Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපෘතියේ යටතේ ලග්ගල ගුරුවෙල ප්‍රදේශයේ අලුතින් ඉදිකෙරෙන ගුරුවෙල වැව් බැම්ම මහවැලි නිලධාරීන් විසින් කපා වැවේ ජලය ඉවත් කිරිමේ ක්‍රියාවලියක දින හතරක සිට නිරතව සිටින බව ප්‍රදේශවාසීහු පවසති.

විශාල මුදලක් වියදම් කොට වසර දෙකකට පමණ කාලයක සිට ඉදිකරන ලද විශාල වැව් බැම්ම මෙයාකාරයෙන් යන්ත්‍ර සුත්‍ර යොදා කපා ඉවත් කරනු ලබන්නේ ජලාශයට ලැබුණු පළමු වැහි වතුර ප්‍රමාණය නිසා ලග්ගල විල්ගමුව ප්‍රධාන මාර්ගයේ පාලමක් ඉදිකරන ස්ථානය කැඩීයාමේ අවදානමක් නිසාවෙන් බව ප්‍රදේශවාසීහු කියති.
මෙම වැව් බැම්ම කපා දැමීම හා ජලය ඉවත් කිරිම දින හතරක පමණ කාලයක සිට ඉතා රහසිගතව සිදුකෙරෙන බවත් වැවක වැඩි ජලය ඉවත් කරනු ලබන්නේ වැවේ පිට වානෙන් බවය. 

මහජනතාව නගන චෝදනාව පිළිබඳව සොයා බැලීම සඳහා අප 16 දින දහවල් ගුරුවෙල රක්ෂිතයේ අලුතින් ඉදිකෙරෙන මෙම වැව ප්‍රදේශයට ගියෙමු .එම අවස්ථාවේදී දැකගැනීමට හැකිවූයේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ යන්ත්‍ර සුත්‍ර යොදා විශාල වැව් බැම්ම සම්පූර්ණයෙන්ම කපා ජලාශයේ ජලය ඉවත් කරන ආකාරයයි.

එමෙන්ම සම්පූර්ණයෙන්ම වැව් බැම්ම ඉදි කොට රලපනාව පවා අවසන් කොට තිබියදී එම කළුගල්ද ඉවත් කොට මෙයාකාරයෙන් වැව් බැම්ම සම්පූර්ණයෙන්ම කපා දමා තිබෙන ආකාරය එහි ගිය අපට ද දැක ගැනීමට හැකි විය.

ප්‍රදේශවාසීන් කියා සිටියේ වැව් බැම්ම ඉදිකිරීම සඳහා ඉංජිනේරුවන් ගේ උපදෙස් පරිදි පස් දුරබැහැර ප්‍රදේශවලින් ඉතා විශාල මිල ගණනක් යටතේ රැගෙනවිත් වසර එක හමාරක පමණ කාලයක් වැව් බැම්ම ඉදි කළ බවය.

කුඩා වර්ෂාවත් සමඟ මේ ආකාරයෙන් කපා ඉවත් කිරීම ජනතා මුදල් විශාල වශයෙන් විනාශයක් සිදුවන බව ද ඔවුහු පෙන්වා දෙති.

මොරගහකන්ද කළු ගඟ ජලාශයේ යටතේ ලග්ගල ප්‍රදේශයේ ජනතාවට ගොවිතැන් බත් කිරිම සඳහා මෙම ගුරුවෙල නව වැව ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගිනි.

එමෙන්ම මෙම ස්ථානයට ගිය අවස්ථාවේදී එහි සේවකයෙකුගෙන් විමසිමේදී කියා සිටියේ යම්කිසි ප්‍රශ්න සහගත තත්ත්වයක් නිසා විශාල වැව් බැම්ම කපා දමන බවය. කෙසේ වෙතත් එම ස්ථානයේ වැව් බැම්ම කපා දැමීම පිළිබඳව උපදෙස් ලබාදීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ තාක්ෂණික කාර්මික නිලධාරී රජිත් රත්නවීර මහතා සිටියේය.

එම ස්ථානයට ගොස් මහවැලි අධිකාරියේ කාර්මික තාක්ෂණික නිලධාරී රජිත් රත්නවීර මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් මෙම වැව් බැම්ම කපා දැමීමට සිදු වූ බවය. ලග්ගල විල්ගමුව ප්‍රධාන මාර්ගයේ පාලමක් ඉදිකිරිම කටයුතු පවතින බවත් එම ස්ථානය ජලයෙන් යටව ප්‍රධාන මාර්ගයට ද හානිදායක තත්ත්වයක් ඇති වන නිසා වැව් බැම්ම කපා දැමීම සිදු කරන බව හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම වැව් බැම්ම නැවත ඉදිකිරීම සඳහා හෝ කපා දැමීම සඳහා කොපමණ මුදලක් වැය වෙනවාද යන්න හෙතෙම නොදන්නා බව සඳහන් කළේය.

විශාල මුදලක් වියදම් කොට වැඩ අවසන් කොට ඇති වැව් බැම්මක් මෙයාකාරයෙන් කපා දැමීම පස් ඉවත් කිරීම පිළිබඳව ප්‍රදේශවාසීන් කියා සිටින්නේ ඉංජිනේරුමය නිලධාරීන් තාක්ෂණ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව නැවත විමසා බැලිය යුතු බවය.

ලග්ගල ප්‍රාදේශිය සභාවේ සභාපති බුද්ධික සේනාරත්න මහතාගෙන් විමසීමේදී කියා සිටියේ තමන්ට ද මේ පිළිබඳව ප්‍රදේශවාසීන් පැමිණිලි කොට තිබෙන බවත් පාලම ඉදිකිරිම් කොන්ත්‍රාත්කරුවන්ගේ ප්‍රමාදය නිසා සිදුව ඇති බවත් මෙය මහා අපරාධයක් ලෙස තමා දකින බවත්ය.

මොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපෘති නියෝජ්‍ය අධ්‍යක්ෂ මහින්ද අමරසුරිය මහතාගෙන් මේ වැව ඉදිකිරිම සදහා කොපමණ මුදලක් වියදම් කළේද යන්න විමසීමේදී කිවේ තමන් වෙනත් රාජකාරියකට ගමන් කරමින් සිටින නිසා මිල ගණන් කීමට නොහැකි බවය. මෙහි සියලු ඉදිකිරීම් මහවැලි අධිකාරිය මගින් සිදුකරන බවද කිවේය .

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook