Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමෙන් මේ රටේ අක්කර ලක්ෂ ගණනක් නොව එක බිම් අඟලක් හෝ අමෙරිකාවට දෙන්නට සූදානම් බව ඔප්පු කර පෙන්නුවහොත් එක දවසක්වත් නොසිට තමා දේශපාලනයෙන් සමුගන්නා බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා අවධාරණය කෙළේය.

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමේ එකතැනකවත් රටේ බිම් අඟලක් හෝ අහිමිවන තැනක් තිබේනම් එය පෙන්වා දෙන ලෙස විරුද්ධවාදීන්ට විවේචකයින්ට තමා අභියෝග කරන බවත් මුදල් ඇමැතිවරයා කීය. අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 480 ක් නැතිනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 86.4 ක් තරම් අතිවිශාල ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලැබීමෙන් ඇතිවන වාසි සහ එය වැළැක්වීමට විරුද්ධවාදීන් ගන්නා මුළුමනින්ම අසත්‍ය සහ ඊර්ෂ්‍යාව මත පදනම් වූ කරුණු දැක්වීම්වලට පිළිතුරු ලබාදීමේ අරමුණින් ඊයේ (06) සවස මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා, මේ රටේ වාමාංශික ව්‍යාපාරය හා රාජපක්ෂ කඳවුර වරින්වර රට ගිනි තියන දේශපාලන පටු වාසි තකා අමූලික බොරු මවාපාන බව සඳහන් කළේය. ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස සුවසැරිය ගිලන් රථ සේවය ලබාදීමට ගිය අවස්ථාවේදී ඊට විරුද්ධව විශාල බිල්ලෙක් මවමින් ඉන්දියානු ව්‍යාප්තවාදයක් පිළිබඳ ජනතාව බියගැන්වූවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මේ රටේ සෑම මුස්ලිම් තරුණයකුම ISIS සටන්කාමින් යැයි මහා ලොකු බිල්ලෙක් මවමින් ජාතිවාදය වැපිරීමට රාජපක්ෂ කඳවුර ක්‍රියා කළා. එපමණක් නොව දෙමළ ජනතාවද බිල්ලන් ‍සේ මවාපාමීන් එල්.ටී.ටී.ඊ.ය සංවිධානය ක්‍රියාත්මක සමයේ විශාල හානියක් රටට සිදුකළා.

වසර 1988 දී එවකට හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන, හිටපු අගමැති රණසිංහ ප්‍රේමදාස මහත්වරුන්ගේ කාලයේ ඉරණවිල අමෙරිකන් හඬ පිළිබඳ විශාල බිල්ලෙක් මැව්වා. ඒ සඳහා මහා සංඝරත්නය, එවකට හලාවත බිෂොප්තුමා, පියතුමන්ලා ඇතුළු විශාල පිරිසක් මීට එකතු වුණා. නමුත් අමෙරිකන් හඬ මඟින් ශ්‍රී ලංකාවේ එකදු බිම් අඟලක් අමෙරිකාවට හිමිවුණේ නැහැ. ඔවුන් ඒ සියලු දේපොළ මහාභාණ්ඩාගාරයට වසර 2017 දී පවරාදෙමින් රටෙන් පිටවුණා. මේ ආකාරයේ කුමන්ත්‍රණකාරීන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියා නිසා අතීතයේ පටන් රටට ලැබිය යුතු විශාල වාසි සංඛ්‍යාවක් අහිමි වී ගොස් තිබෙනවා. ඒ අයුරින්ම මෙවරද මිලෙනියම් චැලෙන්ජ් අරමුදලින් රටට ලැබිය යුතු වාසි නොලැබී යන තැනට කටයුතු කිරීම රාජපක්ෂ කඳවුරේ අරමුණයි.

මිලෙනියම් චැලෙන්ජ් ප්‍රදානයෙන් මූලික වශයෙන් රටේ ප්‍රවාහන පද්ධතිය වැඩිදියුණු කිරීම, ඉඩම් පරිපාලනය ඩිජිටල්කරණය කිරීම තුලින් එය කාර්යක්ෂම කිරීම සිදුවෙනවා. මෙයින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඉහළට එසවෙනවා. මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් ශ්‍රී ලංකාවට කොන්දේසි පැනවීමට කිසිමවිටක අමෙරිකාව ක්‍රියාකොට නැහැ. අප රටේ මානව අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට නම් රජයට සිදුවෙනවා. සුදුවෑන් සංස්කෘතියට නැවත හිස එසවීමට ඉඩ නොතැබීම.

දේශපාලන වශයෙන් පරාජයට පත්වී අපේක්ෂාභංගත්වයට පත්වූ බ‍ලලෝභී රාජපක්ෂ කඳවුර සුපුරුදු පරිදි රට කෑලිවලට කැඩෙනවා, රට විකුණනවා යැයි නගන චෝදනාවලට මේ රටේ ජනතාව තවදුරටත් රැවටිය නොහැකි බව ඇමැතිවරයා අවධාරණය කළේය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතාද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටියේය.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook