Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ලංකාවේ ජනාදිපති වරණයට ඉදිරිපත්වන ප්‍රදාන අපේක්ෂකයන් දෙදෙනා ගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ශය දෙන්න ජනපති මෛත්‍රීපාල මහතා ඉදිරිපත්වෙයිද….? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකිරීමේ මැතිවරණ වේදිකාවලට ගොඩවීමේ සූදානමක් ඇති බවට වාර්තා වේ. මේ සම්බන්ධව ජනාධිපතිවරයාගේ පාර්ශ්වය පොදුජන පෙරමුණේ නායකයන් සමග සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජපාන සංචාරය නිමවා ඊයේ දිවයිනට පැමිණියේය. ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන මැතිවරණ රැලි සඳහා සිරිසේන මහතා එක්වීමට අදහස් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 
එහෙත්, මේ සම්බන්ධව පොදුජන පෙරමුණට සම්බන්ධ වී සිටින පක්ෂ නායකයන් හා ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් එතරම් කැමැත්තක් නොදක්වා අති අතර ඔවුන් දැඩි දෙගිඩියාවකින් පසුවන බවටද විශ්වාස කටයුතු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු හා රැස්වීම් කටයුතු සාර්ථකව සිදුකෙරෙන නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෝඨාභය මහතා ගේ වේදිකාවට අවශ්‍ය නොවන බවට පොදුජන පෙරමුණට සම්බන්ධ නායකයෝ විශ්වාසය පළ කරති. එමෙන්ම පොදුජන පෙරමුණේ වේදිකාවට ගොඩ වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනතාව විසින් හූ හඬ නංවා විරෝධය පළ කිරීම නිසා යම් අයුරකින් ජනාධිපතිවරයාටත් විරෝධය පෑමක් සිදුවුවහොත් ශ්‍රීලනිපයේත් පොහොට්ටුවේත් පිරිස් අපහසුතාවට ලක්විය හැකි බවටද පොදුජන පෙරමුණට සම්බන්ධ නායකයෝ විශ්වාසය පළ කරති. මේ නිසා ජනාධිපතිවරයා පෙර සඳහන් කළ පරිදි පොදුජන පෙරමුණේ රැස්වීම් වලට සහභාගී නොවීම වඩාත් සුදුසු බවටද ඔවුහු සඳහන් කරති. කෙසේ වෙතත්, මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රධානීන්ට දැනුම් දී තිබුණේ තමන් පොදුජන පෙරමුණේ වේදිකාවට ගොඩ නොවන බවයි. ඒ අනුව යමින් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මේ දක්වා පැවැති පොදුජන පෙරමුණේ මැතිවරණ වේදිකාවලට ගොඩ නොවීමට වගබලා ගත්තේය.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook