු වෙන්න. 
එහෙම කෙරුවොත් පමණයි ජයග‍්‍රහණය කරන්න පුළුවන් වෙන්නෙ කියලා. එය අද සිදු වුණා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉඳගෙන අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයට මුක්කු ගසන බව මම දිගින් දිගටම කිව්වා. අද උදේ වනවිට ඒ අනාවැකිය හරි ගියා. 

අපි කිව්වා වගේම සියලූම සකලවිධ බලවේග එකතු වුණා. අපි එකතු වුණා පමණක් නොවෙයි අද මේ වනවිට එකතුවට බාධා කළ අයගේ වෙස් මුහුණු ගැලවී තිබෙනවා. මොකද ඒ අය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකිමේ බෝඩ් එක ගැහුවට මේ එන්නේ පක්ෂය සුරැකිමට නෙවෙයි. 

මේ එන්නේ එක්සත් ජාතික පක්ෂය සුරකින්න. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මේ කළේ ඇයගේ දේශපාලනය ජීවිතේ යම් දෙයක් ඉතිරිවෙලා තිබුණ නම් ඒ දේත් විනාශ කර ගන්න එකයි. තමාගේ කීර්තිමත් පියාට තමන්ගේ කීර්තිමත් මවට විශාල අවමානයක් සිදු කිරීමයි.

සජිත් පේ‍්‍රමදාස මහතාට තමාගේ කියා දේශපාලන න්‍යාය පත‍්‍රයක් නෑ. කොපි කරන එක තමයි කරන්නේ. සජිත් පේ‍්‍රමදාස මේ අවස්ථාවේ පේ‍්‍රම කරන්නේ කොපියට තමාගේ පක්ෂයේ වැඩපිළිවෙළට හෝ කණ්ඩායමේ වැඩපිළිවෙළට හෝ ජනතාවට නොවේ. ඔහු පේ‍්‍රමදාස නොවේ දැන් කොපිදාස. බලං ඉන්නෙ එහෙන් වෙන්නෙ මොකක්ද කියන එක. කොපිකර ගන්නයි. 

තව ඉස්සරහට කියයි ඇඳක් නැත්නම් ඇඳක් දෙන්නම් කොට්ටෙකුත් එක්කම මෙට්ටයක් දෙන්නම් කියයි. ඒ මදිවට නෝනා කෙනෙකුත් දෙනවා කියයි. මෙන්න මේ විහිළු මැතිවරණ ව්‍යාපාරයේ ඇඩ්මින් තමයි සජිත් පේ‍්‍රමදාස කියන්නේ. මේ මැතිවරණ ව්‍යාපාරය තුළ ජනතාව ඉතාමත් විමසිල්ලෙන් සිටිය යුතුයි.මේ වෙද්දි විශාල මඩ ව්‍යාපාරයක් යනවා. ඊයේ කුරුණෑගල හා තවත් රැස්විමකට සජිත් පේ‍්‍රමදාස මහතා නොගියේ සෙනඟ හිටපු නැති නිසා. 

ඒ සිද්ධිය නොකියා, කුරුණෑගල නගර සභාවෙන් පොහොට්ටුවේ නගරාධිපතිවරයා ලයිට් කැපුවා කියලා නගරාධිපතිවරුන්ට ලයිට් කපන්න බලයක් නෑ. අනිත් කාරණය ඔය කියන ක‍්‍රීඩාංගණය අයිති වෙන්නේ නගර සභාවට නෙවෙයි ක‍්‍රිකට් පාලක මණ්ඩලයට. සිද්ධියට නගරාධිපතිතුමාගේ සම්බන්ධයක් නෑ. ඒ ප‍්‍රකාශයට නීතිඥවරු අද වෙනකොටත් එන්තරවාසියක් යවා ඒ ගැන නීතිමය ක‍්‍රියාමාර්ග ගෙන තියෙනවා. අද සිට ඉදිරි දින 10 තුළ විශාල මඩ ගොඩක් මවලා, මඩ ගහලා,ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිරූපයටත් මේ සාර්ථක මැතිවරණ ව්‍යාපාරයටත් බාධා කරන්න ඔවුන් පෙළඹෙනවා යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය”. කෂිනි හපුආරච්චි

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook