Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

සිංහල ලේඛකයන්ගේ සාහිත්‍ය කෘති දෙමළ භාෂාවට හා දෙමළ ලේඛකයන්ගේ කෘති සිංහල භාෂාවටත් පරිවර්තනය කොට පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කිරීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කරන ලද බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යතුමා එසේ ප්‍රකාශ කළේ, ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ කන්දයියා පද්මනාදන් මහතා විසින් රචනා කරන ලද කාව්‍ය ග්‍රන්ථ දහයක් එළිදැක්විම නිමිත්තෙන් බම්බලපිටිය සරස්වතී ශාලාවේ දී ඉකුත්දා පැවැති උත්සවයක් අමතමිනි.

මෙරට දෙමළ ජනතාවට බෙහෙවින් කියවීමට ලැබී ඇත්තේ ඉන්දියානු කතුවරුන් ලියා මෙහි ආනයනය කරන ලද දෙමළ සාහිත්‍ය පොත් බව සඳහන් කළ අමාත්‍යවරයා ශ්‍රී ලාංකික දෙමළ ලේඛකයන්ගේ පොත් මෙහිම ප්‍රකාශයට පත් කිරීමෙන් මෙරට සංස්කෘතිය හා දේශීයත්වය අගයන සාහිත්‍ය කෘති රස විඳීමට දෙමළ ජනතාවට අවස්ථාව උදාවන බව පෙන්වා දුන්නේය.

දෙමළ ජනතාවට සිය භාෂාවෙන් පොත් ලිවිමට හා ප්‍රකාශනයට පවතින අඩුපාඩු මඟ හැරවීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සමඟ පැවැති සාකච්ඡාවක දී ඉහත තීරණයට එළඹුන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

සිංහල හා දෙමළ පොත් පරිවර්තනය කිරිමේ වැඩපිළිවෙල නිසා එම භාෂා පරිශීලනය කරන ජනතාවට එකිනෙකාගේ හැඟීම් අවබෝධ කර ගැනීම සඳහා මහඟු අවස්ථාවක් සැලසෙන බවට ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook