තමා නැවත කිසිදු දිනෙක එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නොවන බව රාජ්‍ය ආමත්‍ය වසන්ත සේනානායක මහතා පවසනවා. අද (07) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එජාපයට සමු දුන්නද තමා තවදුරටත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන බවයි වසන්ත සේනානායක මහතා පවසන්නේ. ඒ අනුව අනාගත දේශපාලන දිවිය සම්බන්ධයෙන් අද දිනයේදී තීන්දුවක් ගන්නා බව පෙන්වා දෙන සේනානායක මහතා පවසන්නේ එය රටම බලා සිටින තීන්දුවක් වියහැකි බවයි.
මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණ සටනේදී සජිත් ප්‍රේමදාස මහතා දිනෙන් දින ජයග්‍රහණයෙන් ඈතට ගමන් කරමින් සිටින බවයි.
සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට නම් තමාගේ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදිය යුතු බව පවසමින් වසන්ත සේනානායක මහතා එම ප්‍රශ්න ඇතුළත් ලිපියක් සජිත් ප්‍රේමදාස මහතා වෙත යවා තිබිණි. එම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදෙන බවයි වසන්ත සේනානායක මහතා ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් රාජ්‍ය ඇමතිවරයාගේ මෙම තීරණයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය සේනානායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බව දැනුම් දුන්නේය.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී පැවති රජය වෙනුවට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පිහිටවූ රජයට සහයෝගය ලබාදුන් වසන්ත සේනානායක මහතා ඇමති ධුරයක්ද ලබාගත් අතර, පසුව එම රජය බිඳවැටීමෙන් පසුව නැවතත් එජාපයට පැමිණි සේනානායක මහතා දැනට දරන රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.