Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයෙන් දිනුවේ නැත්නම් අද තියෙන්නෙ දෙපලු වෙච්ච රටවල් කෑලි දෙකක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා එසේ පවසා සිටියේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව අසල පැවති ජනරැළියට සහභාගි වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා ,

“අද තියෙන්නෙ ජාත්‍යන්තර පිශාචයන්ට දඩ බිමක් . එදා ඒ ඉරණමට මේ රට ඇඳ වැටෙන එක වලක්වන්න පුළුවන් කම ලැබුණෙ , ඒ මහා ජනවරම නිර්මාණය කරන්න මේ පොළොවේ ජීවත් වෙච්ච මේ මිනිස්සු වාසනාවන්ත වෙච්ච මගෙ අම්මේ ,තාත්තේ , සහෝදරය සහෝදරිය, අද තමුන්නාන්සේලා මේ රට වෙනුවෙන් ඵෙතිහාසික තීරණයක් ගතයුතු දිනයක් නොවැම්බර් 16වනදා.

2005 ජනාධිපතිවරණය වගේම ලක්මාතාව වෙනුවෙන් තීරණය ගත යුතු දිනයයක්. එදා මේ සටන තියෙන්නෙ ප්‍රධාන කඳවුරැ දෙකක්. එක කඳවුරක් තමයි මේ රට බේරගත්තු කඳවුර , මේ රටේ ඒකීය භාවයට පණ දුන්න කඳවුර, ත්‍රස්තවාදය ඉදිරියේ දණ නොගහපු කඳවුර , ජාතියේ ආර්ථිකයට පණ දුන්න කඳවුර ,මුළු රටම හැඩ ගැන්වූ කඳවුර ,ඒ තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් නායකත්වය දෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා විදියට ඉදිරිපත්වන අපේ කඳවුර .

රට රකින කඳවුර . රට රැක්ක කඳවුර ,රට හදන කඳවුර , ඒ තමයි අපේ කඳවුර .

අනෙක් කඳවුර මොකද්ද ? අනෙක් කඳවුර තමයි පුතාණෝගේ කඳවුර . සහරාන්ලා හුරතල් කරපු කඳවුර, .අන්ත වාදයට පණ දිපු කඳවුර , සාමයෙන් බැබලිච්ච රට වනසා දමපු කඳවුර ,මරණබිය නැවත උරුම කරන ලද කඳවුර . 

ඔය පුතාණෝලා වචනයක් සහරාන්ලාට විරුද්ධව ,අන්තවාදයට විරුද්ධව වචනයක් එළියට දාල නැහැ. අන්ත වාදීන්ගේ දේශපාලන තාත්තල ,බාප්පල ඔක්කොම ටික ඉන්නෙ පුතාණෝගෙ දෙපැත්තෙ. ඒ හින්ද මගෙ අම්මේ, තාත්තේ නැවත මේ රට ජාතික ආරක්ෂාව ඉල්ලනව. නැවත මේ රට සාමය ඉල්ලනව. නැවත මේ රට සමෘද්ධිය ඉල්ලනව. නැවත මේ රට සංවර්ධනය ඉල්ලනව.

අපේ තරුණ දරු පරම්පරාව පත්කර දෙන්න . කියන ඉල්ලීම කරනව. නූතන රාජ්‍යයේ හැටියට දේශපාලන සංස්කෘතියේ බරපතළ වෙනසක් මේ රටේ ජනතාව ඉල්ලනව. ඒ වෙනස දෙන්න තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා නොවැම්බර් 16වනදා තමුන්නාන්සේලාගේ ඡන්දයෙන් මේ රටේ ජනාධිපති බවට පත්වෙන්නේ .

සිංගප්පූරුවේ හිටියෙ ලික්වාන් යුං විතරයි . මැලේසියාවට හිටියේ මහතීර් මොහොමඩ් විතරයි . 16 වනදාට තමුන්නාන්සේලා ලාංකීය ලික්වාන් යුං ,ලාංකීය මහතීර් මොහොමඩ් දෙන්නටම මේ රට භාර දෙනවා. ලාංකීය ලික්වාන් යුං තමයි ගෝඨාභය රාජපක්ෂ ,ලාංකීය මහතීර් මොහොමඩ් තමයි මහින්ද රාජපක්ෂ .ගෝඨාභය ,මහින්ද සුසංයෝගයෙන් නවමු මාවතකට මේ රට හරවන දවස තමයි එළඹෙන නොවැම්බර් 16වනදා .

අන්න ඒ යුතුකම වෙනුවෙන් පෙළ ගැසෙමු. ඒ මහා ජයග්‍රහණයේ ධජය අතට ගනිමු. ඒ සටනට පණ දෙමු. ඒ සදහා තමුන්නාන්සේලාට ශක්තිය ලැබේවා . ධෛර්යය ලැබේවා යෝධබල යෝධ වීර්යය ලැබේවායි” ඔහු පැවසීය.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook