Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement



උදාරී වර්ණකුලසූරීය කාළයෙන් කාළයට පුවත් මැවු චරිතයක්ි නමුත් පසුව විදෙස් ගතවූ නිසා ඇය පිළිබදව එතරම් කතාබහක් ඇති වූයේ නැ. නමුත් නැවත ශ‍්‍රී ලංකාවට පැමිණ නිර්මාණ කිහිපයකට දායක වී ජනප‍්‍රියත්වයේ හීනි පෙත්තේ සිටින උදාරී සිය කලා කටයුතු හා පවුලේ විස්තර පිළිබදව මෙලෙස අදහස් දක්වා තිබුනා. ඒ පුවත්පතක් සමග කතාබහකට එක්වෙමින්.
උදාරි ආපසු සිනමාවෙන් පුංචි තිරයට ඇවිල්ලා වගේ?

මම කොහොමත් හිටියේ පුංචි තිරයෙනේ’ ඒත් පියවි චරිතය හින්දා චිත‍්‍රපට නිළියක් තැනටම වැටිලා.

ගොඩක් අය චිත‍්‍රපටවලට ආවම ටෙලි අමතක කරනවානේ’ ඒක ඩිමාන්ඞ් එකේ ප‍්‍රශ්නයක්ද?
දැනට ෆිල්ම් දෙකක් කළා’ ටෙලි නාට්‍ය තුනක් කරලා තියෙන්නේ’ සමහර නළු නිළියන්ට තියෙන ප‍්‍රශ්නය මට නෑ.

ඒත් උදාරිට පොඩි කාලෙකට හරි සිනමාව මඟහැරුණද?
මම ටික කාලෙකට ලංකාවෙන් පිට හිටිය හින්දා එහෙම හිතෙන්නේ පුළුවන්’ ඒත් ඒ කාලයේදීත් චිත‍්‍රපටවලට කතා කළා’ මම මගේ පවුලට දරුවට මුල්තැන දුන්නු නිසා ඒවටත් බෑ කීවා.

පසුගිය කාලේ අරාබි නිසොල්ලාසයත් කියෙව්වා කියන්නේ ඇත්තද?
ඔව්’ ඇලඩින්ගේ පුදුම පහන චිත‍්‍රපටයේ කුමාරිකාවගේ චරිතය කරන්නේ මම ඊට පස්සේ පෝරිසාදයා කියන ක‍්‍රියාදාම චිත‍්‍රපටයත් රඟපෑවා.

උදාරි හිතන විදියට සිනමාවේ යුග බිහිවෙන එක කෙනෙක්ගේ ජනප‍්‍රියත්වයට බලපානවද?
යුග බිහිවෙන එක හොඳයි. ඊටත් වඩා සංකලනයක් තියෙනවා නම් සිනමාව තවතවත් දියුණු වෙයි’ මොකද විජය – මාලිනී යුග වගේ යුගයක් අද නෑනේ.

උදාරිත් රූ රැජිනක්නේ. අද ඒ වගේ තරඟ ගොඩක් තියෙන එක හොඳ දෙයක්ද?
මෙහෙමයි අද තරඟ ගොඩක් තියෙනවා’ ශ‍්‍රී ලංකන් ටයිටල් එකෙන්ම කරන හැම පැජන්ට් එකක්ම රටට වටින්නේ නෑ. අද තියෙන ඒ පැජන්ට් අවුරුදු කුමාරි තරඟ වගේ’ ඒවායේ මිස් වර්ල්ඞ් හෝ මිසිස් වර්ල්ඞ් කියන කැටගරි නෑ.

ඉන්දියාවේ එහෙම තරඟ දිනපු අය ජාත්‍යන්තරයේ රංගනයට පවා යනවානේ?
ගායකයන්ටනම් ජාත්‍යන්තරයට යන්න ලේසියි’ ඒත් කිරුළ තිබ්බ පළියට රංගන ශිල්පිණියකට වෙනත් රටක රඟපාන්න ලැබෙන්නේ නැහැ.

පසුගිය දවසක අධ්‍යක්ෂවරයෙක් ඔබ එක ළඟ ඉන්න පින්තූරයක් ගොසිප් වෙබ් අඩවියක මඩ ගහන්න දාලා තිබ්බා නේද?
ඔය ගොසිප් සයිට් අපි ෂූට් එක ඉවරවෙලා මහන්සියට ඇඳක නිදාගෙන ඉන්න පින්තූරයක් දාලා කාත් එක්ක හරි සමීප සම්බන්ධ බව කියනවා.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook