පියුමි හා හා පුරා කියලා සිනමාවේ දකින්න ලැබෙනවා ?ඔව්, ඒ “වස්සානයේ සඳ” චිත්‍රපටය නිසා. චිත්‍රපටය තිරගත වෙනකල් මම බලාගෙන හිටියේ. දැන් චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තා. කියාගන්න බැරි සන්තෝෂයක් තියෙනවා මේ වගේ හොද නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබුණු එක ගැන.
උදයකාන්ත වර්ණසූරියට පියුම් අහුවුණේ කොහොමද ?උදයකාන්ත අයියයි, ඔහුගේ බිරිය ශාන්ති අක්කයි මීට අවුරුදු පහකට කලින් රොසෑන් අක්කාගේ මොඩ්ලින් ස්කූල් එකට ඇවිත් රංගනයට ළමයි තේරුවා. එදා මාවත් තෝරාගත්තා. ඒත් එදා මම රගපාන්න එන්න බෑ කිව්වා. ඊට පස්සේ මීට අවුරුදු දෙකකට කලින් උදයකාන්ත අයියා මේ නිර්මාණයට මට කතා කළා.
මුල් ආරාධනාව කරද්දි පියුමි උදයකාන්තගේ ආරාධනාව භාරගත්තේ නැත්තේ ?මම ඒ වෙනකොට මොඩ්ලින් කළේ. ඉතිං මම කවදාවත් රගපාලා තිබ්බේ නැහැ. මම රගපාන් දන්නේ නැති නිසා තමයි ඒ ආරාධනාව භාරගත්තේ නැත්තේ.
“වස්සානයේ සඳ” චිත්‍රපටයයට ආරාධනා කරද්දි ඔයාගේ රංගන හැකියාව ගැන විශ්වාසයක් තිබුණද ?උදයකාන්ත අයියා මට දවස් දෙක තුනක්ම කතා කළා. මම බය වෙලා හිටියේ මට චිත්‍රපටයක රගපාන්න පුළුවන් වෙයිද කියලා. උදයකාන්ත අයියගේ බිරිය මට හරිම ආදරෙයි. පියුමි මේක ඔයාට හොද චාන්ස් එකක් කියලා එයා මට කිව්වා. මම ආශාවෙන් හිටියේ ඕෂධී කරන චරිතය කරන්න. ඒත් ශාන්ති අක්කා තමයි මට කිව්වේ ඔයාට දෙන්නේ ප්‍රධාන චරිතය. ඒකෙන් මාව වෙනස් කරනවා කියලා.
ප්‍රධාන චරිතය නැතිව, ඕෂධී කරපු චරිතයට පියුමි මාන බැලුවේ ඇයි ?ඕෂධී කරපු චරිතය ෂූට් කළේ ඕස්ට්‍රේලියාවේ. ඇත්තම කියනවා නම් මට ඕස්ට්‍රේලියාවේ යන්න ආස නිසා තමයි මම ඒ චරිතය ඉල්ලුවේ. ඒත් ඒ චරිතයට ඕන වුණේ බටහිර පෙනුමක් තියෙන කෙනෙක්. ඕෂධීට ඒ වගේ පෙනුමක් තියෙනවනේ. එයාට ඒ චරිතය ගැළපුණා. මට මිරිහි කියන ප්‍රධාන චරිතය ලැබුණා.
මිහිරි ගේ චරිතයෙන් පියුමිට සිනමාවට හොද අඩියක් තියන්න පුළුවන් වුණා කියලා හිතනවාද ?ඔව්. මට වෙනස් වෙන්න හොද අවස්ථාවක් ලැබුණේ. මම මොඩ්ල් කෙනෙක්. මට රංගනය නුහුරුයි. ඒත් උදයකාන්ත අයියාගේ හැකියාව එක්ක ඔහු මගේ රංගනය හරියට එළියට ගත්තා. මිහිරිගේ චරිතය මට ලැබිච්ච හොද අවස්ථාවක්. මාව මේ වගේ නිර්මාණයකට තෝරගත්ත එකට උදයකාන්ත අයියට වගේම අක්කට ගොඩක් පින්. “වස්සානයේ සඳ” මාව වෙනස් කළා.
පියුමිව ගොඩක් අය දැකලා තියෙන්නේ හොට් චරිතයක් විදියට. මිහිරි වගේ අහිංසක චරිතයකට අනුගත වෙන්න පහසු වුණාද ?සමහර Hot චරිතවලට අහිංසක චරිත කරන්න බෑ. හැබැයි පියුමි හංසමාලි කියන මට හැම චරිතයක්ම කරන්න පුළුවන්. මම හැම වෙලාවෙම Hot. ඒත් මට ලැබෙන චරිතයට අනුගත වෙන්න පුළුවන්.
පියුමිගේ රංගනයට කොහොමද ලැබිච්ච ප්‍රතිචාර ?චිත්‍රපටයේ ට්‍රේලර් එක දැකලත් ගොඩක් අය මට කතා කළා. මගේ රංගනය මේ තරම් හොදට තියෙයි කියලා හිතාගන්න බැරි වුණා කියලා තමයි ගොඩක් අය කිව්වේ. මොකද මාව මේ වගේ චරිතයකින් දැකලා තිබ්බේ නෑනේ. මට නිර්මාණ කිහිපයකටම ආරාධනාත් ලැබුණා. ඒත් පෞද්ගලික වැඩ කිහිපයක් නිසා ඒ ලැබුණ ආරාධනා භාරගත්තේ නැහැ.
ඒ කියන්නේ පියුමි රංගනය තුළ සාර්ථකයි කියන එකද ?මේ නිර්මාණයේ මගේ රංගනය සාර්ථකයි කියලා මම හිතනවා. සාර්ථක පුද්ගලයෙක් එක්කනේ මම මේ ගමන පටන් ගත්තේ. මට ඊට පස්සේ විදේශීය චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා. ඇත්තටම මම ගොඩක් වාසනාවන්තයි.
මිහිරිගේ චරිතයට අනුගත වෙද්දි අභියෝගයක් වුණ තැන් තියෙනවාද ?මට ස්කර්ට් බ්ලව්ස් අදින එක ටිකක් අලුත්. හැබැයි මම සාරි ඇදලා තිබ්බා. මිහිරි කියන්නේ තමන්ගේ මල්ලීව මුළු ලෝකයම කරගත්ත කෙනෙක්. මල්ලීට දක්වන ආදරය