Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

1991 වසරේ මැයි 27 වැනිදා “මිල්වෞකි ” පොලිසියේ සේවයේ යෙදී සිටි “ජෝශප් ඩි ගාර්බිස්” ට සහ “ජෝන් බ්ලෙසර්සාක්” ට දුරකථන ඇමතුම් තුනක් ලැබුනා. මේ ඇමතුම් තුනම ලැබුනේ 25 වන ප්‍රාන්තයේ දුරකථන අංක 911 ඔස්සේය. ඒ ඇමතුමෙන් කියා සිටියේ ලාඕස ජාතික තරුණයෙක් නිරුවත්ව පාරේ ලේ ගලමින් සිටින බවත් ඔහුට උදව්වට කවුරුන් හෝ ඉදිරිපත් විය යුතු බවයි.

 පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන විට ඒ අසල සිටියේ සුදු උස් සිරුරකින් හෙබි නිල්වන් ඇස් සහිත පුද්ගලයෙකි. ඔහු කියා සිටියේ මේ වැටී සිටින්නේ ඔහුගේ පෙම්වතා බවයි. “මෙයා මත්පැන් පානයෙන් වෙරි වෙලා ඉන්නේ...කලබල වෙන්න එපා. තරුණයා කී නිසා පොලිස් නිලධාරීන්ද ඔහු විශ්වාසස කොට වැටී සිටි තරුණයා ඔහුගේ මහල් නිවාසයට ගෙන යෑමට විරුද්ධත්වයක් දැක්වූයේ නැත. එහෙත් ලාඕස තරුණයා ඒ වෙනුවෙන් කෑගසමින් විරෝධය පෑවත් ඔහුගේ බීමත්කමට මේ

සියල්ල හිලව් කරමින් පොලිස් නිලධාරීන්ද නිහඬ විය. ඒ අතරම ඇමතුම ලබා දුන් කාන්තාවන් තරයේම කියා සිටියේ මේ පිරිමි දරුවාගේ කකුල්වලින් ලේ ගලනවා.. ඔහු පැන යන්න උත්සාහ කරන අයෙක්.. ඒත් පොලිස් නිලධාරීන් ඒ වෙනුවෙන් ඇහුම්කන් දුන්නේ නැත.

 එහෙත් මාස දෙකක් පමණ කාලයක් ගෙවෙත්ම පොලිසියට තේරුම් ගියේ ලාම්ස ජාතික තරුණයා “නොකරැක් සින්තසොම්ෆොන්” බවත් ඔහු වයස අවුරුදු 14 ක ගැටවරයෙකු බවත් මේ අපූරු පෙම්වතා “ජේෆ්රි ඩැමර්” බැව් අනාවරණය විය.

 1960 වසරේ මිල්වෞකි ප්‍රදේශයේ උපත ලද “‘ජෙෆ්රි ඩැමර්” මධ්‍යම පංතික පවුලකට අයත් වූයේය. ඔහුගේ මානසිකත්වය බාල කාලයේ පටන්ම ළමා ලෝකයට ගැළපෙන හැසිරීම් රටාවක් නොවීය. ඔහු කුඩා කලයේ පටන්ම කැමැත්තක් දැක්වූයේ මරණයට සම්බන්ධ දේ වෙනුවෙන් සහ මියගිය සතුන්ගේ මළසිරුරු සහ ඇටකටු එකතු කිරීමයි. මේ හැසිරීමෙන් තම පුතා අමුතු සතුටක් ලබන බවත් ඔහුගේ පියා වතාවක් සටහන් කරන ලදී.

 ජෙෆ්රි පාසල් අධ්‍යාපනය ලබන කාලයේදී ඔවුන්ගේ පවුල ඔහියෝහි පිහිටි නිදිබර  නගරයක් වන “ආර්කොන්” ප්‍රදේශයේ පදිංචියට ගියහ. පාසලේදී පවා ජෙෆ්රි මත්පැන් පානය කරන බැව් ප්‍රසිද්ධ රහසක් විය. නිතරම ඔහුගේ කමිස සාක්කුවේ බියර් සහ මත්පැන් බෝතලයක් විය. මේ නිසා නිතරම විවිධ බොරු ලෙඩ කියා පෑමත් ජෙෆ්රිගේ ලක්ෂණයක් වූයෙන් පසුකාලයේදී පාසල තුළ ඔහුගේ හොර ලෙඩ නිසාම doing a Dahmer යනුවෙන් ප්‍රසිද්ධ විය.

 ඒ අතරම ජෙෆ්රි සමලිංගික චරිතයක් වශයෙන්ද ප්‍රසිද්ධියට පත් විය. ඔහුගේ සමලිංගික චර්යාවන් ඉතා විකෘති වූ අතර ඔහු නිතරම සිහින මැව්වේත් විවිධ ලිංගික කටයුතු ගැනයි. ඒ අතරම තමාගේ සමලිංගික සහකරු වෙනුවෙන් විවිධ වධබන්ධන පැනවීම, අසාමාන්‍ය ලිංගික ක්‍රියාවන් කිරීම සහ ආධිපත්‍ය පැතිරවීම ජෙෆ්රිගේ විකෘති මානසිකත්වය සමග තදින් බැඳී තිබුණි. මේ අසාමාන්‍ය ගති පැවැතුම් සමග උපාධියත් සම්පූර්ණ කර ගත් ජෙෆ්රි උපාධිය සමත්ව සති තුනක් ගෙවෙන විට මුල්ම මිනීමැරුම් චෝදනාව ලැබීය.

 මේ කාලය වෙන විට ඔහුගේ දෙම්ව්පියන්ද දික්කසාද වූහ. ඒ නිසා ජෙෆ්රි සහ ඔහුගේ සහෝදරයා අසල වූ හෝටලයක ජීවත් විය. ඒ සමග ඔවුන්ගේ මව පදිංචි නිවස හැර ගිය තැනදී ජෙෆ්රි එහි අයිතිකරුවා බවට පත් විය. තනියම නිවසක ජීවත්වෙන ජෙෆ්රි එක් දිනක් විවිධ ප්‍රසංගයක් නැරඹීමට යමින් සිටි 18 හැවිරිදි “ස්ටීවන් මාක් හික්ස් ” තමාගේ නිවසට ගෙන්වා ගත්තේය.

 පැය ගණනක් මත්පැන් බොමින්, සංගීතය එක්වෙමින් සිටි අතර මාක් එතැනින් යන්නට අවසර පැතීම ජෙෆ්රිගේ කෝපයට හේතු විය. ජෙෆ්රි රාත්තල් 10 ක් බර ාමපඉඉැකක කායවර්ධන උපකරණය ආධාරයෙන් මාක් ඝාතනය කළා පමණක් නොව ඔහු නිරුවත් කොට මෙම මළසිරුර මත ස්වයංවින්දනය කළේය.

 එතැනින් ජෙෆ්රි ඔහුගේ නිවසට බඩ ගා ගෙන අවුත් සිරුර කැබැලි කොට ඇටකටු ඉවත් කර ගෙන සාන්ද්‍ර අම්ල වත් කරන ලදී. උසස් අධ්‍යාපනයට “ඔහියෝ” ප්‍රාන්ත විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණත් මත්පැන් පානයට ඇබ්බැහි වීම නිසාම ඒ පුරුද්දෙන් මිදීම ජෙෆ්රිට අපහසු විය. ඒ නිසා විශ්වවිද්‍යාලයේ ඔහුට අධ්‍යාපනය ලැබීමට අවසර ලැබුනේ තුන්මාසයක් පමණි. ඒ නිසා සරසවි අධ්‍යාපනය අවසාන කළ ජෙෆ්රි එක්සත් ජනපදයේ හමුදාවට බැඳී සේවය කිරීමට පටන් ගත්තද එයින්ද ඉවත් වූයේ මත්පැන් පානය කිරීමේ වරදට චෝදනා ලැබීම නිසාය. එයින් පසුව ජෙෆ්රි සිය ආච්චි අම්මා ජීවත් වූ මිල්වෞකි නගරයේම  උපනගරක් වූ “වෙස්ට් ඇලිස්” බලා ගියේය.

 හමුදා සේවයේ යෙදී සිටියදීත් ජෙෆ්රි සොල්දාදුවන් දෙදෙනකු දූෂණය කර ඝාතනය කළ බවට චෝදනා නැගුනේ මේ කාලයේදීය. සිවිල් ජීවිතය ගත කරන කාලයේදී ජෙෆ්රි දරුවන් ඉදිරියේ ස්වයංවින්දනයේ යෙදීම, සමලිංගික කටයුතු සහ නානකාමරයන්හි මත්ද්‍රව්‍ය භාවිතය සහ දූෂණය යන විවධ අපචාරයන්හි චෝනාකරුවෙකු විය. 1987 වසරේ ඔහු “ස්ටීවන් ටූම් ” නමැති 25 හැවිරිදි තරුණයෙක් අවන්හලකදී මුණ ගැසී ඔහු හෝටල් කාමරයකට කැඳවා ගෙන ගියේය. පසුදින ටුවෝම් අවදි වෙන විට ඔහුගේ මළ සිරුර තිබුණේ ජෙෆ්රි නිදා සිටි ඇඳ යටයි.

 සමලිංගික ඇසුර සමග මිනීමැරීමේ විකෘති කාමාශක්ත වූ ජෙෆ්රි මේ වෙනුවෙන් තරුණයන් කැඳවා ගත්තේ අත්තම්මාගේ නිවසටයි. මේ කාලය වෙන විට ජෙෆ්රි විසින් පුද්ගලයන් තිදෙනකු පමණ ඝාතනය කර තිබූ අතර 13 හැවිරිදි පිරිමි දරුවෙකුට අතවර කිරීමේ චෝදනාව නිසා අත්අඩංගුවට පත් ජෙෆ්රි මාස අටක් වැඩ කඳවුරක සේවයේ යෙදුනේ වරදට දඬුවම ලෙසින්ය. කෙසේ වුණත් ජෙෆ්රිගේ මෙම විකෘති මානසිකත්වය ගැන ඔහු පාපොච්චාරණය කරන්නේ... කඩවසම් තරුණයෙක් දුටු විට මට ඉවසන්න බෑ... ඔහු විනාශ කිරීම ගැන මගේ හිත මට බලකරනවා... යනුවෙන්ය.

 ජෙෆ්රිගේ ඊළඟ ගොදුර වූයේ 24 හැවිරිදි නිර්මාණ ශිල්පියෙකු වූ “ඇන්ටනී සියර්ස්” ය. සමලිංගික නිවාසයකදී ජෙෆ්රි සමග මිත්‍රශීලී ඇසුරක් ගොඩ නගා ගන්නා ඇන්ටනී ජෙෆ්රිගේ නිවසට යෑමට එකඟ විය. ඒ ඇසුර අවසාන වූයේ ඇන්ටනී දූෂණය කර මරා දැමීමෙන් පසුවයි. ජෙෆ්රි විසින් ඇන්ටනීගේ සිරුරේ හිස සහ ලිංගේන්ද්‍රිය ඇසිටෝන් දියර පිරුණ භාජනවල බහා ආරක්ෂා කරන ලදී.

 1990 වසරේදී බන්ධනාගාරයෙන් නිදහස්ව තමාගේ නිවසට යන විට ජෙෆ්රි මෙම මළසිරුරු කොටස්ද රැගෙන යෑමට අමතක කරන්නේ නැත.

 මෙතැන් පටන් එළැඹෙන වසර දෙකක කාලයේදී ජෙෆ්රිගේ මිනීමැරුම් සහ කාමුක අපචාර තවත් සීග්‍රයෙන් ඉහළ යන්නට විය. තරුණයන් ඝාතනය කිරීමට පෙරාතුව නිරුවතින් පෙනී සිටින්නට යැයි මුදල් ලබා දුන්නේය. මළ සිරුරුවල හිස් කබල් එකතු කරමින් ඒ ඇසුරු කර ගෙන ඉදිරි ඝාතන කටයුතු ගැන නවක්‍රමවේදයන් අත්හදා බලන ලදී. වරක් ඔහුගේ ඝාතනයට ගොදුරු වුණ “එඞ්වඞ් ස්මිත්” ගේ උඳුන තුළ වියළීමට උත්සාහ කරන විට එය අහම්බෙන් පුපුරා ගොස් ඇත. ඇතැම් සිරුරු කොටස් ශීතකරණයේ තබා ආරක්ෂා කරන ලද අතර විටෙක ඒවා ආහාරයටත් ගෙන තිබේ.

 අධික ලෙසින් මත්ද්‍රව්‍ය වෙනුවෙන් ඇබ්බැහිව සිටි ජෙෆ්රි ඇතැම් අවස්ථාවලදී ඝාතනයට පෙරාතුව ඔවුන්ගේ හිස් සිදුරු කොට මොළයට හයිඞ්ඩ්‍රොක්ලෝරීක් අම්ලය වත් කරන ලදී. එවිට ගොදුර නොසන්සුන් හා යටහත් පහත් තත්ත්වයට පත් වෙන බැව් විශ්වාස කරන ලදී. “සින්තසොම්ෆොන් ” ඇතුළු වින්දිතයන්

 ගණනාවක් මේ අන්දමට ජෙෆ්රි විසින් ඝාතනය කරන ලද්දේ මරණයට පෙරාතුව කිසිදු තොරතුරක් හදිසියේ හෝ ලබා දීමට තිබෙන හැකියාව අකර්මන්‍ය කිරීමටයි.

 1991 වසරේ ජෙෆ්රිගේ ගොදුර වූයේ 32 හැවිරිදි “ටේ්‍රසි එඞ්වර්ඞ්ස්”ය. ඔහු නිරුවත් ඡායාරූප  ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළ අතර ජෙෆ්රි හදිසියේම එඞ්ව්ඞ්ගේ දෑතට මාංචු දමා පිහියක් පෙන්වා නිරුවත් ඡායාරූප ලබා ගැනීමට ඉඩ දෙන ලෙසට බලහත්කාරයෙන්ම තර්ජනය කරන ලදී. ඔහුගේ හදවත කපා ආහාරයට ගන්නා බවට ජෙෆ්රි කියා සිටියේය. එඞ්වර්ඞ්ස් මේ අවස්ථාවේදී ජෙෆ්රි අමතා කියා සිටියේ “ඔබ මගේ හොඳ මිතුරෙක්...ඉතින් ඇයි අපි මරාගන්නේ...අපි රූපවාහිනි බලමු... යැයි ආරාධනා කළේය.

 කෙසේ හෝ වේවා ජෙෆ්රිත් ඒ වෙනුවෙන් එකඟ විය. එයින් ප්‍රයෝජන ගත් එඞ්වර්ඞ්ස් වහා ජෙෆ්රිගේ නිවසෙන් පැන ගියේ පොලිසිය වෙතටයි. වහා ක්‍රියාත්මක වුණ පොලිසිය ජෙෆ්රිගේ නිවස පරීක්ෂා කිරීමේදී කල් තබා ගැනීමට සකස් කරන ලද මළසිරුරු බොහොමයක් සොයා ගත හැකි විය.

 මෙහි මුළුතැත්නගෙයි කැපූ හිස් කබල් හතක් විය. ඒවා අපූරු ලෙස පින්තාරු කර තිබුණි. ශීතකරණයේ වූ මිනිස් සිරුරු කොටස් අතර හදවත් දෙකක් විය. චෝදනා විභාග කිරීමේදී ජෙෆ්රි විසින් ඝාතන 17 ක් වනුවෙන් වූ වගකීම භාරගත්තේය. ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත කරන ලද ජෙෆ්රි මෙම බන්ධනාගාරයේම රැඳවියකු වූ “ක්‍රිස්ටෝපර් ස්කාර්වර් ” විසින් ලෝහ දණ්ඩකින් නාන කාමරයේදී පහර දී ජෙෆ්රි ඝාතනය කරන ලදී.

 පුන්‍යා චාන්දනී ද සිල්වා

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook