Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නොවැම්බර් මස 01 වැනි දින එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ වේදිකාවට එක්වීමට නියමිතව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කරයි. 

ඒ අනුව ඉදිරි සති දෙකකට ආසන්න කාලය තුළ හිටපු ජනාධිපතිනිය සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තීරණාත්මක මැදිහත්වීමක් කරනු ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ. 
2015 ජනාධිපතිවරණයේ දී විශේෂයෙන් චන්ද්‍රිකා කුමරතුංග මහත්මියගේ භූමිකාව ප්‍රබල වූ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා කිරීමේ වැඩපිළිවෙලෙහි තීරණාත්මක මැදිහත්වීමක් සිදුකරන ලදී. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස මෙවර ජනාධිපතිවරණ සටනේ දී එක්සත් ජාතික පක්ෂයට සහය දීම සම්බන්ධයෙන් පසුගිය දිනවල අඛණ්ඩව සාකච්ජා පවත්වා ඇති අතර නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය මේ වන විටත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මැදිහත්වෙමින් සිටියි. 

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය සම්බන්ධයෙන් නාමයෝජනා භාර දීමට පෙර පසුගිය මාස කිහිපයක කාලය තුළ විශාල වශයෙන් සංවාදයට බඳුන් වූ අතර මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රීලනිපයේම කොටසක් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගීමෙන් අනතුරුව ශ්‍රීලනිපයේ නාය යෑම ආරම්භ වෙමින් පැවතුණි.

කෙසේවෙතත් පක්ෂයේ වත්මන් සභාපති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ශ්‍රීලනිපය පොහොට්ටුව සමඟ සාකච්ජා වට කිහිපයක් පැවැත්වූයේ ජනාධිපතිවරණයේදී දෙපාර්ශවයට එකඟතාවකට පැමිණීම සඳහා මාර්ගය පාදා ගැනීමටය. එහෙත් අවසන් මොහොත දක්වාම ශ්‍රීලනිප තීන්දුව කල්දමමින් පැවතුන අතර අවසානයේ ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ස්වාධීන වෙන බව පැවසීය. සන්ධාන කොන්දෙසිද අහෝසි වී ගියේය. 

අනතුරුව සෙස්සන් පොහොට්ටුවට සහය පළකිරීමට තීරණය කෙරුණි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා දැඩි ස්ථාවරයක සිටිමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකිරීම ප්‍රතික්ෂේප කර ශ්‍රීලනිපය සුරැකීම වෙනුවෙන් වන වගකීම භාර ගැනීමට සූදානම් බව අවධාරණය කරන ලදී. ඒ අනුව ඔහු ශ්‍රීලනිපය සුරැකීම වෙනුවෙන් බලමුළු ගන්වමින් හිඳියි. 

එළඹෙන 05 වැනිදා ශ්‍රීලනිපය සුරැකීම සඳහා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ සමුළුවක් කැඳවීමටද නියමිතව ඇත.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook