Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මේ රටේ පවතින වර්ජන රැල්ලේ පීතෘවරයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා බවත් ජනතාව පීඩාවට පත් නොකොට ප්‍රතිපත්ති සටනකට එන ලෙස ඔහුට ආරාධනා කරන බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පැවැසීය.

ඔහු එසේ පැවැසුවේ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයේ සංවත්සරයට සහභාගි වෙමින්ය. පිටකෝට්ටේ පිහිටි සිරිකොත එජාප මූලස්ථානයේදී පසුගියදා (4දා) පැවැති එම සම්මේලනය දී සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය. 

මේ රටේ කොඳුනාරටිය වන කම්කරු ප්‍රජාව අතරටයි මම අද පැමිණියේ. ඔබලාගේ දහඩිය සුවඳින් මම පෝෂණය වෙනවා. මේ රටේ කම්කරුවන්ගේ යුගය උදා කරන්නේ වෙන කවුරුවත් නොවේ සජිත් ප්‍රේමදාස බව මම කියනවා. 

මේ රටේ කිසිම රාජ්‍ය ආයතනයක් මොනම හේතුවකටවත් රාජ්‍ය භාවයෙන් බැහැර කරන්නේ නැහැ. නමුත් රාජ්‍ය ආයතන පාඩු ලබමින් ඉදිරියට යන්න බැහැ. මේ ආයතන ලාභ ලබන්නට නම් හවුල්කාර වැඩසටහන් ක්‍රියාවට නංවනවා. ඒත් රාජ්‍ය අයිතිය එලෙසම තියා ගන්නවා. අලුත් ආයෝජන සංකල්ප තුළින් පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත් කරනවා.

ප්‍රතිවාදීන් කුමක් කීවත් මේ රටේ එකම බිම් අඟලකටවත් අත තියන්නේ නැහැ. රටේ දේපළ, ඉඩම් සම්පත් විකුණන්නෙත් නැහැ. නොවැම්බර් 16 නිර්මාණය වන්නේ සභ්‍යත්වය, අපේකම, සංස්කෘතිය රජයන යුගයයි. 

හැබැයි ඉතින් මේව කිව්වට හරි යන්නේ නැහැ. ආයෙත් පුන පුනා අහනවා. ඒ නිසා මම මේ කාටවත් අපහාස කරනවා නෙවෙයි. හැමෝටම පුළුවන්. වෙන කාගෙවත් මුඛයකින් නෙවෙයි මේ වචන ඉදිරිපත් වෙන්නේ. මේ සජිත් ප්‍රේමදාසගේ ශ්‍රී මුඛයෙන් තමයි මේ වටිනා වචන ටික පිටවුණේ කියන එක මම කියන්න කැමැතියි. 

ජනතාව ආණ්ඩු පත් කරන්නේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාගන්න. මොකද්ද රතුපස්වල වුණේ? මේ රටේ පොඩි මිනිස්සු ඉල්ලීමක් කළා. අසාධාරණ ඉල්ලීමක් නෙවේ.

නමුත් එදා ආණ්ඩුව තීන්දු කළ ආකාරයට දුන්න උත්තරය ටී පනස් හයෙන්, බෝම්බයෙන් ජීවිත නැති කරලා. මම අහන්න කැමැතියි අද මේ ඇත්තොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ තවත් රතුපස්වලක් නිර්මාණය කරන්නද කියලා. 

ජනතාවට ආදරෙයි. මට තමයි පුළුවන් හොඳටම වැඩකරන්න කියාගෙන එනවා. හැබයි මතක තියාගන්න පොරවාගෙන තියෙන්නේ බැටලු හම. බැටලුහම ගැලවෙනවා ජනතාව ශක්තිය දුන්නොත්. ගැලවුණු හැටියේ රතුපස්වල ජනතාවට වෙඩි උණ්ඩ නිර්මාණය කරණු වෘක ප්‍රතිපත්තිය එළියට එනවා.

අපි ප්‍රජාතන්ත්‍රවාදය අගයන, මානව නිදහසට මුල්තැන ලබා දෙන, දේශපාලන ප්‍රවාහයක්, මම ජනාධිපති වුණාම නිල නිවාස, වැටුප්, ආදී කිසිවක් ලබා ගන්නේ නැහැ. අපි ආදර්ශයෙන් කටයුතු කරනවා.

අර්ථසාධක අරමුදල් කොල්ල කනවාට විරුද්ධව සටන් කරන කොට කටුනායකදී රොෂෙන් චානකලා මරා දැම්මා. මනුෂ්‍යයෝ තමන්ගේ අදහස් ඉදිරිපත් කරන කොට වෙඩි තියන්නද ජනතාව ආණ්ඩු පත්කරන්නේ?

හලාවත ධීවර ප්‍රජාව ඉන්ධන මිල වැඩි කරන්න එපා කියලා පාරට බැස්සා. ඇන්තනී ප්‍රනාන්දු මරණ මංචකයට යැව්වා.

ජනතාවගේ පැතුම අළුගෝසු ආණ්ඩුවක් නිර්මාණය කරන්නද?

ආදාහනාගාරවලට රථ පෝලිමක් දේහයන් රැගෙන යන යුගයද නිර්මාණය කරන්න කැමැති?

වර්ජනයක නිරත ආබාධිත රණවිරුවන් හමුවෙන්න මම ගියා. විසඳුමක් අරගෙන එන බවත් මම කිව්වා. මම සාකච්ඡා කරලා ගියා විතරයි හිටපු ජනාධිපතිතුමාත් ආවා. එතුමා දන්නවා මම මේ වැඩේ කරාවි කියලා. එතුමා බයවුණා. ඇවිත් තැඹිලි දුන්නා. වැඩවර්ජනවල පීතෘවරයා ඔහුයි. මම විසඳුමක් ලබාදෙන්න බලනකොට රණවිරුවො ටික එතැන නැහැ.

මේ වර්ජන රැල්ලේ හාම්පුතා වෙන කවුරුත් නෙවෙයි හිටපු ජනාධිපතිතුමා. ඒක තමයි ඇත්ත කතාව. තවමත් පවතින වැඩ වර්ජනවල පීතෘවරයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා. 

මම එතුමාට කියනවා ජනතාව හිංසනයට ලක් කරන්නේ නැතිව ප්‍රතිපත්ති එක්ක සජිත් ප්‍රේමදාස එක්ක ඕනෑම සාමකාමී සටනකට එන්න කියලා.

හිටපු ජනාධිපතිතුමනි මේ අසික්කිත, නින්දිත, කැත වැඩේ කරන්න එපා. ඔබතුමා වෙඩි නොවදින වාහනයක ගියාට පොඩි මිනිහට එහෙම යන්න බැහැ. මේ වර්ජන නිසා පොඩි මිනිහයි කරදර විඳින්නේ.

මට ජනතාව ආමන්ත්‍රණය කරන්න ඉදිරියෙන් වීදුරු අවශ්‍ය නැහැ. වෙඩි නොවදින වාහන අවශ්‍ය නැහැ. ආණ්ඩු මාරු වෙන කොට අලුත්වාහන ගෙන්වීම නතර කරනවා. ඉහළ සිටම ඒ ආදර්ශය දෙනවා. 

අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම්

අපට 1994 සිට රාජ්‍ය නායකයකු පත් කර ගන්න බැරි වුණා. අපි රැකියාවක් දෙන්න හැදුවත් ඒවාට කොතරම් බාධා ඇති වුණාද කියලා අපි දන්නවා. අපට ඕන ශක්තිමත් ආණ්ඩුවක් ලෙස වැඩ කිරීමටයි. 

අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර

පිය පුතු රැකියා කෝටා ක්‍රමය අපේ ආණ්ඩුවක් තුළින් ආරම්භ කළ යුතුයි. ඒ වගේම සෑම රාජ්‍ය ආයතනවල දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇති කර රාජ්‍ය සේවක මවුපියන්ට සහන සැලසිය යුතුව තිබෙනවා. 

විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ

වසර තුනක් තුළ 107%කින් වැටුප් වැඩි කළ එකම ආණ්ඩුව අපේ ආණ්ඩුවයි. අවුරුදු 20කට පසුව අපි ආණ්ඩුවෙන් කාලක් විතරයි අරගෙන තිබුණේ. ඉදිරි ශක්තිමත් ආණ්ඩුවක් සමඟ ඔබේ දෙපාමුලට ඇවිත් යුතුකම් ඉටු කරනවා. 

දෙනගම ධම්මික රණවීර

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook