Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement


ගෝඨාභය රාජපක්ෂ පිරිසිදු ජනාධිපති අපේක්ෂකයෙකු නම් තමා විසින් ඇමරිකාවේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ ඉල්ලුම් පත්‍රය මහජනතාවට ඉදිරිපත් කළ යුතුය.

ශ්‍රී ලංකාවේ සිංහල අයෙකුට ඇමරිකාවේ දේශපාලන රැකවරණ ලබා ගැනීම සඳහා එහි නීතියට අනුව අවස්ථා දෙකක් තිබේ.
1. දෙමළ ත්‍රස්තවාදීන්ගෙන් තම ජීවිතයට තර්ජනයක් තිබෙන බවට කරුණු ‌පෙන්වීම. නැතිනම්

2. ශ්‍රී ලංකා රජයේ හමුදා‌‌වෙන් තමාට හිරිහැර කර මරණීය තර්ජන තිබෙන බවට කරුණු ‌පෙන්වීම යි.

නමුත් මෑත භාගයේ ගෝඨාභය විසින් කළ කතාවලදී කීවේ ඔහු හොඳ හමුදා නිලධාරියෙකු නිසා ඔහුට හමුදාවේ උසස් නිලධාරීන්ගෙන් හොඳ චරිත සහතික ලැබුණු බවයි.

එය එසේ නම් ඔහු ඇමරිකාවේ ‌දේශපාලන රැකවරණ ඉල්ලා ඇත්තේ අනිවාර්යෙන් දෙමළ කොටි සංවිධානයේ තර්ජන නිසා හා රජය විසින් තමාට ආරක්ෂාව ලබා නොදුන් නිසා ඔහු ඇමරිකාවේ ආරක්ෂාව පැතු බව පවසා විය යුතුය.

ඇමරිකාවේ දේශපාලන ආරක්ෂාව ඉල්ලන අය ලංකාවට බැන බැන, හමුදාවට බැන බැන, ඔවුන් මානව හිමිකම් උල්ලංඝනය කරන බවට ඇමරිකානු රජයට ඔප්පු කළ යුතුය.

එබැවින් පළමු ‌කොටම ‌ගෝඨාභය රාජපක්ෂ දේශපාලන රැස්වීම් වලදී තමා ‌දේශප්‍රේමියෙකු බව කියා ජනතාව නොමග යවන බව පැහැදිලිය.

ඇමරිකාව ආරක්ෂා කරන බවට දිවුරා පොරොන්දු වෙමි..

--------------------------------

ගෝඨාභය ලංකාවේ ජනතාව නොමග යවන තවත් කරුණක් ඇත.

ගෝඨාභය ඇමරිකාවේ පුරවැසිභාවය ලබාගැනීමේ දිවුරුම් ප්‍රකාශයේ පහත සඳහන් ප්‍රකාශය සහතික කළ යුතුය

"මා පහත සඳහන් ප්‍රකාශය සත්‍ය බවට අවංකව ප්‍රකාශ කරමි. මා සියලුම බැඳීම්, සම්බන්ධතා, රාජ්‍ය ආලය වෙනත් රටකට ඇත්නම් එය අදින් අවසන් කරන අතර තවදුරටත් ඇමරිකා එකසත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් එහි වගන්ති වලට ගරු කරන අතර යම්කිසි විරුද්ධ වාදියෙක් ඇමරිකාවේ හෝ ඉන් පිටත දී ඉදිරිපත් වුවහොත් ඔහුට විරුද්ධව නැගී සිට ඇමරිකාව ආරක්ෂා කරන බවට දිවුරා පොරොන්දු වෙමි. මෙම ප්‍රකාශය මා ඉදිරිපත් කරන්නේ ස්ව කැමැත්තෙන්, කිසිඳු පැකිලීමකින් තොරව, කිසිදු අන් පරමාර්ථයක් පිණිස නොවන බවටත්, සත්‍ය හා අවංක බවටත් දෙවියන්ගේ නාමයෙන් ප්‍රකාශ කරමි."

දැන් ලංකාවට පැමිණ ‌ගෝඨාභය ප්‍රකාශ කරන්නේ කුමක්ද? ජනතාව ‌මෙය අවබෝධ කරගත යුතුය.

ගෝඨාභය තවමත් ඇමරිකානුවෙකි..

--------------------------------

ගෝඨාභය තවමත් ඇමරිකානුවෙකි. ඔහු තවමත් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන නොමැත. ඒ ‌මෙසේය. යමෙකු ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමට ඉල්ලුම් කිරීමෙන් පසුව ඇමරිකාවේ අදායම් බදු දෙපාර්තුමේන්තු නීතියට අනුව තමන්ගේ ආදායම් වාර්තාව වසර අවසානයේ ගොනු කළ යුතුය. ඒ තාක්කල් නීතියට අනුව සම්පුර්ණයෙන් යමෙකුගේ පුරවැසිභාවය අහෝසි නොවේ. එමනිසා ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියෙක් ලෙස බදු නීතිය යටතේ සළකනු ලබයි. රාජ්‍ය භාණ්ඩාගාරයෙන් නිකුත් කරන පුරවැසිභාවය අහෝසි වුවන්ගේ නාමලේඛනයේ ‌ගෝඨාභයගේ නම මේ දක්වා සඳහන් වී නොමැත්තේ ‌මේ ‌හේතුව නිසා ය.

තවද යමෙකු ඪ්.S. 4079 පත්‍රය අත්සන් කළ පමණින් ඇමරිකානු පුරවැසිභාවය අහෝසි නොවේ. එහි ‌මෙසේ සඳහන් ය.

8 U.S. section 7701 (a) 50

(50)Termination of United States citizenship

(A) In general
An individual shall not cease to be treated as a United States citizen before the date on which the individual’s citizenship is treated as relinquished under section 877A(g)(4).

බදු නීතියට අනුව බදු ගොනු කිරීම සිදුවන්නේ එම වසරේ දෙසැම්බර් 31න් පසුවයි. එම නිසා ‌ගෝඨාභයට සිය 1040 ටක්ස් රෙටුර්න් ගොනුකළ හැක්කේ 2019 දෙසැම්බර් 31 න් පසුවය. එබැවින් ඔහු තවමත් ඇමරිකානු පුරවැසියෙක් බව ස්ථිරය.

ශ්‍රී ලංකාවේ නීතිඥවරුන්, දේශපාලන පක්ෂ, මැතිවරණ ‌කොමිසම, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ආදිය මේ පිළිබඳව නිසි අවධානය යොමු ‌නොකරන්නේ මන්දැයි මට වටහා ගත ‌නොහැකිය.

අවසාන නිගමනය..
--------------------------------

ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාවේ පුරවැසිභාවය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව විසින් ඉවත් කළ බවට සහතික කළත් බදු දෙපාර්තුමේන්තුවේ බදු නීතිය යටතේ ඔහු තවමත් ඇමරිකානු පුරවැසියෙක් ලෙස පිළිගැනේ. මේ අනුව ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතිය යටතේ ජනාධිපති අපේක්ෂත්වයට ගෝඨාභය රාජපක්ෂ පැහැදිලිවම නුසුදුස්සෙකි. ඒ අනුව ඔහු ජයගත්තද ඡන්ද ‌පෙත්සමකින් පරාජය වීම ස්ථිරය. (විනිසුරුවරුන් ඉල්ලා අස්නොවී නඩුව ඇහුවොත්) එවිට වසරකින් හමාරකින් යළි ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදුවනු නිසැක ය.

අනෙක් අතට ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරගෙන ඇත්තේ නම් ඔහුට ඇමරිකාවට පැමිණීම සඳහා වීසා ලබා ගත යුතු වේ. නමුත් ඇමරිකානු ගමන් බලපත්‍රය පුරවැසිභාවය අහෝසි කිරීමේ ක්‍රියාවලියේදී ඔහු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවට භාර දී ඇත්නම් පුරවැසිභාවය අහෝසි කිරීමේ ක්‍රියාවලිය සම්පුර්ණ වනතුරු ඔහු ඇමරිකානු පුරවැසික් ලෙස සැලකෙන බැවින් ඔහුට ඇමරිකාවට පැමිණීමට වීසා ඉල්ලුම් කළ නොහැක.

මේ පිලිබඳව ශ්‍රී ලංකාවේ සහ ඇමරිකාවේ ශ්‍රී ලාංකිකයන්ට සත්‍ය පැහැදිලි කරන ලෙසට මම ‌ගෝඨාභයට අභියෝග කරමි.

නීතීඥ රොබ්සන් සිල්වා

නිව්යෝර්ක්

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook