Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

බිම් මට්ටමේ සිටන දේශපාලඥයින් ලෙස ගමේ ජනතාවගේ කැමැත්ත සජිත් මහතාට බවත් ඒ සම්බන්ධව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දැනුවත් කලද එය නොසලකා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්විමට ගොස් හූ හඬ කැමට සිදුවු නිසා තම පක්ෂයේ වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ශ්‍රිලනිප, උඩුනුවර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති හා මන්ත්‍රී බන්දුල සෙනවිරත්න මහතා ඇතුළු ශ්‍රිලනිප ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දීමට තීරණය කර ඇත.

මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක,උඩුනුවර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති හා මන්ත්‍රී බන්දුල සෙනවිරත්න මහතා මෙසේ පැවැසුවේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දිම සදහා පේරාදෙණියේදි පැවැති මාධ්‍ය හමුවකදිය.

මෙම කණ්ඩායමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහනුවර දිස්ත්‍රික් සංවිධායක,උඩුනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී බන්දුල සෙනවිරත්න මහතා අතුළු අකුරණ ප්‍රාදේශිය සභා මන්ත්‍රී එස්.එම් අස්වර්,උඩුනුවර ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී ගැමුණු බණ්ඩාර හා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරඟ කර අපේක්ෂකයින් පිරිසකගෙන් මෙම කණ්ඩායම සමන්විතය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රීලනිප මහනුවර දිස්ත්‍රික් සංවිධායක, උඩුනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රී බන්දුල සෙනවිරත්න මහතා ,

මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කර දැමීමේ අරමුණින් බවත් අද පක්ෂයේ ඉදිරිපෙළ නායකයින් ඔවුන් ළඟ දණින් වැටී සිටීම කනගාටුවට කරුණක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ අරමුණක් තිබුණේ පොහෝට්ටු පක්ෂයට මිස එජාපයට නොවන බවත් අද මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමේ අවශ්‍යතාව ශ්‍රීලනිප ඉදිරි පෙළ නායකයින් ඉටු කර තිබෙන බවත් ඒ මහතා කීය.


ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට පොහොට්ටු වේදිකාවට ගොඩවූ ශ්‍රීලනිප නායකයින්ට අද කතා කරන්නට සිදුව තිබෙන්නේ හූ හඬ මධ්‍යයේ බවත් එය හිටපු ජනපති චන්දිකා මැතිණියගේ වැඩක් ලෙස හුවා දැක්වීමට උත්සහ කළත් එය කරන්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ අනුදැනුම මත බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් වන එස් බි දිසානයක මහතාට කටවසාගෙන සිටින ලෙස විමල් විරවංශ පවසන බවත් එයින් එස් බි දිසානායක වැනි තවත් ජ්‍යෙෂ්ඨයින්ට පොදුජන පෙරමුණේ සැලකිම සැමටම දැනෙන බවත් එහිදි බන්දුල සෙනවිරත්න මහතා පැවසීය.

ගම් මට්ටමේ ජනතාවගේ කැමැත්ත සජිත් ප්‍රේමදාස මහතාට ඇති බැව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට හා පක්ෂයට කියා සිටි නමුත් ඔවුන් එය පිළි නොගත් බවත් එහේ පිළිනොගෙන කටයුතු කිරිම නිසා පක්ෂයේ ඇතැම් පිරිස් පොදුජන පෙරමුණට සහාය දැක්විමට ගියත් අද ඔවුන් ව පිළිගන්නේ හු හඩ තියා බවත් ඉදිරියේදි පහර කෑම් වලට පවා ලක්වන්නට සිදුවිය හැකි බවද බන්දුල සෙනවිරත්න මහතා පවසයි.

කුමන හෝ හේතුවකින් මෙම මැතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් පසුදිනම ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු කනෙන් අල්ලා කුණු කූඩයට දැමීම ස්ථිර බවත් පොහොට්ටුවේ අපේක්ෂා ඉටු වීමට ඉඩ නොදී ශ්‍රීලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමට නම් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවිය යුතු බවත් එය වලක්වා ගැනිම සදහා මෙම ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ජනපති කරවීමට සියලු කැපවීම් කර ඔහුගේ ජයග්‍රහණයෙන් පසු ශ්‍රීලංකා නිදහස් පක්ෂය ගොඩ නැගීමට ක්‍රියා කරන බවද ඒ මහතා කීය.

මේ අවස්ථාව සදහා ගගවට කොරළය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීධුර අපේකිෂිකා මාග්‍රට් රාජගුරු,අකුරණ ප්‍රාදේශිය සභා මන්ත්‍රී එස් එම් එස් අස්වර්,උඩුනුවර ප්‍රාදේශිය සභාවේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී ගැමුණු බන්ඩාර,මහනුවර මහනගරසභාවේ අපේක්ෂක ආර් එම් ඉමිතියාස්,උඩුනුවර ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක එම් එච් එම් අස්කින්,උඩුනුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක එම් එම් එම් නිස්සංක,ගගවට කොරළය ප්‍රාදේශිය අපේක්ෂක ඒ ආර් එම් තුෂාර චමින්ද,කුන්ඩසාලය ප්‍රාදේශිය සභාවේ අපේක්ෂක ආර් කේ නිශ්ශංක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අකරණ අපේක්ෂක කේ ජේ කවුෆර්, ඇතුළු පිරිස මාධ්‍යය සාකච්ඡාවට සහභාගි විය.

– ada

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook