Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

උණුසුම් දිනවල අධික ශීතල ආහාරයක් කෑමට ගත්විට අපගේ ශ්වසන මාර්ගයේ ෙසෙල වල හදිසි වෙනස්කම් ඇතිවිය හැකියි. එසේම, ශ්වසන මාර්ගය පිරිසිදු කරන ඉතා කුඩා රෝම වැනි දේවල් ශ්වසන මාර්ගයේ තිබෙනවා. එකවර ශරීර උෂ්ණත්වය පහළ යෑමෙන් මෙම රෝමකූපවලට හානි සිදුවෙන්න පුළුවන්. මෙම තත්ත්වයෙන් සෙම්ප‍්‍රතිශ්‍යාව හෝ ඇදුම වැළඳිය හැකියි.

දරුවන්ට බලපානු ලබන විවිධ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් දෙමව්පියන් බොහෝ දෙනෙකු ‘දිවයින’ ළමා රෝග සායනය වෙත ප‍්‍රශ්න ඉදිරිපත් කර තිබිණි. එම ප‍්‍රශ්න අතුරින් පොදුවේ රටේ සියලූ දරුවන්ට බලපානු ලබන සෞඛ්‍ය ගැටලූ කිහිපයකට වෛi අජිත් අමරසිංහ මහතා ලබාදුන් පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය - මාගේ දරුවාගේ වයස මාස 9යි. දරුවාට නිතර උණ වැළඳීම නිසා මම බලවත් මානසික පීඩාවට පත්වී සිටින්නෙමි. දරුවාට නිතර උණ වැළඳීම භයානක රෝගී තත්ත්වයක්ද?

පිළිතුර - මෙහිදී ඔබේ දරුවාට උණ වැළඳී ඇති බවට ඔබ තහවුරු කර ගන්නා ආකාරය ඉතා වැදගත්. බොහෝ ළදරුවන්ගේ පිට සහ හිස, ශරීරයේ අනික් තැන්වලට වඩා උණුසුම්. මෙය ස්වභාවික තත්ත්වයක්. දරුවාට නියම ආකාරයට උණ වැළඳී තිබේද යන්න පරීක්ෂා කළ හැක්කේ උෂ්ණත්ව මාපකයක් නොහොත් උණ කටුවකින් පමණයි. උණ කටුව දරුවාගේ කිහිල්ල යට මිනිත්තු හතරක්, පහක් පමණ තැබීමෙන් දරුවාට උණ වැළඳී ඇතිද යන්න නිශ්චිතවම තහවුරු කර ගත හැකියි. මෙහිදී සාමානයෙන් සෙන්ටි‍්‍රගේ‍්‍රඞ් අංශක 37.5ක් හෝ ෆැරන්හයිට් අංශක 99.5ක් උෂ්ණත්ව මාපකයේ දැක්වෙනවා නම් එම උණුසුම උණ තත්ත්වයක් නිසා ඇති වූ බවට නිගමනයකට එළඹිය හැකියි. උෂ්ණත්ව මාපකයක් නොමැතිව දරුවාගේ ඇඟ උණුසුම් වූ පමණින් දරුවාට උණ වැළඳී ඇති බවට නිගමනය කිරීම වැරදි වැඩක්.

ඊළඟට අප සොයාබැලිය යුත්තේ දරුවාට උණ වැළඳෙන්නේ කොපමණ කාලයකට පමණක්ද කියා. කුඩා දරුවකුට මසකට වරක් පමණ සාමාන්‍ය උණක් හටගැනීම ස්වභාවික තත්ත්වයක්. මෙයට බොහෝ විට හේතුවන්නේ වෛරස් අසාදනයි. මෙම අසාදන දින දෙකකට වඩා පවතින්නේ නැහැ. එසේම මේ උණ තද උණක් බවට පත්වෙන්නෙත් නැහැ. ඔබේ දරුවාට නිතර නිතර තද උණ හටගන්නවා නම්, එම උණ දින දෙකකට වඩා පවතිනවා නම්, එයට හේතුව කුමක්ද කියා වෛද්‍යවරයකු විසින් පරික්ෂා කළ යුතුයි. මෙවැනි තද උණ ඇතිවීමට මූලික වශයෙන් බලපානු ලබන්නේ මුත‍්‍රා අසාදනයි. කුඩා කාලයේ මුත‍්‍රා ආසාදන නිසි අයුරින් හඳුනා ගැනීමට නොහැකි වුවහොත් දරුවා තරුණ අවධියට පත් වෙද්දී එම අසාදන වකුගඩු ආබාධ දක්වා වර්ධනය විය හැකියි. එම නිසා කුඩා කාලයේදී නිතර නිතර තද උණ හටගන්නා දරුවන්ට මුත‍්‍රා පරීක්ෂණයක් කිරීම ඉතා වැදගත්. එම නිසා ඔබගේ දරුවාට නිතර උණ වැළඳීම පිළිබඳව වෛද්‍යවරයකුට පෙන්වා පරීක්ෂා කර ගත යුතුයි.

ප‍්‍රශ්නය - දරුවන්ට සෙම්ප‍්‍රතිශ්‍යාව තිබෙන විට නාන්න හොඳ නැහැ කියන මතයේ සත්‍යතාවක් තිබේද ?

පිළිතුර - මෙතැනදී වැදගත් වන්නේ දරුවාට සෙම්ප‍්‍රතිශ්‍යාව වැළඳී තිබේද යන්න පළමුව තහවුරු කර ගැනීමයි. සෙම්ප‍්‍රතිශ්‍යාව යනු වෛරස් ආසාදනයක් මගින් ඇතිවන රෝගී තත්ත්වයක්. මෙහිදී සාමාන්‍ය උණක් හටගැනීම, කැස්ස ඇතිවීම, නාසයෙන් හොටු දියර ගැලීම, ඇස්වලින් කඳුළු ගැලීම සහ දරුවා අනෙක් දිනවලට වඩා අපහසුතාවයකින් පෙළීම නොහොත් කේන්තියෙන් ඉන්නවා වගේ පෙනීම යන ලක්ෂණ දැක ගන්න පුළුවන් නම් එය සැලකෙන්නේ ආසාදන තත්ත්වයක් ලෙසයි. මෙම දරුවන් නෑවීම සුදුසු නැහැ. එයට හේතු වන්නේ දරුවාගේ ශරීරයේ සිදුවන වෙනස්කම් නිසා ඇතැම් විට මෙම ආසාදන ඉතා ඉක්මනින් ශරීරය පුරා පැතිර යා හැකි නිසයි. එම නිසා සෙම්ප‍්‍රතිශ්‍යාව වැළඳුනු පසු අවම වශයෙන් දින දෙකක් හෝ තුනක් යනතුරු නෑම හොඳ නැහැ කියන මතය සත්‍ය වන්නේ මේ නිසයි. නමුත්, බොහෝ දෙමාපියන් දරුවන්ගේ නාසයෙන් සොටු දියර

ගැලූ පමණින්ම දරුවන් නාවන්නෙ නැතුව ඉන්නවා. නාසයෙන් සොටු දියර ගැලීමට, සෙම්ප‍්‍රතිශ්‍යාවට අමතරව විවිධ හේතු බලපානවා. පරිසරයේ ඇති ¥විලි, දුම් සහ දේශගුණික වෙනස්කම් නිසා නාසයෙන් සොටු දියර ගලන්න පුළුවන්. එය රෝගී තත්ත්වයක් නොවෙයි. එම නිසා දරුවාගේ නාසයෙන් සොටු දියර ගැලූ පමණින්ම දරුවාට වැළඳී ඇත්තේ සෙම්ප‍්‍රතිශ්‍යාව යැයි නිගමනය කිරීම වැරදියි. ඇතැම් කාලවලදී පරිසර සාධකවලට අනුව දරුවන්ගේ නාසයෙන් දිගින් දිගටම සොටු දියර ගලන්න පුළුවන්. මෙම දරුවන් නෑවුවාට ප‍්‍රශ්නයක් නැහැ. මන්ද, නෑවීමෙන් මෙම දරුවන්ගේ නාසයේ සහ ශරීරයේ තැන්පත් වී ඇති ¥විලි ඉවත් වී දරුවාගේ සෞඛ්‍යය යහපත් අතට පත්වන නිසයි. එම නිසා සෙම්ප‍්‍රතිශ්‍යාව නොමැතිව නාසයෙන් සොටු දියර පමණක් ගලන දරුවන් නෑවුවාට ප‍්‍රශ්නයක් නැහැ.

ප‍්‍රශ්නය - නිතර අයිස් ක‍්‍රීම් කෑම නිසා ඇදුම රෝගය වැළඳිය හැකිද?

පිළිතුර - නිතර අයිස්ක‍්‍රීම් කෑම නිසා ඇදුම රෝගය හැදෙනවා යැයි කීම පොදු මතයක්. නමුත් මෙය තවම විද්‍යාත්මක පරීක්ෂණයකින් තහවුරු කර නැහැ. එම නිසා මෙම මතය එකහෙලාම බැහැර කරන්න බැහැ. අයිස්ක‍්‍රීම් හදන්නේ කිරිවලට විවිධ රසායනික ද්‍රව්‍ය මිශ‍්‍ර කර අධික ශීතලට පත්කිරීමෙනුයි. උණුසුම් දිනවල අධික ශීතල ආහාරයක් කෑමට ගත්විට අපගේ ශ්වසන මාර්ගයේ ෙසෙලවල හදිසි වෙනස්කම් ඇතිවිය හැකියි. එසේම, ශ්වසන මාර්ගය පිරිසිදු කරන ඉතා කුඩා රෝම වැනි දේවල් ශ්වසන මාර්ගයේ තිබෙනවා. එකවර ශරීර උෂ්ණත්වය පහළ යෑමෙන් මෙම රෝමකූපවලට හානි සිදුවෙන්න පුළුවන්. මෙම තත්ත්වයෙන් සෙම්ප‍්‍රතිශ්‍යාව හෝ ඇදුම වැළඳිය හැකියි. එසේම අයිස්ක‍්‍රීම් නිපදවීමේදී විවිධ රසායනික ද්‍රව්‍ය එකතුකරන නිසා අසාත්මිකතා ඇතිවිය හැකියි. මෙම රසායනික ද්‍රව්‍ය හඳුන්වන්නේ ඔක්සිඩන්ට් (ධංසා්බඑ* යනුවෙනි. ඔක්සිඩන්ට් නිසා ඇදුම රෝගය ඇතිවිය හැකි බවට විද්‍යාත්මකව සොයාගෙන තිබෙනවා. එම නිසා ඔබගේ දරුවාට අයිස්ක‍්‍රීම් කෑමට දීමේදී යම් සීමාවකට යටත්ව ලබාදීම ඉතා වැදගත්. ඒවගේම නිතර නිතර දරුවාට අයිස්ක‍්‍රීම් ලබා නොදීමට දෙමාපියන් වග බලාගත යුතුයි.

ප‍්‍රශ්නය - මාගේ දරුවාගේ වයස අවුරුදු 5යි. ඔහුට උණ වලිප්පුව තුන් වතාවක් වැළඳුනා. මෙමගින් දරුවාගේ මොළය වර්ධනයට බලපෑමක් ඇතිවෙයිද?

පිළිතුර - උණ වලිප්පුව යනු භයානක රෝග තත්ත්වයක් නොවේ. පර්යේෂණවලට අනුව දරුවන්ගෙන් සියයට දහයකට පමණ උණ වලිප්පුව වැළඳී තිබෙනවා. උණ වලිප්පුව ඇතිවන්නේ ශරීර උෂ්ණත්වය ඉහළ යෑමෙන් මිස මොළයේ අභ්‍යන්තර රෝග තත්ත්වයක් නිසා නොවේ. එසේම උණ වලිප්පුව සාමාන්‍යයෙන් විනාඩි කිහිපයකට වඩා පවතින්නේ නැහැ. ඒ වගේම අවුරුදු 5න් පසු උණ වලිප්පුව වැළඳෙන්නේ නැහැ. ඒ වගේම එමගින් මොළයට ඇතිවන බලපෑම අවමයි. එම නිසා එය වැළක්වීමට දීර්ඝකාලීන ඖෂධ ලබාගතයුතු නැහැ. ඇතැම්විට දරුවාගේ වෛද්‍යවරයා මේ සඳහා දිනක් හෝ දෙකක් ලබාදෙන කෙටිකාලීන ඖෂධ නියම කරන්න පුළුවන්. දීර්ඝකාලීන ඖෂධ ගැනීමෙන් ඇතිවන බලපෑම උණ වලිප්පුව මගින් ඇතිවන බලපෑමට වැඩි නිසා, උණ වලිප්පුවට දීර්ඝකාලීන ඖෂධ ලබාදෙන්නේ නැහැ. එම නිසා උණ වලිප්පුව වැළඳීමෙන් දරුවාගේ මොළය වර්ධනයට කිසිදු බලපෑමක් ඇතිවන්නේ නැහැ.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook