ජනාධිපතිවරණය ප්‍රතිඵල අනුව ප්‍රධාන අපේක්ෂකයන්ගෙන් කවුරු ජයග්‍රහණය කළ ද නව කැබිනට් මණ්ඩලයක් පත් කර ගනිමින් රජය පවත්වාගෙන යාමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි.
නව ජනාධිපතිවරයා ලෙස 18 වැනිදා දිවුරුම් දීම සඳහා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම සූදානමින් සිටියි.
නව ආණ්ඩුව යටතේ පත්කරන ඇමති මණ්ඩලය පවා දැනට දල ලෙස සකස් කරගෙන ඇති බවද දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
නව ඇමති මණ්ඩලය දිවුරුම්දීම ලබන සතිය ඇතුලතදී ස්ථිර වශයෙන්ම අවසන් වනු ඇති බවද කී ආරංචි මාර්ග කියා සිටියේය.