Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන නීති උපදේශයා සහ ඒ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ ප්‍රබලයෙකු ලෙස කටයුතු කරන ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්‍රි මහතාගේ ප්‍රකාශ සහ ක්‍රියාවන් නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට දැඩි හානි සිදුව ඇති බව පවසමින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් පක්ෂ නායකත්වය වෙත සිය දැඩි විරෝධය ප්‍රකාශ කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි. 

මෙවැනි තීරණාත්මක ජනාධිපතිවරණ ප්‍රචාරක යාන්ත්‍රණයකදී දේශපාලනය නොදන්නා අලි සබ්‍රි වැනි පුද්ගලයින් ඉහළින්ම රඳවා ගැනීම නිසා පක්ෂයට දැඩි අවාසි සහගත තත්වයක් නිර්මාණය වී ඇති බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ. 

මුලින්ම මධුමාදව අරවින්ද මහතා ඔහුගේ පක්ෂයෙන් ඉවත් කළ මොහොතේ ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට බලපෑම් කළේ තමන් බව කියමින් ලකුණු දා ගැනීමට අලි සබ්‍රි උත්සාහ කිරීම නිසා සිංහල ඡන්ද පදනමට හානි කළ බවටත් දෙවනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය නොදුන්නොත් මුස්ලිම් ජනතාවට අම්බානෙක කන්නෙ වේ යැයි කියා මුස්ලිම් ඡන්ද පදනමට හානි කළ බවත් තෙවනුව පොහොට්ටුවේ අන්තවාදීන් සිටින බව සහ සාෆි නාටකය ඔවුන්ගේ නිර්මාණයක් බව කියා මුළු පක්ෂයටම අපහාස කළ බවටත් සිව්වැනිව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධ ලේඛන සාමාන්‍ය ජනතාවට පෙන්වීම අවශ්‍ය නොවන බව කියමින් සාමාන්‍ය ජනතාව කෝප කරගත් බවටත් එම ලේඛන මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ බව කියමින් තවත් ගැටළුවක් නිර්මාණය කළ බවටත් අවසානයේදී අත්සන් නොකරන ලද දිවුරුම් ප්‍රකාශයක් ප්‍රසිද්ධියට පත්කර සිය ප්‍රචාරන ව්‍යාපාරය විනාශ මුඛයටම ගෙන ගිය බවටත් ඔවුන් විසින් පක්ෂ නායකත්වය හමුවේ අලි සබ්‍රි මහතා සම්බන්ධයෙන් චෝදනා කර තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කළේය. 

එසේම නීතීඥයකු වශයෙන් ඔහු ඉතා දක්ෂයකු වුවත් සිය සේවාදායකයින් බියවද්දා ගණන් කතා කරන ආකාරයෙන් සාමාන්‍ය ජනතාවට තර්ජනය කර ඡන්ද ලබාගත නොහැකි බව ඔහුට නොතේරෙන බව පෙන්වා දී ඇති එම මන්ත්‍රීවරුන් ඔහුව හඳුන්වා දී ඇත්තේ "ගෝඨාගේ ඡන්ද කඩන මැෂිමක්" වශයෙනි. 

සාමාන්‍ය ජනතාවට කතා කිරීමට නොදන්නා, උද්ධච්ඡ, දැඩි උන්නතිකාමී, ඉහළට යාම සඳහා කෙටිමාර්ග පමණක්ම සොයන, දේශපාලනයෙහි අබමල් රේණුවක් තරම්වත් දෙයක් නොදන්නා නමුත් තමන් නිවැරදියැයි සෑමවිටම සිතන, එය ඔප්පු කිරීම සඳහා එකම වරද යළි යළිත් කරන අලි සබ්‍රි වැනි පුද්ගලයකු මේ අවසන් දින දෙක තුළ හෝ ප්‍රචාරණ ව්‍යාපාරයෙන් ඉවත් කර නොතැබුවහොත් සහ ඔහු දැනට කර ඇති හානි පිළිසකර කිරීම සඳහා වෘත්තීයමය දේශපාලනඥයින් නොයෙදුවහොත් ඉතාම අහිතකර ප්‍රතිඵලයක් දැකගැනීමට හැකිවනු ඇති බවට ඔවුන් අනතුරු හඟවා ඇති බවත් සඳහන්. 

තමන් වසර ගණනාවක් තිස්සේ දැඩි මහන්සියෙන් ගොඩ නැඟූ පොහොට්ටුවේ ඡන්ද පදනම මේ තනි පුද්ගලකු නිසා විනාශ වනු බලා සිටිය නොහැකිම තැන තමන් මෙසේ පැමිණිලි කරන බව පවසා ඇති එම මන්ත්‍රීවරුන් පිරිස වහාම ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ද පක්ෂ නායකත්වයෙන් ඉල්ලා ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook