Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මේ දිනවල කාන්තා සනීපාරක්ෂක තුවා, හා Pad man චිත්‍රපටය පිළිබදව කතාබහකට ලක්වී ඇති මොහොතක The Real Pad man ගැන සටහනක් තබන්න අපි සිතුවා.

දකුණු ඉන්දියාවේ දුප්පත් පවුලකින් පැමිණි අඩු වයසෙන් පාසල් හැරගිය සාමාන්‍ය පුද්ගලයකු සංවර්ධනය වෙමින් පවතින රටවල ග්‍රාමීය කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍යයේ විප්ලවීය වෙනසක් සිදුකිරීමට සමත් වූ අතර ඔහු එය කරනු ලැබුවේ ලාභදායී සනීපාරක්ෂක තුවා නිෂ්පාදන සඳහා භාවිතා කළ හැකි සරල යන්ත්‍රයක් නිර්මාණය කිරීම මගිනි.
“මේ සියල්ල ආරම්භ වූයේ මගේ බිරිඳගෙන්” ඔහු පවසයි. 1998 දී ඔහු විවාහ වූ අතර ඔහුගේ ලෝකය ඔහුගේ බිරිඳ ශාන්ති සහ ඔහුගේ වැන්දඹු මව වටා කැරකෙයි. දිනක් ඔහු දුටුවේ ශාන්ති ඔහුගෙන් යමක් සඟවන බවයි. එය කුමක්දැයි දැනගත් ඔහු කම්පනයට පත් විය. ඒ ඇය ඔසප් වීමේදී භාවිතා කළ අපිරිසිදු රෙදි කැබලිය.

මුරුගානන්දම් මෙසේ පවසයි "මගේ ස්කූටරය පිරිසිදු කිරීමටවත් එවැනි රෙදිකැබලි මම භාවිතා නොකරයි." ඇය සනීපාරක්ෂක තුවා භාවිතා නොකරන්නේ මන්දැයි ඔහු ඇයගෙන් විමසූ විට ඇය පෙන්වා දුන්නේ ඇය පවුලේ කාන්තාවන් සඳහා ඒවා මිල දී ගත්තා නම් ඇයට කිරි මිලදී ගැනීමට හෝ නිවසේ වෙනත් කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වනු ඇති බවයි.

තම තරුණ බිරිඳගේ සිත් දිනාගැනීමට කැමති වූ මුරුගානන්දම් සනීපාරක්ෂක තුවායක් මිලදී ගැනීමට නගරයට ගියේය. ඔහු එය විමසූ විට වෙළෙඳ හිමියා එය කඩිමුඩියේ ඔහුට භාර දෙන ලදි. ඔහු එය අතේ තබාගෙන කල්පනා කළේ ග්‍රෑම් 10ක කපු රෙදි කැබැල්ලක් (එකල පයිසා 10ක පමණ වටිනාකමකින් යුත්) රුපියල් 40කට අලෙවි කරන්නේ ඇයිද යන්නයි.(වටිනාකම මෙන් 40 ගුණයකට) ඔහු තීරණය කළේ ඒවා තමාටම ලාභදායී ලෙස නිෂ්පාදනය කිරීමට හැකි බවයි.

ඔහු කපු වලින් සනීපාරක්ෂක තුවායක් සාදා එය වහාම පරීක්ෂා කර බලන ලෙස ඉල්ලා ශාන්තිට දුන්නේය. ඇය පැවසුවේ ඔහුට යම් කාලයක් බලා සිටීමට සිදුවනු ඇති බවයි. ඔසප් වීම සිදුවන්නේ මාසයකට වරක් යැයි ඔහු දැනගත්තේ ඒ අවස්ථාවේදීය. "සෑම පරික්ෂාකිරීමක් සඳහාම මට මාසයක් බලා සිටිය නොහැක. එයට දශක දෙකක් ගතවනු ඇත!" ඔහුට තවත් ස්වේච්ඡා සේවකයන් අවශ්‍ය විය.

මුරුගානන්දම් ඒ පිළිබඳව තවදුරටත් සොයා බැලූ විට, අවට ගම්මානවල කිසිදු කාන්තාවක් සනීපාරක්ෂක තුවා භාවිතා කර නැති බව සොයා ගත්තේය. ඔහුගේ සොයාගැනීම් 2011 දී ඉන්දියානු රජය විසින් පත් කරන ලද ඒසී නීල්සන් විසින් කරන ලද සමීක්ෂණයකින්ද තහවුරු විය. එම සමීක්ෂයට අනුව ඉන්දියාව පුරා කාන්තාවන්ගෙන් සනීපාරක්ෂක තුවා භාවිතා කරන්නේ 12%ක් පමණි.

මුරුගානන්දම් පවසන්නේ ග්‍රාමීය ප්‍රදේශවල මෙම ප්‍රතිශතය මීටත් වඩා බෙහෙවින් අඩු බවයි. කාන්තාවන් පරණ කුණු කසළ පමණක් නොව වැලි, ලී කුඩු, කොළ සහ අළු වැනි අපිරිසිදු ද්‍රව්‍ය භාවිතා කරන බව දැනගත් ඔහු අතිශය කම්පනයට පත් විය.

රෙදි භාවිතා කරන කාන්තාවන් බොහෝ විට හිරු එළියේ වියළීමට ලැජ්ජාවට පත්වන අතර එයින් අදහස් කරන්නේ ඔවුන් විෂබීජහරණය නොකරන බවයි. ඉන්දියාවේ සියලුම ප්‍රජනක රෝගවලින් 70% ක් පමණ සිදුවන්නේ දුර්වල ඔසප් සනීපාරක්ෂාව හේතුවෙනි. එය මාතෘ මරණවලට ද බලපායි.

ඔහුගේ නිෂ්පාදන පරීක්ෂා කිරීම සඳහා ස්වේච්ඡා සේවකයන් සොයා ගැනීම එතරම් පහසු කාර්යයක් නොවීය. ඔහුගේ සහෝදරියන් එය ප්‍රතික්ෂේප කළ නිසා ඔහුගේ ප්‍රාදේශීය වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යාවන් වෙත ළඟාවීමේ අදහස ඔහුට තිබුණි. "නමුත් වැඩමුළු සේවකයෙකුට වෛද්‍ය විද්‍යාලීය දැරියකට ළඟා විය හැක්කේ කෙසේද?" මුරුගානන්දම් පවසයි. "කොලේජ් කොල්ලන්ටවත් මේ කෙල්ලෝ ළඟට යන්න බැහැ!"

කෙසේ හෝ ඔහුගේ තුවා අත්හදා බැලීමට සිසුවියන් 20 දෙනෙකු කතාකරගැනීමට ඔහු සමත් විය. නමුත් එය තවමත් සාර්ථක වූයේ නැත. ඔහු ඔවුන්ගේ ප්‍රතිපෝෂණ පත්‍ර (Feedback Forms) එකතු කිරීමට පැමිණි දිනයේදී ඔහු ගැහැණු ළමයින් තිදෙනෙකු එම පත්‍ර එම අවස්ථාවේදී කඩිමුඩියේ පුරවනවා ඔහු දැක්කේය. එම නිසා මෙම ප්‍රථිපල මත විශ්වාසය තැබිය නොහැකි බව ඔහුට පසක් විය. නිෂ්පාදන තමා විසින්ම පරීක්ෂා කර බැලීමට ඔහු තීරණය කළේ එවිටය. “මම සනීපාරක්ෂ තුවා පැළඳින මිනිසා බවට පත්වුණා,” ඔහු පවසයි.


ඔහු පාපන්දුවකින් “ගර්භාෂයක්” නිර්මාණය කළේ එහි සිදුරු කිහිපයක් විදීමෙන් එළුවන්ගේ රුධිරයෙන් එය පුරවා ගනිමිනි. මුරුගානන්දම්ගේ හිටපු පාසල් මිතුරෙකු වන මස් වෙළෙන්දෙකු එළුවෙකු මරා දැමීමට යන සෑම අවස්ථාවකදීම මුරුගානන්දම්ගේ නිවස අසලින් යද්දී බයිසිකල් සීනුව නාද කරයි. මුරුගානන්දම් රුධිරය එකතු කර ලේ බැංකුවේ සේවය තවත් මිතුරෙකුගෙන් ලබාගත් ආකලන ද්‍රව්‍යයක් සමඟ මිශ්‍ර කරන ලදී. එමගින් රුධිරය ඉක්මනින් කැටි ගැසීම වැළැක්වීම සිදුවිය.

ඔහුගේ සාම්ප්‍රදායික ඇඳුම් යටින් පාපන්දු මුත්‍රාශය රඳවමින් ඇවිදිමින්, පාපැදි වලින් ගමන් කරමින්, දුවමින් නිරන්තරයෙන් ඔහුගේ සනීපාරක්ෂක තුවාවල අවශෝෂණ හැකියාව පරීක්ෂා කිරීම සිදුකලේය. හැමෝම හිතුවේ ඔහුට පිස්සු හැදිලා කියලා.

ඔහු තම ලේ තැවරුනු ඇඳුම් පොදු ළිඳක සේදීමට පුරුදුව සිටි අතර මුළු ගමම නිගමනය කළේ ඔහුට ලිංගික රෝගයක් ඇති බවය. ඔහු මඟහැරීම සඳහා මිතුරන් තීරණය කළහ. “මම විකෘති පුද්ගලයෙක් වෙලා” කියා ඔහු පවසයි. ඒ සමඟම, ඔහුගේ බිරිඳ ඔහුගේ මෙම ක්‍රියාකලාපය පිළිබදව වෙහෙසට පත්වී ඔහුව හැර ගියේය. "මම මගේ බිරිඳ වෙනුවෙන් පර්යේෂණ ආරම්භ කළෙමි. මාස 18 කට පසු ඇය මා හැර ගියාය!"


එවිට ඔහුට තවත් අදහසක් පහලවිය. ඔහු භාවිතා කළ සනීපාරක්ෂක තුවා අධ්‍යයනය කිරීමට තීරණය කළේය. නිසැකවම මෙයින් සියලු ප්‍රශ්න විසඳෙනු ඇත. නමුත් මෙම අදහස එවැනි මිථ්‍යා විශ්වාස ප්‍රජාවක් තුළ ඉදිරිපත් කිරීම ඊටත් වඩා විශාල අවදානමක් ඇති කළේය. "මම කාන්තාවකගෙන් කෙස්ගසක් ඉල්ලුවද, ඇයව වසඟකරගැනීම සඳහා මම ඇයට ගුරුකමක් කරනවා යැයි ඇය සැක කරනු ඇත," ඔහු පවසයි.

ඔහු වෛද්‍ය සිසුන්ට සනීපාරක්ෂක තුවා ලබා දී පසුව ඒවා එකතු කළේය. ඔහුගේ සාම්පල ඔහු නිවස පසුපස තබා තිබුණි. මෙම දැකීමෙන් තම ඉවසීම සීමාව,ඉක්මවා ගිය ඔහුගේ මව ඇයගේ ඇදුම්ද ගිනිතබා නිවසින් පිටවිය. “ඒක මට විශාල ප්‍රශ්නයක් වුණා ඔහු පවසයි."මට මගේම ආහාර පිසීමට සිදු විය."



Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook