Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ජීවිතය ලස්සනයි හරහා ඇයත් හා හා පුරා කියලා රිදී තිරයට ගොඩවුණා. ඇත්තටම ඇය ගේ ජීවිතය ලස්සනයි. ජීවිතය ලස්සනයි හරහා කලාවට ගොඩවුණ ඇයට සුන්දර සැමියෙක් සුන්දර පවුලක් හමුවෙනවා. දැන් ඇය එක්දරු මවක්. ඒ විතරක් නෙමෙයි මේ ළඟකදී ඇය විවාහක රූ රැජින කිරුළටත් හිමිකම් කිව්වා. නමිත් මහේෂි මධුසංකා. 
මේ ඇගේ හඬයි.

මහේෂි ලැබූ ජයග‍්‍රහණය ගැන මුලින්ම කතා කළොත් ?

ලැබුණ ජයග‍්‍රහණය කියන්නේ ඇත්තටම මම ඉදිරිපත්වුණේ විවාහක රූ රැජින තරගයට. මාස දෙකක විතර කාලයක් තරගය පැවැත්වුණා. මම වෙලාවට හැමදේම කළා. අන්තිමේ මගේ මහන්සියේ ප‍්‍රතිඵලයක් විදිහට මට ජයග‍්‍රහයණය හිමිවුණා.

තරගයට ඉදිරිපත්වෙනකොට හිතුවද මේ ජයග‍්‍රහණය හිමිවෙයි කියලා ?

මම විවාහවෙන්න කලින් ඉඳන් මේවගේ තරගයට ඉදිරිපත්වෙන්න හරි ආසාවෙන් හිටියේ. නමුත් සමහර ඇඳුම් පැළඳුම්වලට මම වැඩිපුර කැමැත්තක් දක්වන්නේ නැතිනිසා පැජන්ට්වලට යන්න බැරිවුණා. ඒ වගේම රංගන ශිල්පිණියක් විදිහට ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගතකළේ. විවාහ වුණාට පස්සේ මට මේ තරගය ගැන ලොකු අවබෝධයක් ලැබුණා. ඒ වගේම මට දරුවෙක් ඉන්න දවසට මේ වගේ තරගයකයට ඉදිරිපත් වෙනවා කියලා අදහසක් තිබුණා. ඉතිං ඒ ගැන හිතලා තමයි මේ තරගයට ඉදිරිපත් වුණේ.

ජයග‍්‍රහණයත් සමග ජාත්‍යන්තරයට ඉදිරිපත්වෙන්න අවස්ථාව උදාවුණා නේද?

අනිවාර්යයෙන්ම ජාත්‍යන්තරයට යන්න අවස්ථාව උදාවුණා. එළැඹෙන දෙසැම්බර් මාසයේ තමයි ඒ තරගය පැවැත්වෙන්නේ. ඇත්තටම කිව්වොත් මේ තරගයෙන් පස්සේ මට ඉන්ෆුලූවන්සා.උණ හැදිලා ඉන්නේ හොඳටම. මේ අසනීප තත්ත්වයන් සුව අතට හැරුණට පස්සේ ව්‍යායාම් කරලා ජාත්‍යන්තරයට යන්න සූදානමින් ඉන්නේ.

විශ්ව විවාහක රූ රැජින තරගයට ඉදිරිපත්වෙන්න ගොඩක් කාන්තාවන්ට ඉඩකඩ ලැබෙන්නේ නැහැ. ඔබට ලැබුණ මේ අවස්ථාව ගැන මොකද හිතන්නේ ?

maheshi1ඇත්තටම මම ඉතාමත්ම වාසනාවන්තයි. වාසනාව විතරක් තිබිලා මදි ඒකට දක්‍ෂතාවය තියෙන්නත් ඕනෑ. මොකද මම හිතනවා අපේ ක්‍ෂේත‍්‍රයෙන් මට ඒ වාසනාව මට ලැබුණා. මොකද මම රංගන ශිල්පිණියක් නිසා. මම මෙතැනට එන්න හුඟාක් කැපකිරීම් කළා. මහන්සිවුණා. මම හිතනවා ඒ කැපකිරීමත් මේ ජයග‍්‍රහණයට හේතුවුණා කියලා.

මේ තරගයට ඉදිරිපත් වෙනවා කියලා කවුරුවත් දැනගෙන හිටියේ නැහැනේ ?

ඔව්” මම කරන දේවල් මගේ ගෙදර යන පමණයි දන්නේ. ඉතිං තරගයට ඉදිරිපත් වෙනවා කියලා මට පබ්ලිසිටි කරන්න වුවමනාවක් තිබුණේ නැහැ. මොකද මම දන්නේ නැහැ ජයග‍්‍රහණය කරයිද නැද්ද කියලා. කලින්ම දන්නවා නම් ජයග‍්‍රහණය කරනවා කියලා ෆුල් පබ්ලිසිටි කරනවා වැඬේ. නමුත් මට එහෙම වුවමනාවක් තිබුණේ නැහැ. මේ තරගයේ මූලික වට අවස්ථා කිහිපයක්ම තිබුණා. මේ තරගයට ඉදිරිපත්වුණ සියළුදෙනාම ඇවිත් හිටියේ ජයග‍්‍රහණය කරන්න. මගෙක් ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් මගේ හිතේ විශ්වාසයක් තිබුණා.

විශ්ව විවාහක රූ රැජින තරගය ජයග‍්‍රහණය කරන්න පුළුවන් කියලා හිතනවාද?

ඒ සඳහා සෑහෙන සූදානම් වෙන්න වෙනවා. මොකද රටවල් විස්සක් තිහක් නෙමෙයි ඒ සඳහා සහභාගි වෙන්නේ. රටවල් අසූවකට එහා මේ තරගයට ඉදිරිපත් වෙනවා. මම හිතනවා මට මේ වෙලාවේ ලංකාවේ සියලූ දෙනාගෙන්ම සහයෝගය වුවමනාවෙනවා.

මේ ජයග‍්‍රහණයක් සමග රඟපෑමෙන් ඉවත්වෙනවාද?

රඟපෑම කියන්නේ මගේ ජීවිතය. දැනට මම කරපු ටෙලිනාට්‍යයක් තියෙනවා. ළඟදීම ඒක තිරගතවෙනවා. රැකියාවත් සමග මිනිස්සුන්ගේ නැවත උපදීමක් තියෙනවානේ. මටත් එවැනි ඉපදීමක් ඇතිවුණා රංගන ක්‍ෂේත‍්‍රයට පිවිසීමත් සමග. මොන දේවල් ලැබුණත් මම හිතන්නේ රංගන කියන එක මගේ ජීවිතයෙන් ඈත්වෙන්නේ නැහැ. මගේ ජීවිතයට මිනිස්සුන්ගේ ආදරය ලැබුණේ මගේ වෘත්තිය නිසා. ඒ නිසා කවදාවත් මේ ක්‍ෂේත‍්‍රයට පහත හෙළන්නේ නැහැ.

මහේෂිට රඟපෑමට ලැබෙන ආරාධනා අඩුද?

ලැබෙන ආරාධනා ඇත්තටම වැඩියි. දැන් මට අවුරුදු දෙකක පුතෙක් ඉන්නවා. ඉතිං ඒ නිසා එයත් එක්ක තමයි ගෙදර ෂූටින් කරන්නේ. එයාට මූලිකත්වය දෙන්න ඕනෑ. අනිත් එක මගේ ස්වාමිපුරුෂයාගෙනුත් ලොකු

සහයෝගයක් ලැබෙනවා. දැන් මගේ බබාට අවුරුදු දෙකයි. දෙකහමාර වුණහම පස්සේ තමයි වැඩිපුර රඟපෑමට කැපකිරීමක් කරන්න හිතාගෙන ඉන්නේ. මේ වෙලාවේ පුතාට තමයි මූලිකත්වය දීලා තියෙන්නේ.

සැමියා මේ තරගයට ඉදිරිපත්වෙන්න එපා කිව්වේ නැතිද?

ඔහු තමයි තරගය පටන්ගත්ත දවසේ ඉඳන් මගේ ළඟ හිටියේ. මගේ අම්මත් පුංචි පුතාව බලාගෙන ලොකු සහයෝගයක් ලබාදුන්නා. සැමියා මාත් එක්ක හැම තරගයකටම ආවා. වචනයෙන් කියන්න බැරි සහයෝගයක් ලබාදුන්නා. ඇත්තටම කිව්වොත් මගේ සැමියා අම්මාගෙන් ලැබුණ සහයෝගය නිසයි මට මේ ජයග‍්‍රහණය ලැබුණේ.

මේ ජයග‍්‍රහණයේ කිරුළ පළඳින වෙලාවෙත් ඔබ අසනීප තත්ත්වයෙන් පසුවුණා කියන්නේ ඇත්තද?

මගේ පුතාටත් වගේම මටත් උණ හැදිලා තමයි හිටියේ. ඇත්තම කියනවා නම් ඔක්තෝම්බර් පළමුවැනිදා තමයි තරගය තිබුණේ. සැප්තැම්බර් 30 වැනිදාත් මම රෝහලේ තමයි හිටියේ. සේලයින් දිදී තමයි හිටියේ. හැබැයි මම දෙවියෝ බුදුන් හරියට විශ්වාස කරනවා. රෝහලේ ඉඳගෙන පිරිත් පවා ඇහැව්වා. මම දෙවියන් බුදුන්ගෙන් ඉල්ලූවේ පළමුවැනිදා මාව තරගයට ඉදිරිපත් වෙන්න අවස්ථාව උදාකරලා දෙන්න කියලා. අන්තිමේ පළමුවැනිදා වෙනකොට උණ අඩුවෙලා තිබුණා. මේ තරගයේ හිටපු සියලූම තරගකාරියන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ නිසා මට මේ ජයග‍්‍රහණය හිමිවුණා. මම ඇත්තටම හිතුවේ මේ කිරූළ මට ලබාගන්න බැරිවේවි කියලා. ඒත් අන්තිමේ මගේ අම්මා සැමියා මාව ගොඩක් දිරිමත් කළා. මගේ පුතා ගැන හිතලා හිතහදාගෙන මම අන්තිමේ මේ තරගයට ඉදිරිපත් වුණා. මගේ පුතා තමයි මගේ ජීවිතය. මම ලබපු එකම සම්මානය තමයි මගේ පුතා. චූටි පුතා හරි ආසයි මම ටීවී එකේ ඉන්නවා. කවදාහරි දවස එයාටත් ආඩම්බර වෙන්න පුළුවන් අම්මා විශ්ව රූ රැජින කියලා.



දිනේෂ් විතාන
ඡායා- හෂාන් පන්තිලගේ

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook