Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

අන්තර්ජාල ප්‍රවෘත්ති වෙබ් අඩවි වල මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයට ලක්වීම පිළිබඳව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය සිය කණස්සල්ල පලකර තිබේ.

එම සංගමයේ කැදවුම්කරු ෆ්‍රෙඩී ගමගේ සහ ලේකම් කැළුම් ශිවන්ත යන මහත්වරුන්ගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

නව ජනාධිපතිවරයා සහ රජය බලයට පත්වීමෙන් අනතුරුව අන්තර්ජාල ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක සේවය කරන ජනමාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයට ලක්වීම කෙරෙහි සිය බලවත් කණස්සල්ල පළකරන බව එහි දැක්වේ.

තම ජයග්‍රහණයෙන් අනතුරුව අන්තර්ජාල සමාජ ක්‍රියාකාරීන් අමතා තම සංවර්ධන වැඩපිළිවෙළට ඔවුන්ගේ සහය ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කොට තිබියදී මෙසේ මාධ්‍යකරුවන් හිරිහැරයට පත් කරන ආකාරයෙන් ක්‍රියාකිරීම නව ජනාධිපතිවරයාගේ සහ රජයේ ප්‍රතිරූපයට කැළලක් ඇති කිරීමට හිතාමතා ගත් උත්සාහයක් ද යන්න රජයේ අවධානයට ලක් විය යුතු බව වෘත්තීය වෙන් මාධ්‍යවේදීන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

සම්පූර්ණ නිවේදනය මෙසේය.


Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook