Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීමට අදාළව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලාංඡනය වෙනස් කිරීමට මෙම මස 05 වැනි දින දක්වා කල් ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

මෙම මස 05 වැනි දින වනවිට මැතිවරණයට ඉදිරිපත්වන ලාංඡනය වෙනස් කිරීමට පොදුජන පෙරමුණ කටයුතු නොකළහොත් 05 වැනි දින මධ්‍යම කාරක සභාව රැස්වී පක්ෂයේ තීන්දුව ගැනීමට තීරණය වූ බවද ඔහු පවසයි.

ඊයේ (30) රාත්‍රියේ රැස්වූ ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව වෙත නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා විසින් ශ්‍රිලනිප පොහොට්ටු සන්ධානයට අදාල කෙටුම්පත ඉදිරිපත් කර ඇති අතර එය අද ( ඔක්තෝබර් 01) පොදුජන පෙරමුණට යැවීමට නියමිත බවත් වාර්තා වෙයි.

14කට පක්ෂ සාමාජිකත්වය තහනම් - 4 ක් එළවයි !

මීට අමතරව පක්ෂයට විරුද්ධව කටයුතු කරන පළාත් පාලන ආයතන නියෝජිතයන් 14 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට තීරණය කළ බවත්, ඉන් හතරදෙනෙකු පක්ෂයෙන් නෙරපීමට තීරණය කළ බවත් දැනගන්නට තිබේ.

විනය ක්‍රියාමාර්ග අනිවාර්යයි !


මීට අමතරව දැනට පක්ෂ සාමාජිකත්වය තහනම් කර තිබෙන එස්.බී. දිසානායක, විජිත් විජයමුණි සොයිසා, ලක්ෂ්මන් යාපා, ඩිලාන් පෙරේරා හා ඒ.එච්.එම්. ෆවුසි යන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙන බවද වාර්තා වෙයි.

සිරිසේනට අගමැති ධූරය ?

මේ අතර ශ්‍රිලනිප සහය පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වෙත දිනා ගැනීම වෙනුවෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කැපකිරීමක් කරන ලෙස ගෝඨා පාර්ශවය ඉල්ලා ඇති බවටත් දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.


එහිදී ඔවුන් යෝජනා කර ඇත්තේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අපේක්ෂාවෙන් සිටින අග්‍රාමාත්‍ය ධූරය ජනාධිපති සිරිසේන වෙත දෙන බවට පොරොන්දු වී සන්ධානය ඇතිකර ගැනීමට උත්සාහ කිරීම අවශ්‍ය බවයි.

එහෙත් ඒ සම්බන්ධව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වන අතර පොහොට්ටු යෝජනා කුමක් වුවත් ඔවුන් ගැන වැඩි විශ්වාසයක් නොතබන ලෙස ජනාධිපති සිරිසේන වෙත ඔහුගේ ළඟම හිතවතුන් සහ උපදේශකයන් දන්වා ඇති බවත් වාර්තා වෙයි.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook